ශ්‍රී ලංකාවේ බැංකු කිහිපයක ස්වයංක්‍රීය ටෙලර් යන්ත්‍රවලින් හොරෙන් මුදල් ගත් තිදෙනා සම්බන්ධයෙන් ක්‍රියා කළ යුතු ආකාරය සොයා නීතිපති උපදෙස් පතා ඇතැයි රහස් පොලිසිය කොළඹ ප්‍රධාන මහේස්ත්‍රාත් ගිහාන් පිලපිටිය මහතා හමුවේ අද ප්‍රකාශ කළේය.
ලෝගේෂ්වරන් මනිමාලම්, ආනන්ද කුලදීපම් හා බාල සුබ්‍රමනියම් උදයනන් ටෙලර් යන්ත්‍රවලින් රුපියල් හත් ලක්ෂ විසි දහසක් හොරෙන් ලබා ගෙන ඇතැයි රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ලෝගේෂ්වරන් නම් සැකකරු බ්‍රිතාන්‍යයේ සිටින හෙයින් ඔහු බ්‍රිතාන්‍ය පොලිසිය ලවා අත්අඩංගුවට ගෙන ශ්‍රී ලංකාවට පිටුවහල් කරවා ගැනීම ගැන සාකච්ඡා කරන බව ද රහස් පොලිසිය අධිකරණයට දැන්වීය.
ශ්‍රී ලංකාව හා ඉන්දියාව අතර කාඩිෆ් පිටියේ දී පැවැති දෙවැනි අවසන් පූර්ව වටයේ ක්‍රිකට් තරඟයේ දී කොටි කොඩියක් රැගෙන පිටියට පැන්න පුද්ගලයා ඔහු බව ද රහස් පොලිසිය කීවේය.
සෙසු සැකකරුවෝ යළි රිමාන්ඩ් කරනු ලැබූහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක අහන්න ඕනෑ අර අහවලාගෙන්. බලාගෙන යනකොට පොඩි අය කරන්නේ මහා අය කරපු දේමයි. ඔහොම යමු! (නි)