ඔහු ඇමැතිවරයෙකි. යුරෝපීය ඇඳුමට වඩා ජාතික ඇඳුමක් මසා ගැනීමට ඔහුට සිත් විය. කොළඹ නම ගිය ටේලර් සාප්පුවකට ගොස් ගණන් මිමි දුන්නේය. ඇනවුම බාර ගැනීමට ගියේය.
බිල රුපියල් 29,500 කි. පළපුරුදු මේ දේශපාලනඥයා බිල දැක වෙළඳ සහායකයාට කෑ ගැසුවේය. වට්ටමක් ඉල්ලා සිටියේය. ඔහු වෙව්ලමින් බොස්ට ඇමතුමක් ගත්තේය. ඇමැතිට ටයි පටියක් හා මේස් බැනියමක් නොමිලේ දෙන්නැයි බොස් අනෙක් පැත්තෙන් උපදෙස් දුන්නේය. සේරම සල්ලි ටික ගන්නැයිද උපදෙස් දුන්නේය. තෑග්ගද ඇනවුමද බාර දුන්නේය. ඇමැති රුපියල් 24,500ක් ගෙවා යන්නට යද්දී සේවකයා සර්, සර් කියමින් පස්සෙන් ගියේය. 5000ක් අඩු බව කීවේය. ‘බොස්ට කියනවා ඔච්චරයි මගෙ ළඟ තියෙන්නේ කියලා‘ යැයි ඇමැති ටේලර් සාප්පුවෙන් පිටව ගියේය.
ඔහු යහපාලනයට සම්බන්ධ ඇමැති කෙනකු බව කියති.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසියට පැමිණිලි කරන්න. ඇඳුමක් ඇඳගෙනද එයා හිටියේ? (නි)
බලු මැක්කෝ කොට්ටය උඩ තියන්න බැහැනේ! (නි)
රුපියල් විසිනමදාහක් යනවද ඇඳුමකට? අනේ මන්දා අනෙක ජාතික ඇඳුමකට? මහන්න දෙන්න කලින් බිල දන්නේ නැද්ද? අනෙක එතුමලාගේ අතේ වුණත් ඔයතරම් සල්ලියක් කොයින්ද? තවම පත්වුණා විතරනේ. ටිකක් ඉන්නකෝ. ඡන්දෙටත් බරට වියදම් කරලා හරි අමාරුවෙන් ඉන්නේ (නි)
රටක ඇමැති කෙනෙක් මේවාගේ වැඩ කරාවිද? (ම)
යහ පාලනේ හොරු නැහැ. (අ)
කව්ද මේ ජෝන් බාස්, නොගැලපෙන මාතෘතාව අපට ඉඟි සපයයි. (අ)
දේශපාලකයෝ පොලු තියන බව දන්නේ නැද්ද? කතානායකතුමාට ලියන්න. ලැජ්ජා නැතිකම ඇමතිකමට වඩා ලොකුයි (නි)
මේක හරියට කිරි මුට්ටියට ගොම බිඳක් දැම්මා වගේ. ඒක කරපු කෙනාගෙන් හිඟ මුදල ගන්න. (නි)
මෙයා කවුද කියලා මට නම් හිතාගන්න පුලුවන් (නි)
පසුගිය රජය කාලයේ මට මතකයි ගොඩක් දේවල් (නි)
අනේ මෙහෙමත් දේශපාලකයෝ? (නි)
ජාතික ඇඳුමට ටයි පටියක් නොමිලේ? අලුත්ම වෙළඳ ප්‍රවර්ධන ක්‍රමයක්. (නි)
හඃ හඃ හා ! ඕක ඉතින් ඉතාම සාමාන්‍ය දෙයක්. ලංකාවේ දෙස්පාලුවෝ පොලු තියන්න හරිම දස්සයි. හිටපු ආණ්ඩුවේ කට්ටිය රජයේ ආයතන වලට පොලු තිබ්බ. රජයේ වියදමින් සැප වින්ද. කැලණියේ එක්කෙනෙක් රෙදි සාප්පුවකටත් පොලු තිබ්බේ. දැන් අලුත් කට්ටිය කීප දෙනෙක් මේ විදිහට පුද්ගලික ආයතන වලට පොලු තියන්න පටන් අරන්. දැන්ම මේවගේ සිද්ධි වලට ඇක්ෂන් නොගත්තොත් වැඩේ දරුණු වේවි. ආණ්ඩුවේ ලොක්කොයි කථානායකයි සද්ද නැති නිසා ජනතාව පක්ෂ බේදයෙන් තොරව නැගී සිටිය යුතුයි. (බ)
ජාතික ඇඳුමකට 29,500ක් ගන්න මොනවයින්ද මහලා තිබුනේ? (නි)
ගොම මුට්ටිවල කිරි කොයින්ද?. “ගොම මුට්ටියට අසූචි මිශ්‍ර වුණා වගේ" කියා එය තරමක් නිවැරදි කරමු. (බ)
බය නැතුව ගිහින් පැමිණිලි කරන්න. නැත්නම් අනිත් 5000 දෙනතුරු ඇඳුම් ටික දෙන්න එපා.තාමත් මේ මිනිසුන් තමන්ගේ තනතුරේ ගරුත්වය රැකගන්න දන්නේ නැහැනේ (නි)
නන්දලාල්, මොන කිරි මුට්ටිය ගැනද ඔයා කතා කරන්නේ? (නි)
දැන් ඉස්සර වගේ සුදු වෑන් නැ. එක නිසා වැඩේ ඇත්ත නම් කෙලින්ම නම් ගම් එළි කරන්න (ම)
නන්දලාල්, කොහෙද ඔය කිරිමුට්ටිය තියෙන්නේ. ගොම හලියකුඉ අච්චාරු හැලියකුයි තියෙන්නේ. (ම)