ශ්‍රී ජයවර්ධනපුර පාර්ලිමේන්තු පාරේ වැලිකඩ හන්දියේදී බ්‍රහස්පතින්දා ත්‍රී රෝද රියක් පදවාගෙන ගිය රියදුරෙක් ජංගම දුරකථනයෙන් ඇමතුමක් ගත්තේය. පිටුපස ආසනයේ රථවාහන පොලිසියේ කොස්තාපල්වරයෙක්ද සිටියේය.
අඩු ගණනේ මිනිත්තු 5ක් පමණ රියදුරා ජංගම දුරකථනය එක් අතකින් කනේ ගසාගෙන රිය පැදවීය.
එසැණ ඡායාරූප ශිල්පියා පින්තූරයක් ගනිද්දී එසැණ වාහනයේ මග හරස්කර ත්‍රී රෝද රිය නතර කළ පසු පිටුපස ආසනයේ සිටි කොස්තාපල් තර්ජනාත්මක ස්වරූපයෙන් ඔහුට කථා කළේය.
‘මොනවද ගන්නේ? ඔයාලා කොහොමද අපේ පින්තූර ගන්නේ? ඔයාලට පුළුවන්ද අපට නීතිය උගන්වන්න‘ යනුවෙන් සැරෙන් කථා කළ කොස්තාපල් ත්‍රී රෝද රියෙන් බැස එසැණ වාහනය අසළට පැමිණියේය.
කැමරා ශිල්පියාගේ හැඳුනුම්පතද පිරික්සීය. ත්‍රී රෝද රිය පැදවූ පුද්ගලයාද ‘අපි පස්සේ බලාගමු‘ යනුවෙන් කීවේය.
මෙම ත්‍රී රෝද රියේ අංකයද එසැණ සතුය.



COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මන්ත්‍රී කෙනෙක්ගේ තුන්ඩු කැල්ලකට ලොක්කෙක් උන රාළහාමි කෙනෙක් වෙන්න ඇති.(නදී)
පොලිසිය කවදද ඔයා කියලා කථා කළේ ? (බ)