පසුගිය දස වසරේදී දූෂිත දේශපාලනඥයන් ව්‍යාපාරිකයන් හා අපරාධකරුවන් ඇමරිකා ඩොලර් කෝටි 2000ක් පමණ දූෂිත මුදල් ශ්‍රී ලංකාවෙන් එතෙර යවා ඇතැයි ඇමරිකාවේ වොෂිංටන් නුවර ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග්‍රිටි ආයතනය කියයි.
එම මුදල ට්‍රිලියන තුනකට සමීප වෙතියි එම ආයතනය පවසයි. ඇමරිකාවේ ට්‍රිලියනයට බිංදු 18කි. 2004 සිට 2013 දක්වා මෙම මුදල් ශ්‍රී ලංකාවෙන් හොරෙන් යවා ඇති බව වාර්තාවේ.
2004 අප්‍රේල් මාසයෙන් පසුව ඇමරිකා ඩොලර් බිලියන 1.38 ක් ශ්‍රී ලංකාවෙන් හොරෙන් යවා ඇත. වොෂිංටන් ග්ලෝබල් ෆිනෑන්ෂල් ඉන්ටග්‍රිටි ආයතනය එවැනි දූෂිත හොර සල්ලි රට රටවලින් යැවෙන ආකාර නිරීක්ෂණ ආයතනයකි. හොර වෙළඳ ගනුදෙනු මගින් ශ්‍රී ලංකාවට ඇමරිකා ඩොලර් බිලියන 17ක් අහිමි වී ඇත.
කොළොම්බියාවේ හෙරොයින් මත්කුඩු වලින් ලබාගන්නා බව කියන ඇමරිකා ඩොලර් බිලියන 15ක් ද එතෙර යවා ඇත. පැනමා හි මොසැක් ෆොන්සේකා සමාගමේ ගනුදෙනු තරමටම ශ්‍රී ලංකා හොර ගනුදෙනු ද බරපතල බව කියති.
කළු සල්ලිවලට නමක් ඇති කුප්‍රකට රටවල් 149 න් ශ්‍රී ලංකාව 53 වැනි ස්ථානය හිමිකරගෙන සිටින බවද වොෂිංටන් සමාගම පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
හොර වෙළඳ ගනුදෙනු වලින් ලංකාවට අහිමි මුදල අමෙ ඩො බිලියන 17, මෙය රුපියල් වලින් නම් රු. කෝටි 2,60,000. හොඳ සෞඛ්‍ය සේවයක්, හොඳ අධ්‍යාපනයක්, හොඳ ප්‍රවාහන පහසුකම් දෙන්න බැරි අපේ වගේ රටවල් වලට නැගිටින්න බැරි ඇමෙරිකාව හෝ වෙනත් රටක් නිසා නෙවෙයි. කෝටි ගණන් ජනතාවගේ මුදල් හොරකම් කරපු නිසා. (බ)
කට්ටියක් කළු සල්ලි සුදු කරන හැටි හොයනවා. තව කට්ටියක් හැම කුණු ගොඩක්ම මහින්ද මහත්තයාගේ පිටේ පටවන්න හදනවා. කවුරු කවදා කාට කඩේ ගියත් කඩයක් දාන්න බිමක් ඉතුරු වේවිද දන්නේ නැහැ (නි)
ඇමරිකාවෙ ට්‍රිලියනේට බින්දු 12 යි.. කොහොම හරි මේකෙ විදියට 2004 අප්‍රියෙල් වලට පස්සෙ යවල තියෙන්නෙ බිලියන 1.38 යි (බ)
මේ සල්ලි කතාත් මේ ආණ්ඩුවේ බැරියාව වහ ගන්න යොදා ගන්නයි හදන්නේ. ඒ වුනාට මිනිස්සුන්ව දැන් අන්දන්න බැහැ. අන්න චම්පිකගේ විදුලි බල සභාපති ගජයගේ නම තියෙනවා. (බ)
රටට හෙණ ගැහුවත් මහින්දගේ ආණ්ඩුවට බැන්නම අාතල් ගන්න අය තාම ඉන්නවා (බ)
ඇමෙරිකන් කාරයෝ බෝසත්වරු. අනේ නොදකින් අර සොරෝස් කියන මිනිහට රුසියාව ඇතුළු රටවල් ගනන්නවකට එන්න තහනම් කරලා තියෙන්නේ. එයා තමයි ලෝක හොරා. (බ)
නුවන් මේ සේරම කියවල අගේ ඇති කොමෙන්ට් එක දාල තියෙන්න. මුළු රටටත් ජාතියටත් හෙන ගැහුවත් කමක් නැහැ මහින්දට කෙලවෙනවානම් 1971, 1983, 1989 කාල වකවානු බැලුවම මහින්දගේ කාලය තුල ඒ වගේ දුෂන මිනීමැරුම් තිබ්බේ නැහැ. ජාතියේම විනාශයේ දොර ළග අපි ඉන්නේ. එ්ත් නැව ගිලුනත් බෑන් චුන් ගහන ජාතියක්. (බ)
මහින්දට කඩේ යන අය මොකද මේකට කියන්නේ මේවා ගොඩක් වෙලා තියෙනේ පසුගිය ආණ්ඩු කලේ.(කෞ)
මේවට මුකුත් කියන්නත් බැනේ කිව්ව හැටිය අපි දේශ ද්‍රෝහියෝ වෙනවා. කොහොමත් ඇමරිකන් කාරයෝ අපිත් එක්ක තියෙන තරහට කිව්වද දන්නෙත් නෑනෙ. (කෞ)
53 ද ..... අපරාදේ තව අවුරුදු 2 ක් හිටිය නම් පලවෙනි වෙන්න තිබුනා අපරාදේ ඒකත් නැතිවුනා ..(බ)
චිකේ එ්කෙන් වත් පළවෙනියා වෙන්න බැනේ අපිට ,කරුමෙක මහත...(බ)
නම් වශයෙන් ඉදිරිපත් කරන්න පුලුවන්ම් හොරු ඔක්කොගෙම විලි ගලවන්න පුළුවන් ජනතාව ඉදිරිපිට මොකා හොරකම් කළත් හොරකම් කරලා තියෙන්නේ අපේ ජනතා මුදල්. (බ)
ලංකාවේ ඇමරිකන් කාරයේ කීපදෙනකු සිටති එයාලා ගෙනාපු ඩොලර් ගිනියන්න ඇති ..කලබල වියයුතු නැත ..(හේ)
නම් ප්‍රසිද්ධ නොකලත් කම් නැහැ 2004-2014 කාලය ගැන අපිට සිතාගන්න පුළුවනි (හේ)
ලංකාවේ මිනිස්සු හිගා කෑවත් මේවා ගැන කතා කරන්න හොද නැහැ ,,,,(හේ)
කරුණාකර තව කවුරු වුණත් කමක් නැහැ, විස්තර එළියට දාන්න, මඩ ගහන්නේ නැතුව. (නි)
මේ මිනිසුන්ට මෙම හොරකම් වලට පල විපාක මෙලොවදීම ලැබේවි. පොදුජනතාවගේ සාපයට ලක් වීම ඉතාම බරපතල පවක්.(හේ)
තමන්ගේ නම් වෙනුවට බොරුවට හැදු කොම්පැනි හෝ වෙන අයගේ නම් වලින් තමයි ඕවා කරන්නේ ; (හේ)
දැන් කියන්න එපා මේක ආණ්ඩුවේ කියලා. මේක හොයලා තියෙන්නේ ඇමරිකාවෙන්.(හේ)
අපේ රටේ නිදහසෙන් පස්සේ තරුණ සටන් ව්‍යාපාර දෙකක් ඇතිවුනා. එකක් බිහිසුණු ත්‍රස්ත වාදයක් දක්වා ව්‍යාප්ත වුනා. මේවගෙන් විනාස වුනා රටේ දනය මිනිස් ජීවිත මිල කරන්න බැරි තරම්.නමුත් බලාගෙන යනකොට නිදහසෙන් පස්සේ හිටපු බහුතර නායකයෝ මේ ත්‍රස්ත වාදීන්ට වඩා භයානක අය .ඒ අය තමා මේ රට විනාස කරපු සුපිරි ත්‍රස් තයෝ.(හේ)
අපි අහනවා තවම අල්ලපු හොරෙක් නැහැ හොරු ටික බලය පැත්තේ ආරක්ෂාව ලබනවා වෙන්න ඇති (හේ)
ට්‍රිලියන වුනත් බිලියන වුනත් මොන කරන්නද ? අද වෙනකන් කිසිම කෙනෙක්ව අත්අඩංගුවට ගත්තද ? (හේ)
අනේ අර අවිහිසක කට්ටිටගේ නම් මේවට ගාවන්න එපා ඒගොල්ලෝ මේ මොනවත් දන්නේ නැහැ !(හේ)
රොහාන්, පැනමාවේ කළු සල්ලි තිබෙන අයගේ නම් ටික කියවා බැලුවද හැම හෙණේටම මහින්දව තෝරාගන්නේ? (නි)
අපි වයසට යනකොට ලෝකේ රටේ දේවල් වෙනස් වෙන හැටි ?(හේ)
සාමාන්‍ය මිනිසා අමාරුවෙන් ඉගෙනගෙන, අමාරුවෙන් රස්සාවක් හොයාගෙන ජිවිතේ ගොඩදාගන්න දත කනවා. ඒ සොච්චම් පඩියට ගහන බදු වලින් හොරා කාලා සැප විඳලා සහ අපිව ණයකාරයො කරලා පිටරට වල්න ගන්න ඩොලර් කෝටි ගණන් ගසාකාලා දේශපාලඥයො ටික මැරිලා යනවා.(බ)
මහින්දගේ කාලය තුළ දුෂණ තිබුනද නැද්ද කියලා දන්නේ ගමේ මිනිහා. මහින්දට ආවඩලා ආණ්ඩුවේ ලොකු තනතුරු ගත්, ඉන්පසු අහසින් පාත්වුණා වගේ ගෙවල් ඉඩම් වාහන අරගත්, මහින්දගෙ බලය අතට ගෙන අහිංසකයින්ව තලා පෙලා දැම්ම අසල්වාසින් ඉන්නේ අපේ ගම්වල. බයිසිකලයක්වත් නැතුව හිටිය මිනිහා වාහන 2,3ක් ගත්තේ දූෂණයෙන් නෙමෙයිද? වන්දිබට්ටයො මෙහෙම නම් රජවරු කොහොම ඇද්ද කියලා තමයි අපිට හිතාගන්න තියෙන්නේ. (නි)
දුපත් ජනතාවගේ මුදල් අවභාවිතය මහා අපරාධයක් අති විශාල ජනතාවක් දුක් විදිනවා කටුක ජීවිතයක් ගෙවනවා. මේක තේරුම්ගත් තරුණයන් තමා කැරලිගසන්නේ . නැතුව අැගේ අමාරුවට නෙමේ. (බ)
මීට වඩා මුදලක් විශුද්ධි කළ සියලු ශ්‍රී ලාංකික නම් පැනමා පේපර්ස් වලින් හෙළිවී ඇතත් ඒ ගැන රටට වාර්තා නොකරන්නේ ඇයි ? (බ)
අපි කොච්චර මහන්සි වෙලා වැඩ කළත් කවදාවත් සැපක් ලබන්න බැරි වුනේ ඇයි කියලා දැන්නේ තේරෙන්නේ. අපිට උගසට තියලා ඩොලර් අරගෙන සැප විදින ගමන් ඒවා පිටරට තැන්පතුත්කළාම මහජනතාවට ගහන බදු අඩු කරන්නේ කොහොමද? පොඩි මිනිහට රු.1000 ක් අයවැයෙන් වැඩි කරවා ගන්න හරිම අමාරුවුනා. රජනවරු කුමාරවරු සහ ඒ අයට වන්දිබටට්කම් කළ අය ගොඩගියා (බ)
පොදු දේපොළ හොරකම් කලාම ඇතිවන පව වැඩියි. (හේ)
කමක් නෑ ඉතින් යුද්දේ ඉවර කලානේ (හේ)
ඩෙන්සිල්ගේ අදහස හරියට හරි.කොහොම වුනත් යුද්ධය අවසන් කරන්න මූලික වුනු අයට, ඇත්තටම රටට ආදරයක් තිබුනානම් මේ රට මේ වනවිටත් ආසියාවේ ආශ්චර්යක් වෙන්න තිබුණා.(හේ)
නිල විදිහට වෙන්නෙත් මේ දෙයම තමා. ලංකාවේ නිෂ්පාදනය නොමැතිව නිෂ්පාදන සහ සේවාවන් පිටරට වලින් ලබාගෙන රටේ සල්ලි ටික පිට රටට දෙනවා. (හේ)
විශාඛා, මහින්දට විතරක් නොවෙයි හැම දේශපාලුවාටම අාවඩලා දියුණු වෙච්ච මිනිස්සු ඉන්නවා. හැබැයි මහින්දට ආවඩලා පිරිහුණු ගමේ මිනිස්සු ඉන්නවද? (නි)
ඕවා හොයලා මොකටද වෙන වැඩ නැද්ද?(හේ)
මහිනද්ට අාවඩපු කලාකාරයො, නක්ෂත්‍රකාරයො, රජයේ නිලධාරින්, වෘත්තිය සමිති නායකයො, හාමුදුරුවරු, කෙටියෙන් කියනවා නම් මහින්දට අාවඩපු හැමෝම ගොඩගියා. මෙහෙම ගොඩයාමක් කවර කවදාකවත් තිබුනේ නැහැ. මේකෙ ඇත්ත නැත්ත දන්නේ මේ කියපු කට්ටියගේ හෘද සාක්ෂියයි. (නි)
වෙන කාගෙවත් සල්ලි නෙමෙයි ඔය අපේම සල්ලි තමයි.(හේ)
මහින්දට ආවඩා පිරිහුණු කිසිවෙකු නැත. එය තමයි දියුණුවට කෙටිමඟ වෙලා තිබුනේ. (නි)
ඇයි මේ වගේ දේවල් වලට නීතිමය පියවර නොගන්නේ.(හේ)
බමුණු ආරච්චි, මහජනයා රොබෝලා නෙමයෙිනේ. ඒකයි ඒ වගේ මහාපරිමාණ ඒවට එයාලවම සැකකරන්නේ (නි)
හැම දේශපාලුවාටම අාවඩලා දියුණු වෙන්න බැහැ. දේශපාලනය කියන්නේ නිකන් ඉඳලා කෝටි ගණන් හොයන්න පුළුවන් දෙයක් නොවන බවට අපේ මිනිසුන්ට ඒත්තු ගන්වන්න ඕනෑ. නීති දැඩි කරලා පරණ හොරු අල්ලා දඬුවම් දුන්නහම ඉස්සරහට එන අය ඕවා කරන්න බය වෙනවා. එතකොට ටිකෙන් ටික හරි මේ දූෂිත ක්‍රමය අපේ රටෙන් නැතිවෙලා යයි. (නි)
පැනමාවේ කළු සල්ලි අල්ලන ගමන්ම, රාජ්‍ය ආයතන/කාර්යාංශ වල ලොකු පුටු වල ඉඳගෙන මහජන මුදල්/ විදෙස්ගත ශ්‍රමිකයන් දහදුක් විඳලා එවපු සල්ලි හොරාකාපු/නාස්ති කළ නිලධාරින් ගැනත් හොයන්න. (නි)
දැන් මේ සිද්ධියත් කාගේ ගිණුමට වැටෙයිද?(හේ)
මේ සල්ලි මේ රටේ අහිංසක මිනිසුන්ගේ දහදිය මහන්සිය. මිනිස්සු දහදුක් විඳිනවා. අරාබියේ වගේ දඬුවම් තමා දෙන්න ඕනෑ මිනිස්සු ඉදිරිපිටම (නි)
දේසපාලනය කරන ඔක්කොම මගඩි කාරයෝ. අහිංසක දුප්පත් මිනිස්සු පව් එයාල තමයි වද විදින්නේ (හේ)
අපි එකතු වෙලා ජේ.වී.පී එක බලයට ගේමු (කෞ)
පැනමා පේපර්ස් වලින් නම් එලිවුණා අති සුපිරිසිදු යහපලක මෙගා ඩිල් අලපලු ඇමති කෙනෙකුගේ ප්‍රධාන ලේකම්ගේ සහ අශ්ව රේස් යහපලක ඇමති කෙනෙකුගේ - කෝ ඒවාට මොනවද අරන් තියන ක්‍රියාමාර්ග? (කෞ)
මේවයේ කොටස් කොටස් යහපාලනයටත් සම්බන්දකම් තියෙන්න පුළුවන්. එකනේ එයාල හොරුන්ට දඬුවම් දෙන්නේ නැත්තේ. කලින් අණ්ඩුවනම් නීතියක් හදලාහරි හිරෙයවනවා(කෞ)
ආවෙ කොහෙන්ද ගියේ කොහාටද නෑ..ඥාණ කථා අහලම ඇති වෙලා...(බ)
මහින්ද 2004 අප්‍රේල් බලයේ හිටියේ නැහැ පෙරළුණු ආණ්ඩුවේ අයගේ බාගයක් ඉතුරු බාගේ චන්ද්‍රිකාගේ මහින්දගේ එතකොට ලොකුම බාගේ කාගේද අපි කඩේ යන මහින්දද? රනිල්ගේ ගෝල බාලයෝ ටිකද චන්ද්‍රිකාවක්ද අනේ මන් දන්නේ නැහැ (බ)
මහින්දගේ කාලේ ගනිපු මුළු ණය මුදලත් ඩොලර් බිලියන 10ට අඩුනේ. මුළු ණය මුදලම හොරකම් කළත් වෙන්නේ බිලියන ඔය කියන මුදලින් බාගයයි. එතකොට පාරවල් හැදුවේ, ගුවන්තොටුපලවල හැදුවේ , වරායවල් හැදුවේ මොන සල්ලිවලින්ද ? (බ)
අපි කොහොම හරි පළමු වෙනියා වෙන්න බලන්න ඕන බොලන්ලා හැමදාම 53 වෙනියා වෙලා හරියන්නේ නැහැ (බ)
ලංකාවේ මිනිස්සුන්ට කන්න නැහැ සල්ලි නැහැ බඩු මිල අඩු වෙන්නේ නැහැ කිය කිය කෑගහනවා. මේ තියෙන්නේ සල්ලිඑ ටික (බ)
දැන් හැම තැනකම කළු සල්ලි. සල්ලි පස්සේ ගිහිල්ලා නිකම් අපේ ගැහැණු මිනිස්සු නිකරුනේ විනාශ වෙනවා. සල්ලිවලට වඩා ගුණදහම්, මනුස්සකම වගේ දේවල් අපේ සමාජය අගය කරනවා නම් මෙහෙම දේවල් වෙන්නේ නැහැ. (බ)
රට පෙරට (බ)
හෙල්පින්ග් හම්බන්තොට (බ)
පැනමා පේපර්ස් වලටත් රාජපක්ෂලාව අල්ලන්නයි හැදුවේ - අන්තිමට නම් එලි වුනාම කට වහගත්ත දැන් ඉන්න පාලකයොයි සම්බන්ධ නිසා. මේ වාර්තාවේ දක්වා තිබෙන කාලයෙන්ම හිත ගන්න පුළුවන් මොන තරම් පක්ෂපාති, දේශපාලන වුවමනාවන් මත පල කළ වාර්තාවක්ද බව - අපි කවුරුත් දන්නවනේ වෙනසට ජාත්‍යන්තරයෙන් උදවු කළ අය (බ)
හරක්ට , පිදුරු සහ වතුර ලැබේ නම් වෙන කුමන කතාද ? (බ)
හොරකම අපේ ඇගේම තියෙනවා .මොකද පැවත එන්නේ විජය රජුගෙන්නේ ,(කෞ)