උතුරු පළාත් සභාවේ ටෙලෝ මන්ත්‍රී එම් කේ සිවාජලිංගම් මහතා පමණක් මුලතිව්හි මුල්ලිවයික්කාල් අවසන් සටන පැවැති යුද පිරියේ පොදු සමිති සංගම් ශාලාවේ දී සාම විනිසුරු කේ මයිනර් පෙරුමාල් මහතා ඉදිරියේ අද දිවුරුම් දුන්නේය.
යුද සමයේ තම ඥාතීන් පනස් දහසක් පමණ එම ප්‍රදේශයේ දී මිය ගිය බවත්, ඔවුන්ට සාධාරණය ඉටු කරන බවට පොරොන්දු වීම වස් එහිදී දිවුරුම් දුන් බවත් සිවාජ ලිංගම් මහතා කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මෙයාල හිතන් ඉන්නේ සිංහලයෝ මොලයක් නැති අය කියලද ...අපෙත් යාලුවෝ ..නෑදෑයොත් යුද්දේ නිසා නැති උනා..ඒවා ගැන කතා කරන්න කවුරුත් නැහැ. (ස)
අමතක වෙලාද මන්ද තාමත් ඉස්සර හිටපු අයමනේ (දිල්)
දිව්රන්නේ එහෙ- පඩි අපෙන්- හොරසල්ලි කැනඩාවෙන්..(දිල්)
මෙයට අමතක වෙලා වගේ මෙයගෙ සංවිධානේ අයව ප්‍රබාකරන් පවුල් පිටින් මරපු හැටි...... මම නම් කියන්නේ මේ වගේ දේවල් නැත්තටම නැති වෙනකන් කිසිම කඳවුරක් ඉවත් නොකල යුතුයි කියන එක. (ස)
දකුණේ සහ ඉතිරි පළාත්වල සිංහලයන්ගේ අයිතිය රැක ගැනීමට තැත් කරන කණ්ඩායම් වලට විරුද්ධව කෑගසන අයට මේවා පෙනෙන්නේ ඇහෙන්නේ නැද්ද? (නි)
පුල්ලි මතු වෙලා.(දිල්)
සිවාජලිංගම් උන්නැහේ ,ඔහේ යන එන තැන්වලට පාන් භාගයක් අරන් යන්න.වෙලාවක පරිප්පු හම්බවෙයි. පරිප්පු ඉල්ලගෙන කන්න ඕනේ නෑ.නිකම්ම හම්බවෙයි. (දිල්)
ඒ එක්කම දිව්රන්න ඇති ඉන්දියාවත් එක්ක එකතුවෙලා ආයෙම කොටින්ට පනදෙන්නම් කියල ; ඒ ගොල්ල යන්නේ එයාලට ඕන ගමන් (දිල්)
මර්.සිවාජලිංගම්,මල අය මලා. ජිවත් වෙලා ඉන්න අයටවත් යහපතක් කරන්න බලන්න.වෛරය හිතේ තියන් කටයතු කරන්න එපා (දිල්)
ඔතන කිසිම හරයක් නෑ. පිටරට ඉන්න උන්ගෙන් කීයක් හරි කඩා ගන්න උප්පර වැට්ටියක්ම තමයි. (ස)
මේ රටේ තව වීරයන් බිහි වෙනවා හැමදාම.අපේ වීරයෝ පුල්ලි ටික නම් ගැලෙව්වා. (නි)
යුද්ධය යන අතරේ නියම ත්‍රස්තවාදීන් සාමාන්‍ය මහජනතාවට මුවාවෙලා පැනලා ගියා. හරියට හොයලා බලලා අත් අඩංගුවට ගත්තේ නැති එකේ වැරැද්ද තමයි. දැන් හරි කමක් නැහැ අත්අඩංගුවට ගන්නයි තියෙන්නේ. (නි)
ලැජ්ජා නැති කම මහා මුදලිකමට වැඩිය ලොකුයි. (ස)
වැඩිකල් නොගොස් දූරදර්ශී තීරණයක් ගන්නා එක තමා හොදම දේ (නි)
තව හමුදා ශක්තිය වැඩි කරන්න ඕන. (ස)
කිලිනොච්චිය ඇල්ලීම මරණය සිප ගැනීමක් වැනි යැයි කියූ අයට සිදුවුණ දේ මතකයි නේද? (නි)
එයාගේ අම්මා පව්. කිඹුහුම් යනවා ඇති. (ස)
එයා දිවුරන්නේ ලංකාවේ ආණ්ඩු ක්‍රම ව්‍යවස්ථාව ආරක්ෂා කරනවා කියලා ඊට විරුද්ධව කටයුතු කළ ත්‍රස්තවාදී සංවිධානයක කේන්ද්‍රස්ථානයක. ශ්‍රී ලාංකිකයෙක් විදිහට ඔය මහත්තයා කටයුතු කළොත් හොදයි (නි)
සාධාරණය කරන්නේ කොහොමද කියලා අපිටත් ආසයි බලන්න (නි)
පුදුම පවුලක්නේ? නෑදෑයෝ පන්දහසක්? (නි)
කොටි බෝම්බ කාපු අපිට තමයි කිසිවක් ඉතුරුව නැත්තේ (නි)
විකාර කතා කියන්නේ නැතුව මැරුණා කියන අයගේ අනන්‍යතාව සහතික කරන්න පුළුවන් නාම ලේඛනයක් පුලුවන් නම් ඉදිරිපත් කරන්න,ඇයි ඒක කරන්න බැරි මේ අයට? (නි)
කාටවත් තේරෙන්නේ නැහැ කවුද යුද්ධය පටන් ගත්තේ කියලා (නි)
අපි හොඳට බලාගනිමු එයාලව (නි)
මේ කියන්නේ පළාත් සබා වල මට්ටම... (නි)
ප්‍රභාකරන්ගේ නියම තත්ත්වය එළියට ගන්න පුළුවන් නායකයෙක් වේවා! (නි)
කොහේ ඉදන් දිවුරුවත් රට පෙරලන්න හැදුවොත් පනස් දාස් එකේ අංකය ලැබෙන බව මතක තියාගන්න.(නදී)
ඕනෑ තැනක දිවුරන්න. අපේ මොකෝ? හැබැයි ජාතිවාදය අවුස්සලා දෙමල මිනිසුන්ගේ කරපිටින් ගිහිල්ලා වැජඹෙන්න හදන්න එපා (නි)
ප්‍රභාකරන් ඇතුළු ඥාති පිරිසම එන්නැති උත්සවයට , මෙයා මෙහෙ තනිවෙලා කියල ඉක්මනින්ම එයාල ලගටම ගනීවි ,.....පිස්සෙක්,(නදී)
දැන් 50,000 ද...(අ)
දැන් බොරු සෝභන දාන්නෙ නැතිව සටනෙදි ප්‍රභාකරන් එක්කම ඔතන මිහිදන් වුණා නම් මීට වඩා නම්බුයි නේද ? (අ)
තමුන්නැහේ මොකක්ද හැබැටම ඔය මැරුණාය කියන අයට ඉටු කරන සාධාරණය? ආපහු පන දෙන්න වත් ද?(නදී)
ඔබතුමාට ආසා ඇති නේද නෑදෑයෝ එහෙම බලන්න යන්න. (නි)
දැන් ඕවට පන දෙන්න හැදුවට වැඩක් නැහැ. එයටත් එයාගේ කට්ටිය ගිය දිහාවට යන්න හිතිලා වගේ..(අ).
දිවුරුම් දීමකදී කරන ප්‍රකාශයක් තියෙනවා. මෙය එක කරලා නැත්තම් ඒ දිවුරුම් දීම නිත්‍යානුකූල නෑ. (ස)
දැන්වත් උතුරේ අහිංසක ජනතාවගේ හිත දූෂ්‍ය නොකර ජනතා සේවයට කැපවෙන්න.මිය ගිය පන්දහසක් වෙනුවෙන් තව දසදහසක් අහිංසක ජීවිත පූජා නොකරන තැනට වැඩ කරන්න.. ඔබට... ජය....වේවා.....!!! (ස)
යුද්දේ දවස්වල මොවුන් හිටියේ පිටරටවල් වල. දැන් මෙතන මැරුන මිනිස්සු ගැන බොරු ගහනවා. අපේ ශ්‍රී ලංකාවේ නීතිය රකිනවා කියල නෙවෙයිද දිවුරුම් දුන්නේ. (ස)