
චීන ජනාධිපති ෂී ජින්පින් සහ බිරිඳ පෙන්ග් ලියුආන්, නිල සංචාරයක් සඳහා ඇමෙරිකාවට පැමිණියහ. චීන ජනාධිපතිවරයා සහ බිරිඳ රැගත් විශේෂ නිල ගුවන් යානය, ගොඩබෑවේ වොෂින්ටනයේ ඇන්ඩෲස් හමුදා කඳවුරටය.
චීන ජනාධිපතිවරයා පිළිගැනීමට, ඔහු පැමිණෙන තුරු ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප්, ඇන්ඩෲස් හමුදා කඳවුරේ සිටි අතර, මෙය දුර්ලභ ගණයේ සුවිශේෂී සිදුවීමක් විය
චීන ජනාධිපතිවරයාගේ මෙම ඇමෙරිකන් සංචාරය සිදුවන්නේ ජනාධිපති ට්‍රම්ප්ගේ විශේෂ ඇරැයුමකට අනුවය. ට්‍රම්ප් සමග ට්‍රම්ප්ගේ බිරිඳ මෙලානියා ද ගුවන් කඳවුරට ගොස් සිටි අතර, චීන ජනාධිපති බිරිඳ පෙන්ග් ලියුආන් උණුසුම් ලෙස පිළිගැනීම සිදු කළේ මෙලානියාය. ඒ රතු පලස මතදීය.
ට්‍රම්ප් යුවල, චීන ජනාධිපතිවරයා සහ බිරිඳ පිළිගැනීම කළේ හමුදා උත්තමාචාර මධ්‍යයේය. ඇමෙරිකන් හමුදාව සතු බී 1 බෝම්බ හෙළන ගුවන් යානා ද එම අවස්ථාවේදී, ඔවුන්ට ඉහළින් පියාසර කරන්න විය. චීන ජනාධිපතිවරයාට ගෞරවයක් ලෙස එෆ්. 22 වර්ගයේ සහ එෆ් 16 වර්ගයේ ප්‍රහාරක ජෙට් යානා, ගුවන් පථයේ පෙළ ගස්වා තිබුණි.
ඉකුත් මැයි මාසයේ ඇමෙරිකා ජනාධිපති ට්‍රම්ප්, චීනයේ නිල සංචාරයක නියැලුණි. එහිදී ට්‍රම්ප්ට චීන ජනාධිපතිවරයා ප්රමුඛ රජයෙන් හිමිවූයේ උණුසුම් පිළිගැනීමකි. ඇමෙරිකා සංචාරයකට එන්නැයි ෂී ජින්පින්ට ට්‍රම්ප් ඇරැයුම් කළේ එම අවස්ථාවේදීය.
ලෝකයේ ප්රබලතම ආර්ථික බලවතුන් වන්නේ ඇමෙරිකාව සහ චීනයයි. ඇමෙරිකාව චීනයටත් චීනය ඇමෙරිකාවටත් පනවා ඇති තීරු බදු සම්බන්ධයෙන් රාජ්‍ය නායකයන් දෙදෙනා අතරේ සාකච්ඡා කිරීමට නියමිතය.
කෘත්‍රිම බුද්ධි තාක්ෂණය සම්බන්ධයෙන් ද දෙදෙනාගේ විශේෂ අවධානය යොමුවනු ඇත. කෘත්‍රිම බුද්ධි තාක්ෂණයෙන්, චීනය ඇමෙරිකාවට වඩා ඉදිරියෙන් සිටී.
ඊට අමතරව, ඇමෙරිකා ඉරාන යුද්ධය ගැනත්, රුසියන් යුක්රේන යුද්ධය ගැනත් ජනාධිපති ට්‍රම්ප්, චීන ජනාධිපති ෂී ජින්පින් සමග සාකච්ඡා පැවැත්වීමට නියමිතව තිබුණි.
ඇමරිකානු ජනාධිපතිවරුන් විදේශීය නායකයන් පිළිගැනීමට ගුවන් තොටුපළ වෙත යන්නේ ඉතාම කලාතුරකිනි. කෙසේ වෙතත්, ට්‍රම්ප් පසුගිය වසරේ ඇලස්කාහිදී රුසියානු ජනාධිපති ව්ලැඩිමීර් පුටින් ද පිළිගත්තේ ගුවන් තොටුපොළට යමිනි.
ඇන්ඩෲස් ගුවන් තොටුපළේදී නායකයන් පිළිගැනීම ඉතා දුර්ලභ වන අතර, මීට පෙර 1962 දී ජෝන් එෆ්. කෙනඩි ජනාධිපතිවරයා බ්‍රිතාන්‍ය අගමැති හැරල්ඩ් මැක්මිලන් ද, 1959 දී ඩ්වයිට් ඩී. අයිසන්හවර් ජනාධිපතිවරයා, එවකට සෝවියට් නායක නිකිටා කෘෂෙව් ද මේ අයුරින් ගුවන්තොටුපොළේ දී පිළිගැනීම සිදුවිය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd