මංජුලා කොහොමද ඉතින් ජීවිතේ?
ජීවිතය ඉතා හොඳින් සතුටින් ගෙවනවා. පොඩි අයගේ වැඩත් එක්ක කාලය ගතවෙනවා දැනෙන්නෙම නැතුව.
දැන් කලාවෙන් අෑත්වෙලා කොච්චර කල්ද ?
අවුරැදු 10කට වැඩියි.
ජනප්‍රියම කාලෙදී කලාවෙන් ඈත්වෙන්නේ. ඒ ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මෙහෙමයි. තව කාලයක් හිටියා නම් හොඳ නිර්මාණ කිහිපයකට දායක වෙන්න තිබුණා. නමුත් ඩිල්ෂාන්ගෙයි මගෙයි විවාහයත් එක්ක අපි ගොඩක් විදෙස්ගතව හිටියේ. ඉතින් රංගනයට දායක වෙනවා නම් ඒ සඳහා ලොකු කැපකිරීමක් කරන්න ඕන. ඒ සඳහා කාලය හොයාගන්න අමාරැ නිසා තමයි කලාවෙන් ඈත් වුණේ.
ඩිල්ෂාන් එපා කිව්වද?
අනේ නෑ. එයත් කැමතියි ගොඩක් කලාවට.
අද වෙනකොට දුකක් නැද්ද?
හ්ම්, පොඩි දුකක් තියෙනවා. හැබැයි ඒ ඔක්කොම නැතිවෙලා යනවා ඩිල්ෂාන් ලබාගත්ත ජයග්‍රහණ ගැන මතක් වෙද්දී. දරැවෝ එක්ක කාලය ගතවෙද්දි.
ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් වීම ගැන මොකද හිතෙන්නේ?
ඇත්තටම මම ක්‍රිකට් ක්‍රීඩකයෙක්ගේ බිරිඳක් කියලා දැනෙන්නේ ඩිල්ෂාන් ක්‍රිකට් පිටියේ තරග කරන අවස්ථාවේදී විතරයි. අනෙක් හැම වෙලාවෙම අපි ගතකරන්නේ සරල ජීවිතයක්. හැබැයි ඩිල්ෂාන් ක්‍රිකට් පිටියේදී ලබන ජයග්‍රහණෙවලදී නම් මටත් නිහතමානී ආඩම්බරයක් දැනෙනවා. මොකද ඩිල්ෂාන් ගැන රටම ආඩම්බර වෙද්දී මේ මගේ ඩිල්ෂාන් කියන හැඟීම මට දැනෙන නිසා.
හරි, අපි දරැවෝ තුන්දෙනා ගැනත් මතක් කරමු?
මගේ ලොකු දුව ලිසංසා. එයාට දැන් අවුරැදු 8ක්. පොඩි දුව ලිසදි, අවුරැදු 6ක් වෙනවා. පුතාට අවුරැදු 5 යි. එයා දිහෙල.
දරැවෝ දැන් ටිකක් ලොකුයි. අායෙත් කලාවට එන්න අදහසක් නැද්ද?
ඒක නම් කියන්න නම් අමාරැයි. මොකද මට දැනුණා ඉස්සරට වඩා දැන් හැමදේම වෙනස් කියලා. අපි ඒ කාලේ කලා කටයුතුවලට සහභාගී වුණේ ලොකු ගරැත්වයකින්. මට දැනෙනවා දැන් ඒ දේවල් වලින් පොඩ්ඩක් බැහැර වුණ ස්වභාවයක්
මංජුලා ඇයි එහෙම හිතන්නේ?
මට එහෙම වුණේ මේ නිසා කියන්න අමාරැයි. මොකද දැන් මේ හැමදේම වෙනස් වෙලානෙ.
දැන් තියෙන නිර්මාණ ගැන මොකද හිතෙන්නේ?
නිර්මාණ පැත්ත ගත්තොත් හොඳ නිර්මාණ තියෙනවා. TV එක බැලුවත් අලුත් FILM දිහා බැලුවත් ඒ ගැන පේනවා.
ආරාධනාවක් අාවොත් අලුත් නිර්මාණයකට භාරගන්නවද?
තාම කාලය ඇවිත් නෑ. ඉදිරියේදී බලමු ඉතින්. හොඳ නිර්මාණයක් ලැබුණොත් ඒ ගැනත් හිතලා කාලය ගැනත් හිතලා බලනවා.
ඔබ රඟපෑ නිර්මාණවලට තාමත් ප්‍රතිචාර ලැබෙනවද?
අපෝ ඔව්. අදටත් මට කතා කරන්නේ නිලංජනා සහ ප්‍රාර්ථනා කියලා. මංජුලා කියලා කතා කරනවා අඩුයි. සතුටුයි ඒ ගැන. වසර 10ක් ගිහිල්ලත් අදටත් ඒ චරිත ප්‍රේක්ෂකයින්ට මතක තිබීම ගැන.
මංජුලා රඟපෑ චරිත වලින් කැමති චරිතය මොකක්ද?
ඇත්තටම මම ප්‍රාර්ථනා කියන චරිතයට. මම ඒ චරිතය කළේ ඒ මමමයි කියලා හිතාගෙන. ඒ තරමටම මගේ ජීවිතයට සමීපයි. නිලංජනා චරිතයත් එහෙමයි.
කොහොමද ඩිල්ෂාන්ගෙන් ලැබෙන සහයෝගය?
ලොකු සහයෝගයක් ලැබෙනවා. දැන් අපිත් එක්ක ඉන්න ලැබෙන කාලය වැඩියි. මොකද, ටෙස්ට් තරග වලට සමුදුන්න නිසා අපි ගොඩක් සතුටින් ආදරෙන් ඉන්නවා.
අනූ
ශ්රී ලංකාවේ වැදගත් පූජනීය බෞද්ධ ආගමික සිද්ධස්ථානයන් වන කතරගම කිරි වෙහෙර සහ රුහුණු කතරගම මහා දේවාලයේ 2025 ඇසළ උත්සවය, ශාකසාර සබන් සහ ශාකසාර පෞද්ගලික
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
ටෙස්ට් තරග නැති නිසා ආදරය වැඩිවුණා