
(යොහාන් භාසුර)
ටෙලිනාට්‍ය කර්මාන්තයේ අභිවෘද්ධිය වෙනුවෙන් අවශ්‍ය යටිතල පහසුකම් සහ අනෙකුත් සේවා උපරිම අයුරින් සම්පාදනය කිරීමට රජය ක්‍රමවත් වැඩපිළිවෙළක් සැලසුම් කර ඇතැයි සෞඛ්‍ය හා ජනමාධ්‍ය අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා පැවසීය.
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ (ටෙ.ලි.නි.ස) විධායක සභිකයින් සමග ජනමාධ්‍ය අමාත්‍යංශයේදී පැවති සාකච්ඡාවකදී අමාත්‍ය වෛද්‍ය නලින්ද ජයතිස්ස මහතා එසේ පැවසීය.
හරවත් සහ ගුණාත්මක ටෙලි නාට්‍ය නිර්මාණ ප්‍රේක්ෂකයන්ට දායාද කිරීම අරමුූණ කර එම ක්ෂේත්‍රයේ නිරත වුවන්ගේ දැනුම, හැකියාව සහ නිර්මාණශීලීත්වය ප්‍රවර්ධනය කිරීමට වැඩසටහන් සම්පාදනය කර ඇති බව කියන අමාත්‍යවරයා ටෙලි නාට්‍ය රූපගත කිරීමේදී අවශ්‍ය වන රාජ්‍ය ආයතන සතු දර්ශන තලයන් ඉතා සහනදායී ගාස්තුවකට දීම, ටෙලි නාට්‍ය නිෂ්පාදන ක්‍රියාවලිය ආරම්භයේ සිටම යම් ප්‍රමිතිගත ක්‍රමවේදයකට කිරීම සහ ටෙලි නාට්‍ය සමාජ මාධ්‍ය තුළින් විකාශය කිරීමේ දී උපයන ආදායමෙන් යම් සාධාරණ ප්‍රතිශතයක් නිෂ්පාදන පාර්ශවය වෙත ලබාදීමට කඩිනම් වැඩපිළිවෙළක් සකස් කරන බව ද සඳහන් කළේය.
ටෙලි නිර්මාණවේදීන්ගේ සංසදයේ වත්මන් සභාපති චන්දන ලියනගුණවර්ධන, ප්‍රධාන ලේකම් සුනිල් කොස්තා, ප්‍රධාන සංවිධායක රාජා රණසිංහ, උප සභාපති පරාක්‍රම නිරිඇල්ල සහ විධායක සභික රවීන්ද්‍ර ගුරුගේ යන මහත්වරු ඇතුළු නිර්මාණවේදීන් පිරිසක් සහ ජනමාධ්‍ය අමාත්‍යංශයේ නිලධාරීහූ මෙම අවස්ථාවට සහභාගී වුහ.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ "රන්මිණි තැන්න" කියලා නාඩගම් ගම්මානයක් මහජනතාවගේ බදු මුදලින් හැදුවා නේද..? ඒකට මොකද වුනේ..? සමහරක් නිළියන්ට එතැන නිදා ගත්තාම පාලකයින්ගේ රූපේ මැවිලා පේනවාලු... සමහරක් නළු නිලියෝ ඔය ගම්මානේ ඇතුලේම පාලකයින්ට ආවඩන්න කඩ දමාගත්තා අපි දැක්කා... සමහර මෝඩ ජෝකර්ලා තානාපති කම් වලටත් කෙල හලාගෙන හිටියලු නේද...? පුළුවන් කාලේ ජොලි අවසානයේ අසනීපෙටත් රජයෙන් සහ මහජනතාවගෙන් හිඟාකන නාඩගම් කාරයින් රැලක් තමයි ලංකාවේ ඉන්නේ... දක්ෂ කලාකරුවන්ට ලංකාවේ තැනක් නැහැ. මුදලට කෑදර නලා කාරයින් පෞද්ගලික රුපවාහිනී චැනල් බඩ පිනුම් ගහනවා...
අතහිත දෙන්න කළින් ලංකාවේ ප්‍රචාරය වීමට ඇති ටෙලි ගැනත් මොලේ ඇතිව බලන්න. සමහරක් ටෙලි ළමයි එක්ක බලන්න පුළුවන්ද?
ලංකාවේ සිනමා, නාට්‍ය කර්මාන්තය වැටිලා. ගොඩන්න එක ප්‍රයෝගික නෑ. ඊට වඩා හොදයි Netflix වගේ සමාගම් එක්ක ගනුදෙනු කරනා එක.
රාජ්‍ය ආයතන දර්ශන තල කාගෙද තියෙන්නේ? රාජ්‍ය සේවකයන්ට රඟපෑමට වරම්.. ශෝක් අනේ... නාට්‍යය රූගත කර අවසන් වුණාම දර්ශන තලය යථා තත්වයට පත්කිරීමට ජනතා බදුමුදලත් වෙන් කරන්න.