(විමුක්ති එස් රුද්‍රිගු)
ප්‍රසිද්ධ ඉන්දීය ටෙලිනාට්‍ය රංගන ශිල්පිනියක වන ටුනීෂා ෂර්මාගේ සිරුර, මහරාෂ්ට්‍ර ප්‍රාන්තයේ පල්ගර් දිස්ත්‍රික්කයේ සිදුකළ රූගත කිරීමක් අතරතුර ඇයගේ වේශ නිරූපණ කාමරයේ එල්ලෙමින් තිබියදී මහරාෂ්ට්‍ර පොලිසිය සොයා ගත්තේය.
රූගත කිරීම් අතරතුර ෂර්මා සනීපාරක්ෂක පහසුකම් භාවිත කිරීමට ඇයගේ වේශ නිරූපණ කාමරය වෙත ගියත් බොහෝ වේලාවක් නොපැමිණීම හේතුවෙන් දොර කඩා බැලීමේදී ඇයගේ සිරුර වේශ නිරූපණ කාමරයේ එල්ලෙමින් තිබුණු බව මහරාෂ්ට්‍ර පොලිසිය පවසා ඇත.
අලි බබා දස්තාන් ඊ කාබුල් කතා මාලාවේ ප්‍රධාන චරිතය ටුනීෂා ෂර්මා නිරූපණය කළාය.ටුනීෂා ෂර්මාගේ මරණය පිළිබඳ විමර්ශන කටයුතු ආරම්භ කර ඇතැයි මහරාෂ්ට්‍ර පොලිසිය සඳහන් කර තිබේ.
ටුනීෂා ෂර්මාගේ මරණය සම්බන්ධයෙන් අලි බබා දස්තාන් ඊ කාබුල් කතා මාලාවේ නළුවකු වන ශීසාන් ඛාන් මහරාෂ්ට්‍ර පොලිසිය අත් අඩංගුවට ගනු ලැබ ඇත.
ටුනීෂා ෂර්මා හට සියදිවි නසා ගැනීමට අනුබල දීම, පෙළඹවීම යන වරද යටතේ සැකපිට ශීසාන් ඛාන් අත් අඩංගුවට ගත් බව මහරාෂ්ට්‍ර පොලිසිය සඳහන් කර තිබේ.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd