ශ්‍රී ලංකා ආණ්ඩුවෙන් තානාපති පත්වීමක් ලබාපු රාජ්‍ය සේවයේ ලොක්කෙක් පසුගියදාක තමන් තානාපතිකම් කරන රටේ විදේස ඇමැතිත් එක්ක මේ රටට ආවා...
විදේස ඇමැති රටේ ලොකු මහත්තයවයි... දෙවැනි මහත්තයවයි මුණගස්වල ඒ රටින් අපට ආධාර අරව මේව ගන්නත් කතා කළා.
මෙයා රටවල් දෙකතුනක තානාපතිකම් කරපු නැගෙනහිර පළාතෙ ගමකින් ආපු පොරක්. දැන් රස්සාව කරන්නෙ යුරෝපෙට මායිම් වෙච්ච මුස්ලිම්වරැ වැඩිපුර ඉන්න පොහොසත් රටක...
ගිය ආණ්ඩු කාලෙ ප්‍රශ්න රාශියක් ඇතිවෙලා "පූල්" ගතකරලත් හිටියලු... කොහොමහරි මේ තානාපති තැන ලංකාවට ආපු ගමනෙදි තනිවම රටේ ලොකු මහත්තය හම්බවෙන්න වෙලාවක් ඉල්ලගත්ත.
හැන්දෑවක තානාපති තැනට රටේ ලොකු මහත්තය මුණගැහෙන්න එන්න කිව්ව... සාමාන්‍යයෙන් රටේ ලොකු මහත්තය මුණගැහෙන්න රාජ්‍ය නිලධාරියෙක් යනකොට සුදුසු ඇඳුමකින් සැරසී යන එක සම්ප්‍රදායක්...
ඒ වුණත් මේ තානාපති පඬිතුමා රටේ ලොකු මහත්තය ගාවට ගියේ "ටීෂර්ට්" එකකින් සැරසිලාලු... මේක ලොකු වරදක් නිගරැවක් නිසා රටේ ලොකු මහත්තය මේ තානාපති හාදයව ගෙන්නල විනය පාඩම කියල දෙන්න රටේ දෙවැනි මහත්තයට පැවරැවා...
ඒ අනුව තානාපති තැනට වහාම කැඳවීමක් ලැබුණ දෙවැනි මහත්තයගෙන්... මෙයා එතන්ට ගියෙත් වරදක් කළේ නැති ගානටලු... සාමාන්‍යයෙන් කවදාවත් තදින් කේන්ති ගන්නෙ නැති රටේ දෙවැනි මහත්තයට හොඳටම කේන්ති ගිහිල්ලයි හිටියෙ...
උන්නැහේ මේ ටීෂර්ට් තානාපතිට ඇට්ටි හැලෙන්න දුන්න... ඉස්සර හිටපු විදේශ ලේකම් තැනගෙ නමත් කියල කීව උන්නැහේ හිටිය නම් තමන්ට යන එන මං නැතිවන බවක්...
"හම" යනකම් බැණුම් අහපු තානාපති තැන "අපත" සයිස් එකට පත්වෙලා එළියට ආව... ළඟදීම මෙයා කරපු කෝලමට දඬුවම දෙන්නලු යන්නෙ.
එදා මෙදාතුර ශ්‍රී ලාංකීය දේපල වෙළදාම් ක්ෂේත්‍රයේ දැවැන්තම සහ අති සුඛෝපභෝගී නිවාස සංකීර්ණ ව්‍යාපෘතිය වන Pentara Residencies තුන්මුල්ල හංදිය ,The Address in Colombo එළි දැක්වීම
xඅඛණ්ඩව 8වන වරටත් ‘ඉහළම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය‘ ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) නැවත වරක් මෙරට ඉහලම ජනාදරයට පත් ජීවිත රක්ෂණ සන්නාමය ලෙස LMD හි
සීඝ‍්‍රයෙන් පරිවර්තනය වෙමින් පවතින ශ‍්‍රී ලංකාවේ සෞඛ්‍ය සේවා ක්ෂේත‍්‍රයට නායකත්වය දෙන හේමාස් රෝහලේ අලූත්ම හඳුන්වාදීම හේමාස් හෙල්ත් ප්ලස් ( Hemas Health P
ටීෂර්ට් තානාපති