IMG-LOGO

2025 දෙසැම්බර් මස 30 වන අඟහරුවාදා


ටෙලි නාට්‍යවලට ආරාධනා නැද්ද?

2016-04-01-ent-01
 

මේනකා මේ ගෙවෙන්නෙ බොහොම කාර්ය බහුල කාලයක්ද? නැත්නම් විවේකීවද ඉන්නෙ?

2016-04-01-ent-04මේ දවස්වල චිත්‍රපටයක රූගත කිරීම් සිද්ධ වෙනවා. අර්ජුන් කමලනාත් මහත්මයා තමයි අධ්‍යක්‍ෂණය කරන්නෙ. මේ දවස්වල විශේෂයෙන් කියලා කෙරෙන්නෙ ඒ චිත්‍රපටයේ වැඩ තමයි.

 

ටෙලි නාට්‍යවලට ආරාධනා නැද්ද?

ටෙලිනාට්‍ය කිසිදේකට සම්බන්ධ වුණේ නෑ. මොකද පහුගිය අවුරුදු එකහමාර පුරාම මම මගේ ව්‍යාපාර කටයුතු වෙනුවෙන් තමයි වෙහෙසුණේ. ඒත් එක්කම මට ලැබෙන්නෙම එකම වගේ චරිත නිසා මම නිර්මාණ බාරගන්න පසුබට වුණා. වෙනස් චරිතයකට ආරාධනා ලැබු‍ණොත් කරනවා.

 

එළඹෙන අලුත් අවුරුද්ද වෙනුවෙන් සූදානම් කරලා තියෙන වැඩසටහන්වලට සම්බන්ධ වෙනවද?

අනිවාර්යයෙන් සහභාගී වෙනවා. දෙරණ සහ සිරසත් එක්ක තමයි අවුරුදු වැඩසටහන් කරන්නෙ. දෙරණේ දැනටමත් වැඩ සටහන Shoot කරලා ඉවරයි. ඊළඟ තියෙන්නෙ සිරසේ වැඩසටහන.

 

දැනට ටෙලිනාට්‍ය සඳහා දායක වෙන්න ලැබුණු චරිත ගැන මොකද හිතෙන්නෙ?

මම හිතනවා ඒ චරිත සාර්ථක වුණා කියලා. ඒ නිසානේ අදටත් ප්‍රේක්ෂයන්ට අපිව මතක තියෙන්නෙ. සමහරු ඒ චරිතවල නම් වලින් පවා කතා කරනවා. ඉතිං මම හිතනවා අදාළ නිර්මාණයේ සාර්ථකත්වය වෙනුවෙන් ඒ චරිතවලට සාධාරණය ඉටු කළා කියලා.

 

තාමත් කරගන්න බැරි වුණ ඔයා ආසා කරන චරිතයක් තියෙනවද?

එහෙම එකක් කියලා නෑ. මෙතෙක් කරන්න වුණ චරිත වුණත් මම එතරම් කැමති නෑ. සනත් අබේසේකර මහත්මයාගේ තිර ගත වුණ මහරජ අජාසත්ත චිත්‍රපටයේ මම කරපු ක්‍ෂුද්‍ර කුලයේ කාන්තාවගේ චරිතයට මම ගොඩක් කැමතියි. ඒක ගොඩක් ආසාවෙන් කළේ. ගොඩක් අය හිතන්නෙ මට වෙස්ටර්න් පෙනුමක් තියෙන්නෙ කියලා. නමුත් මම හිතනවා ඒක වැරදියි.

 

රංගන ශිල්පීන්ගේ හැකියාව හඳුනාගන්න හෝ මතුකරගන්න මැදිහත් විය යුත්තේ කවරු කියලද ඔයා හිතන්නෙ?

මම හිතන්නෙ අධ්‍යක්‍ෂවරයගේ හා අංග රචනය කරන කෙනාගේ අතේ තමයි ඒක තියෙන්නෙ?

 

මේනකා ඔයා සම්බන්ධ වුණ ඉදිරියට එන්න තියෙන නිර්මාණ මොනවද?

නිර්මාණ නම් ගොඩක් එන්න තියෙනවා. ටෙලිනාට්‍යයම 6ක් විතර එන්න ඕන. විත්‍රපටත් දෙකක් එන්න තියෙනවා. මුලින් මොකක් එයිද කියලා නම් කලින් කියන්න හරියටම දන්නෙ නෑ.

 

ඔයා වැඩියෙන්ම කැමති චිත්‍රපටවලටද? ටෙලිනාට්‍යවලටද?

ඇත්තටම මම චිත්‍රපටවලට ගොඩක් කැමතියි. මම හිතනවා චිත්‍රපටවලට හැමෝටම ආරාධනා ලැබෙන්නෙත් නෑ. ඒ නිසා චිත්‍රපට විශේෂ වෙනවා. මොකද අපේ සමහර ලොකු නළු නිළියෝ අදටත් චිත්‍රපටයකට සම්බන්ධවෙලා නැහැ. මම හිතනවා ඒ අතින් බැලුවම චිත්‍රපටයකට සහභාගී වෙන්න ලැබීම වාසනාවක් කියලා.

 

මෙගා ටෙලිනාට්‍ය සහ ඉන්දියානු ටෙලිනාට්‍ය ගැන මොකද හිතෙන්නෙ? කැමතිද ඒවට?

ඒ ගැන නම් කතා කරලා වැඩක් නැහැ. කොච්චර වුණත් තමන්ගේ දේට වඩා අනුන්ගේ දේ ලොකුවෙන ගොඩක් අය ඉන්නවනෙ. මේ වෙද්දි ආරංචි වෙන දෙයක් තමයි ඉන්දියන් Drama වලට ගහන Tax එකත් අඩුයි කියන එක. Channel බලන්නෙත් පුළුවන් තරම් අඩුවට කරන්නනෙ. ඒකෙන් මෙහේ නිර්මාණවලට තියෙන ඉඩ නැතිවෙනවා. ඒක හොඳ දෙයක් නෙවෙයි.

 

නිර්මාණවල ගුණයට ඒකෙන් වෙන හානිය මොකක්ද?

මෙහෙමයි. ඉස්සර නම් එක Channel එකකනෙ ඒ නාට්‍ය ගියේ. දැන් හැම එකකම යනවනෙ. ව්‍යාපාර පැත්තෙන් ඔවුන්ට ඒක ලාභ ඇති. නමුත් මෙහෙ නිර්මාණවලට ඉඩ හැදෙන වැඩේට ආණ්ඩුත් මැදිහත් වෙන්න ඕනෙ. හොඳ වැඩපිළිවෙළක් තියෙනව නම් කොහේ තියෙන නාට්‍ය පෙන්නුවත් රටේ නිර්මාණවලට ප්‍රශ්නයක් වෙන්නෙ නැහැ.

 

ඔයා ඉදිරි රංගන කටයුතු සැලසුම් කරලා තියෙන්නෙ කොහොමද?

මට පුළුවන් තරම් කාලයක් රංගනයට දායක වෙනවා. මගේ ආසාවත් ඒක. මිනිස්සුන්ට එවා නොවෙන්න ඉන්නත් ඕනෙ. ඉතින් මම හැම ටෙලිනාට්‍යයේම පේන්න ඉන්නත් කැමති නැහැ. කරන චරිත මතක හිටින එකක් වුණොත් තමා වඩා හොඳ.

 

ඒ කියන්නෙ මේනකාට කැපී පේන්න වුවමනාවක් නැහැ කියන එකද?

එහෙම නෙවෙයි. කෙහොමත් අපි මේ Field එකේ ඉන්නවනම් කැපී පේන්න ඕනෙ. මම ආස නෑ හැම ටෙලි නාට්‍යයකම ඉන්නවා දකින්න.

 

නිරෑපණයෙන් ඉදිරියට යනන් අදහසක් නැද්ද?

අනේ මම හරි ආසයි. ඒත් ඉතිං මගේ උසත් එක්ක හරියන්නෙ නැහැ. නැත්නම් මම හරි ආසයි. මම ඉතිං මගේ යාළුවන්ව අරන් යනවා Showsවලට. කොහොමත් මට ගැළපෙන්නෙ නැති දෙයක් කරන්න මම කැමති නැහැ. මම දන්නවා මට Dance කරන්න පුළුවන් කියලා. ඉතිං මම Dance කරනවා. රඟපාන්න හැකියාවක් තියෙන නිසා රඟපානවා.

 

කොහොමද ඔයාගේ ව්‍යාපාර කටයුතු?

පාවහන් හා අත්බෑග් ව්‍යාපාරයක් කරගෙන යනවා. වත්තල තමා තියෙන්නෙ.

 

සහෝදර කලා ශිල්පීන්ගෙන් ලැබෙන්න සහය ගැන කියන්න කැමතිද?

මෙහෙමයි. අතේ ඇඟිලි පහම එක වගේ නැහැනේ. සමහර අවස්ථාවල මට හොඳ මිනිස්සු හමුවෙලා තියෙනවා. සමහර වෙලාවට ප්‍රශ්න වෙනවා.

 

සමහරු කියනවා කලාව තියෙන්න ඕනෙ කලාව වෙනුවෙන් කියලා. තව සමහරු කියනවා ඒකට වටිනාකමක් දුන්නට ප්‍රශ්නයක් නැහැ කියලා. ඔයාගේ අදහස?

මමත් කියනවා කලාව කලාව වෙනුවෙන් තිබිය යුතුයි. ඒ වගේම තමයි ගොඩක් වෙලාවට අපේ නළු නිළියන්ව නිර්මාණයට යොදා ගන්නෙ සුළු වියදමක් දරලා. හැබැයි ඉන්දියානු නළු නිළියන්ට හොඳට ගෙවනවා. එතනදි අපිට කලාවෙන් ජීවත් වෙන්න බැහැ.

 

මේ රංගන ක්ෂේත්‍රය තුළ ඔයාගේ ඉලක්කයන් ගැන කතා කරමු.

මම කැමති ඉතිං හොඳ නිර්මාණවලට දායක වෙන්න. හැබැයි මම චරිත හොයාගෙන නිර්මාණ පසුපස යන්නෙ නෑ. මාව ඕන වුණොත් මට අඬගහයි කියන තැන මම ඉන්නෙ.

 

ආශිකා - හදසර

ඡායාරූප අනුග්‍රහය - මේනකාගේ​ ෆේස්බුක් ගිණුම

DESHAYA

 

2016-04-01-ent-05
2016-04-01-ent-03
2016-04-01-ent-02

 



අදහස් (0)

ටෙලි නාට්‍යවලට ආරාධනා නැද්ද?

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි 2025 දෙසැම්බර් මස 18 689 2
ඩයලොග්, සිය පාරිභෝගිකයින් ලක්ෂ 15 කට අධික පිරිසක් හා යා වෙමින් ශ්‍රී ලංකාවේ විශාලතම 5G ජාලය දියත් කරයි

ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 329 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 1116 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

Our Group Site