IMG-LOGO

2025 ජුලි මස 26 වන සෙනසුරාදා


ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා

ඇමෙරිකා එක්සත් ජනපද ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ එම පරිපාලනය ‘නව කොරෝනා වයිරසය’ හෙවත් ‘කොවිඩ්-19’ ගෝලීය වසංගතයට ප්‍රතිචාර දැක්වූ ආකාරය විවේචනය කරමින් එරට සිවිල් හා දේශපාලන සහ වැසියෝ පිරිසක් එකතු වී ඊයේ (20) ධවල මන්දිරය ඉදිරියේදී විරෝධතාවක නිරත වූහ.

මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට සමාන අනුරූ සකසමින් ඒවා වොෂින්ටනයේ ලෆායට් චතුරශ්‍රය ඉදිරියේ බිම අතුරමින් ඔවුහු එලෙස විරෝධතාවයේ නිරත වූහ.

‘‘ජනාධිපතිවරයා තවත් මිනීවල් කීයක් හාරනවාද ?’’ යනුවෙන් ඇතැම් විරෝධතාකරුවෝ එහිදි ප්‍රශ්න කළ අතර ඇතැම්හු ‘‘ට්‍රම්ප්ගේ අසාර්ථකත්වය අපේ අහිමි වීම’’ යනුවෙන් දැක්වෙන විරෝධතා පුවරු බිම ඇතුරූහ.

මළමිනී දැමූ කළු පැහැති බෑග්වලට දැමූ අනුරූ බිම ඇතිරූ විරෝධතාකරුවෝ ධවල මන්දිරයේ ඉදිරියේ ව්‍යාජ අවමංගල්‍ය උත්සවයක් ද පැවැත්වූහ. ඇතැම් හු කළු පැහැති බෑග් ආසන්නයේ සුදු පැහැති රෝස මල් ද තැබූහ.

‘‘ශෝක වීමේ දිනය’’ යනුවෙන් මෙම දිනය නම් කර තිබූ අතර මෙම විරෝධතාවට ඇමෙරිකාවේ සිවිල් සහ දේශපාලන සංවිධාන රැසක් මෙන්ම එරට වැසියෝ ද සහභාගී වී සිටියහ.

ඇමෙරිකා එක්සත් ජනපදයෙන් අද (21) පස්වරු වනවිට කොරෝනා ආසාදිතයන් 15,57,727ක් හඳුනාගෙන තිබූ බවත් කොරෝනා ආසාදිත මරණ 93,313ක් වාර්තා වී තිබූ බව රොයිටර් පුවත් සේවය වාර්තා කර තිබිණි.
 

055


ඡායාරූප – ඒ.එෆ්.පී. 



අදහස් (5)

ට්‍රම්ප්ට එරෙහිව විරෝධතා

Kumar (Gulf) Thursday, 21 May 2020 06:34 PM

ඩිමොක්‍රටික් හා ලිබරල් හරක් තමයි මෙහෙම හැසිරෙන්නේ...

:       0       1

chandima Thursday, 21 May 2020 06:38 PM

පේනවා නේද ඒ රටවල්වල තියෙන නිදහස..? මෙහෙ වුණා නම් කඳුලු ගෑස්, ජලතුවක්කු ප්‍රහාර කාලා පැනලා දුවන්න වෙනවා.

:       76       4

LalFriday, 22 May 2020 08:25 AM

ඔයවගේ අමන නිදහසක් නම් අපේ රටට ඕනෑම නැහැ.

:       1       2

දුටුගැමුණු Thursday, 21 May 2020 08:33 PM

කලබල වෙන්න එපා. ඩොනල්ඩ් ට්‍රම්ප් යනු මේ මිහිපිට ජීවත් වන අවසන් අමෙරිකානු ලෝක බලවතායි.

:       2       1

Roshan Friday, 22 May 2020 07:55 AM

අපේ හිටපු කෙනාගේ ඇමරිකන් කොපිය.

:       0       5

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි 2025 ජුලි මස 24 87 0
මානසික සෞඛ්යය වෙනුවෙන් 1333 බයිසිකල් සවාරිය සඳහා CCC Foundation සමග Heritance Hotels and Resorts සහ Aitken Spence Travels අත්වැල් බැඳ ගනියි

මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක්‍ පදනම (CCC Foundation) වි

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 317 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 59 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

Our Group Site