
ඉරාන විප්ලවීය හමුදාවේ අණසකට ලක්වුණු හෝමූස් සමුද්‍ර සන්ධිය විවෘතව තැබීමට ඇමෙරිකාවට සහාය නොදෙන්නේ නම්, නේටෝ සංවිධානයේ අනාගතය ඉතා අඳුරු වනු ඇතැයි ඇමෙරිකන් ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් අනතුරු ඇඟවීමක් කළේය.
නේටෝව යනු උතුරු අත්ලාන්තික් ගිවිසුම් සංවිධානයයි. ඇමෙරිකාව නේටා්වේ ප්‍රබල සාමාජිකයෙකු ද වෙයි. ඇමෙරිකාව සහ ඊශ්‍රායලය එල්ල කරන ප්‍රහාරවලට විරෝධය පළ කිරීමක් ලෙස ඉරානය මේ වනවිට හෝමූස් සමුද්‍ර සන්ධිය වසා දමා ඇත.
ඇමෙරිකාවට හිතවත් කිසිදු නැවකට හෝමූස් හරහා යෑමට ඉඩ නොදෙන බවට ඉරානය තර්ජනය කර ඇත. ඇමෙරිකාවට සහාය නොදක්වන යුද්ධයට සම්බන්ධ නොවන සෙසු ඕනෑම රටක නැව්වලට හෝමූස් හරහා යා හැකි යැයි ද ඉරාන රජය නිවේදනය කර ඇත.
ට්‍රම්ප්, නේටෝ රටවලින් ඉල්ලා ඇත්තේ, ඇමෙරිකාවට සහාය දක්වමින්, හෝමූස් සමුද්‍ර සන්ධියට නාවික බලඇණි එවන ලෙසටය. කෙසේ නමුත් කිසිදු නේටෝ රටක් තවමත් මීට ප්‍රතිචාර දක්වා නැත. එය ට්‍රම්ප්ගේ කෝපයට හේතුවක් වී ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්පච්චි ඉල්ලගෙන කෑවාට අපි මොනවා කරන්නද? මීට මැක්රොන්...
ඔයා අපෙන් අහලාද යුද්ධය පටන්ගත්තේ...?