IMG-LOGO

ටොෆි කා ලෙඩ වූ දරුවන් 25ක් රෝහලට

(සම්පත් සෙනවිරත්න සහ චාන්දනී දිසානායක)

ටොපි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු  ආසාත්මික වීම හේතුවෙන්  ඉබ්බාගමුව පොලගොල්ලේ  ප‍්‍රසිද්ධ පාසලක දරුවන් 25 දෙනකු සහ වැඩිහිටියන් පස් දෙනකු පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට ඇතුළත් කළ බව ගොකරැල්ල මහජන සෞඛ්‍ය කාර්යාලය පවසයි.

ඉන් අසාධ්‍ය තත්ත්වයේ පසු වූ දරුවන් 7 දෙනකු හා එක් වැඩිහිටියකු කුරුණෑගල ශික්‍ෂණ රෝහලට ඇතුළත් කර ඇත.

පාසල අසල පිහිටි කුඩා වෙළඳසලකින් ලබා ගත් ටොෆි වර්ගයක් ආහාරයට ගැනීමෙන් පසු මෙම තත්වය මුහුණ පා ඇත.

එම පාසලේ 6 සහ 7 වසර වල දරුවන් පිරිසක් මෙම ටොපිය ආහාරයට ගැනීමෙන් හුස්ම ගැනීමේ අපහසුව, ක්ලාන්තය හා කැසීම ඇතුලූ රෝගී තත්ත්වයන්ට භාජනය වී ඇති අතර ටොපි ආහාරයට නොගෙන රෝගීන් අතපත ගෑ අයට මෙන්ම දරුවන් ඇල්ලූ අයටද එකී රෝගී තත්ත්ව ඇති වූ බවත් ඔවුහු පවසති.

පොල්ගොල්ල ප‍්‍රාදේශීය රෝහලට එම දරුවන් ඇතුලත් කිරීමෙන් පසු ඔවුන් පරීක්‍ෂා කල වෛද්‍යවරයකුට හා සාත්තු සේවකයකුට ද එකී ආසාත්මිකතාවය ඇති වී ඇත.

 

 



අදහස් (1)

ටොෆි කා ලෙඩ වූ දරුවන් 25ක් රෝහලට

de silva Thursday, 26 June 2025 04:36 PM

අපට මේවා දරුවන්ට පෙන්වල දැනුවත් කරන්න පුළුවන් , සමහර විට මේවා හදුනාගෙන ආහාරයට ගැනීමෙන් වැළකිලා ජිවිතේ බේර ගන්න පුළුවන්

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි 2025 ජුලි මස 01 35 0
ස්වදේශී කොහොඹ කතරගම කිරි වෙහෙර සහ රුහුණු මහා කතරගම දේවාලය 24වන වරටත් ආලෝකමත් කරයි

ශ්‍රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික

ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන  හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES 2025 ජුනි මස 26 606 0
ශ්‍රී ලාංකීය දේපල වෙලදාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛතම සමාගම වන හෝම්ලෑන්ඩ්ස් සමුහය මෙරට ඉතිහාසයේ විශාලතම දේශීය නිවාස ව්‍යාපෘති ආයෝජනය සනිටුහන් කරමින් PENTARA RES

එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි. 2025 ජුනි මස 25 125 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ලෙස පිදුම් ලබයි.

xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි

Our Group Site