මාතර දිස්ත්‍රික්කයෙන් තරග කර පරාජයට පත් වූ ජනතා විමුක්ති පෙරමුණේ හිටපු මන්ත්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතාට ජාතික ලැයිස්තු මන්ත්‍රී ධුරය දුන්නේ තමාගෙන් විමසා යැයි ජවිපෙ ලේකම් කියා තිබූ ප්‍රකාශයේ සත්‍යතාවක් නැතැයි නීතීඥ ක්‍රිෂ්මාල් වර්ණසූරිය මහතා කියයි.
ඔහු මේ බව කියනුයේ සිය ෆේස්බුක් පිටුවේ සටහනකිනි.
ජනතා විමුක්ති පෙරමුණේ ජාතික ලැයිස්තුවේ දෙවැනි තැනට සිටියේ වර්ණසූරිය මහතා ය.
මෙවර ජනතා විමුක්ති පෙරමුණට ජාතික ලැයිස්තුවේ මන්ත්‍රී ධුර දෙකක් ලැබුණු අතර ඒ සඳහා හිටපු විගණකාධිපති සරත් මායාදුන්නේ මහතා සහ සුනිල් හඳුන්නෙත්ති මහතා පත් කරනු ලැබූහ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේ වගේ සාමූහික වගකීමක් නැති , තනතුරු වලට ආස මිනිස්සු ජ.වී.පෙ. ට ගැලපෙන්නේ නැහැ කොහොමත්.(ම)
ලංකාවේ මහජනයා හරි බුද්ධිමත්නේ ..... (නි)
කිව්ව දේ කල යුතු යි. එහෙම කොකරන එකා වසලයෙකි.(නදී)
හොඳ වෙලාවට වැඩි ආසන ගානක් ආවේ නැත්තේ. ආවා නම් ජාතික ලැයිස්තුවෙන්ම තව කීපදෙනෙක්ම බිහිවෙන්න තිබුනා. පක්ෂයට ආවේණික හික්මීමක් නැති අයත් එක්ක ඔය ගමන යන්න බැහැ කියලා ජනතා විමුක්ති පෙරමුණ දැනගන්න ඕනෑ. (නි)
හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටිය යුතුම කෙනෙක් නම් ඇයි ඡන්දය ඉල්ලන්න දැම්මේ? අමාරුවේ දාන්නද? පැත්තක ඉඳලා ඡන්දය දුන් මිනිසුන්ට එපා කරවන්නද? (නි)
ඇයි ජවිපෙ මෙවැනි මිනිසුන් තම ජාතික ලැයිස්තුවට දාගත්තේ?පාර්ලිමේන්තුවට ගියා නම් කොහොමට තියේවිද? ජවිපෙ මේවායින් යමක් ඉගෙනගන්න. සුනිල් හඳුන්නෙත්ති යනු පාර්ලිමේන්තුවේ සිටියයුතු ජනතා සටන්කාමියෙකි. අපි ඒ තීරණයට එකඟයි. (නි)
හඳුන්නෙත්ති පාර්ලිමේන්තුවේ සිටියයුතුම කෙනෙක්. (නි)
හඳුන්නෙත්ති සහෝදරයා පාර්ලිමේන්තුවේ සිටිය යුතුයි.අනික තනතුරු වලට ආශාකරන අය ජ.වි.පෙට හරියන්නේ නැහැ. මොහු ගැන දැන්ම දැනගත්ත එක හොඳයි.අද තනතුරු වලට ආශාකරන කෙනා හෙට පක්ෂය පාවාදෙන්න පුළුවන්... (නි)
හඳුන්නෙත්ති කියන්නේ සිටියයුතු පුද්ගලයෙක් (නි)
මේ වගේ තනතුරු වලට ආශාකරන අය ජ.වි.පෙට හරියන්නේ නැහැ. දීපු නැති එක හොඳයි. (නි)
ඔය දෙක දෙන්න ඕනෑ හඳුන්නෙත්තිටයි, ලාල් කාන්ත හෝ සමන්තටයි. ජවිපෙ දේශපාලනය දන්නේ නැති මිනිස්සු දාගෙන ඒ මිනිස්සු කරන පිස්සු වැඩ වලටත් ජවිපෙට දවසක වගකියන්න වෙයි. අනික කොච්චර උගතෙක් වුණත් ජවිපෙ කරන කැපකිරීම කරන්න බැරිනම් ඒ උගත්කමින් වැඩක් නැහැ. (නි)
නීතිඥ පට්ටමට මන්ත්‍රී පට්ටමකුත් එකතුකරගත්තම ඉතින් නඩුවලටත් වඩා හොඳයි නේ. (බ)
ආසනය දෙන්නත් කලින් මෙහෙම නම් ආසකය ගත්තහම කොහොම වෙයිද? (නි)
හඳුන්නෙත්ති මහතා පාර්ලිමේන්තුවේ සිටිය යුතුම අයෙක්. (නි)
ඔහු මිනිස්සු වෙනුවෙන් කතාකළත් මිනිසුන්ගේ දැනීමට අනුවයි ඡන්දෙ දුන්නේ. නමුත් ඔහු පාර්ලිමේන්තුවේ ඉන්න ඕනෑ කෙනෙක් (නි)
වර්ණසුරියට වඩා සිය ගුණයක් හදුන්නෙත්තිට ජනතා සේවය කල හැකියි. (නදී)
ඉවසන්න හඳුන්නෙත්ති නව පාර්ලිමේන්තුවට අත්‍යවශ්‍යම කෙනෙක් (ම)