ඇමෙරිකා ජනාධිපතිවරණයෙන් ප‍්‍රජාතන්ත‍්‍රවාදය ඉස්මතු වූ බවත් ජනපති ඩොනල්ඞ් ට‍්‍රම්ප් සමගින් එක්වී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගැනීම සදහා කටයුතු කරන බවත් විපක්‍ෂ නායක දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් පවසයි.
ඇමරිකානු ජනාධිපතිවරණයෙන් රිපබ්ලිකන් අපේක්‍ෂක ඩොනල්ඞ් ට‍්‍රම්ප් ජයග‍්‍රහණය කිරීම ගැන කළ විමසුමකට පිළිතුරු දෙමින් විපක්ෂ නායකවරයා මේ බව කීය.
“ලෝව බලවත්ම රාජ්‍යය ලෙස සැලකෙන ඇමෙරිකාවේ ජනාධිපතිවරණයෙන් එරට ජනතාවගේ ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණය එම ජනතාව සිය ඡන්දයෙන් ප‍්‍රකාශ කළා.ඒ අනුව නව ජනාධිපතිවරයා ලෙස ඩොනල්ඞ් ට‍්‍රම්ප් තේරී පත්වුනා.එම ප‍්‍රජාතන්ත‍්‍රවාදී තීරණය ට‍්‍රම්ගේ ප‍්‍රතිවාදී අපේක්‍ෂිකා හිලරි ක්ලින්ටන්ද පිළිගෙන තිබුණා.ශී‍්‍ර ලංකාවේ සිදුවූ බව කියන යුද අපරාධ හා මානව හිමිකම් කඩවීම් සම්බන්ධයෙන් එක්සත් ජාතීන්ගේ මානව හිමිකම් සැසිවාරයන් වලදී සාමාජික රටවල් වලද සහායෙන් ඇමරිකාව විසින් යෝජනාවන් සම්මත කර ගත්තා.දැන් එම යෝජනා ක‍්‍රියාත්මක කිරීමේ තත්වයකයි තියෙන්නේ.ඇමෙරිකාව විසින් ගෙන ආ මෙම යෝජනා අතරින් 2015 වසරේදී සම්මත කර ගත් යෝජනාව ශ‍්‍රී ලංකා රජයද පිළිගෙන තිබියදී මෙම යෝජනාව ක‍්‍රියාත්මක වීම අනිවාර්යයි.එහි කිසිදු වෙනසක් සිදුවිය යුතු නැහැ“යැයි ඔහු පැවසීය

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ට්‍රම්ප්ට විරුද්ධව පොල් ගැහුවේ කවුද? (නි)
මොන අයිතිවාසිකම් ගැනද මේ කතා කරන්නේ? (හේ)
ඔය වගේ දේවල් කවුරුත් කිව්වා. (නි)
තව මොනවහරි ඉල්ලගන්ඩ වේවි ට්‍රම්ප්ට කියල ඔය වයසට. අනේ මගේ කට. (අ)
ඒක හොඳයි ලංකාවෙන් කෑල්ලකට වඩා අමෙරිකාවෙන් කෑල්ලක් ඉල්ලන එක.(රේ)
ඔය කට්ටියත් අරන් එහෙට ගියනම් හරි (අ)
ඇමරිකානු ජනාධිපති ඔබාමාගෙන් දෙමළ ජාතික සන්ධාන පාර්ලිමෙන්තු මන්ත්‍රී ආර්.සම්බන්ධන් ඉල්ලපු දේවල් ලැබුනේ නැති නිසාද, ට්‍රම්ප්ගේ පස්සෙන් දුවන්න හදන්නේ තවමත් ජීවතුන් අතර ඉන්නවානම්, තමිල්නාඩුවේ ජයලලිතා ආච්චිත්, සම්බන්ධන් එක්ක එකට යාවි එයාගේ ඉල්ලීම් වෙනුවෙනුත්. ට්‍රම්ප්ගේ 2017 ජනවාරි මස දිවුරුම් දීමෙන් අනතුරුව කරන පලවෙනි රාජකාරිය සම්බන්දන් ගේ ඉල්ලීම ඉටු කිරීම වෙන්නත් බැරි නැහැ . (අ)
නහින දෙහින කාලේ නරකද පිනක් දහමක් කර ගත්තොත්. (අ)
අනේ හොඳයි. කට්ටියම එහෙට ගිහින් ඔවුන්ට එකතුවෙලා එහෙන්ම කෑල්ලක් ඉල්ලාගන්න එක හොඳයි. (නි)
ට්රම්ප් සමග නැගිටිමු! (ම)
එතකොට අර පොල් ගහපු එක්කෙනා? (අ)
එතකොට අර පොල් ටික?(අ)
ඉස්සර කිව්වා වගේ හිලරි එක්කම එකතුවෙමු. එයා වැඩේ කරලා දෙයි (නි)
මේ කතාකරන්නේ ලංකාවේ සියලුම ජාතීන්ගේ විපක්ෂ නායකද නැත්නම් ද්‍රවිඩ ජනතාව වෙනුවෙන් පමණක් පෙනී සිටින කෙනෙක්ද? ඔය සිංහලයන්ට පමණක් අන්තවාදීන් කියා කෑගහන පුරවැසි සහ අනිකුත් සිවිල් සංවිධාන මේ ගැන මොකද කියන්නේ. (අ)
ට්රම්ප් එක්ක නොවෙයි සිංහල අය සමග කතාකරන්න ,සුළු ජන කොටස් වලට යම්කිසි අසාධාරණ වෙන්නේ ලංකාවේ පමණක් නොවේ ඇමරිකාවෙත් වෙනවා ,ලංකාව ඒ අතින් ඔවුන්ට වාඩා ඉහලින් ඉන්නවා ,අවුරුදු 30 ක යුද්දයක් අවසන් වූ ගමන්ම සියලු දේ දෙන්න බෑ, එකට සිංහල ආණ්ඩුවේ පමණක් නොව දෙමළ දේශපාලන පක්ෂ වලත් සහයෝගය අවශ්‍යයි (අ)
එහෙනම් ඇයි හිලරි නෝනට කඩේ ගියේ? කොහොමද රෙද්දක් ඇඳගෙන ට්‍රම්ප් ලඟට යන්නේ? (අ)
දෙපැත්ත කන දෙපත් නයි වගේ. බලාගෙන ඉන්න, ට්‍රම්ප් නොවැරදීම දෙයි. (නි)
රජය කෙළින් නොසිටිනතාක් මෙයාලා නටනවා (නි)
හිලරි නෝනට ජය පතා පොල් ගහලා පහන් පත්තු කලේ රුදාවටද? (අ)
මේක ඇමරිකා යටත් විජිතයක්ද? (නි)
අනේ මන්දා මෙයාලා රෙද්දක් ඇඳගෙනද මේ කතාකරන්නේ කියලා (නි)
දකුණේ සිංහල මිනිස්සු දෙමළ මිනිසුන්ට කොළඹ ව්‍යාපාර කරන්න එපා, මුහුදු යන්න එපා, හින්දු ආගම අදහන්න එපා කියලා උද්ඝෝෂණ කරනවද? ලංකාව තුළ සියලුම පුරවැසියන්ට එකම අයිතිවාසිකම් තිබෙන බව දැන්වත් හිතට ගන්න. එතකොට ඔය ප්‍රශ්න ඔක්කොම ඉවර වේවි. ද්‍රවිඩ ජාතිකයන්ට තිබෙන ප්‍රශ්න සිංහලයන්ටත් තිබෙනවා. ශක්තිමත් විපක්ෂයක් ගොඩනඟා ආණ්ඩුව හරිමඟට ගන්නේ නැතුව හැමදාම ජාතිවාදී ට්‍රම්පට් එක ගගහා හිටියොත් වැඩ වරදීවි (නි)
අයිතිවාසිකම්? එ් මොනවද? (නි)
රජයෙන් කළයුතු වන්නේ වහාම ට්‍රම්ප්ගේ සහය තමන්ගේ පැත්තට ගැනීමයි. එ්ත් අපේ තියෙන අදක්ෂ තානාපති සම්බන්ධතා නිසා දෙමළ ඩයස්පෝරාව ඉස්සර විය හැක. (නි)
එහේ කොලනියක් හදාගන්න. මෙහෙ ඒවා බැහැ. (නි)
මට ඒ දවස් වල ඇන්ටන් ජෝන්ස්ගේ අර සින්දුව මතක්වෙනවා මේවා දකිනකොට. ඒ අය දැන් අයිතිවාසිකම් ගැන කතා කරනවා. දීලා තියෙන ඒවා මදිද? අපිට බුදු පිළිමයක් ඒ පැත්තේ තියාගන්න බැහැ. එයාලගේ කෝවිල් කොච්චර තියෙනවද මේ පැත්තේ. එතකොට කාගේද අයිතිවාසිකම් නැති වෙලා තියෙන්නේ? (නි)
එක කකුලක් ලංකාවේ (වැඩි හරියක් කොළඹ) තබාගෙන අනෙක් කකුල බටහිර රටවලට වරින්වර දිගුකරන සිංහලවිරෝධීන් පිරිසක් ලෙස කටයුතු කිරීමේ පාපකර්මයට ඔබ සැමටම වන්දි ගෙවන්න වුණා. ප්‍රභාකරන් වැනි ත්‍රස්තවාදියෙකු ලෝකය ඉදිරියේ වීරයෙක් ලෙස හුවා දක්වන්න ගොස් කරගත් විපතෙන් තවම පාඩමක් ඉගෙනගත්තේ නැද්ද? ත්‍රස්තවාදයට උඩගෙඩි දුන් ඇමෙරිකාවේ වසන ශ්‍රී ලාංකික ද්‍රවිඩයින් හිලරි ක්ලින්ටන්ට ආධාරකොට සිංහලයින්ට පාඩම් උගන්වන්න කළ උත්සාහය ලෝක ධර්මය ඉදිරියේ පරාජය වුණා. (නි)
මේක කපන්න බැරි අත ඉඹිනවා වගේ වැඩක්. හිලරි දිනන්න කියලා පොල් ගහලා දැන් ඩොනල්ඩ් ට්‍රම්ප්ව වර්ණනා කරනවා. කොහොම නමුත් දැන් ඩයස්පෝරාවට අබ සරණයි. (නි)
ඔට්ටුයි, ට්‍රම්ප් දන්නේ නැතුව ඇති ලංකාව රටක්ද කියලා. (නි)
මගේ අදහසේ හැටියට වැරදිලාවත් හිලරි නෝනා දිනුවා නම්, සම්බන්දන්ට මේ විදියට මහන්සි වෙන්න ඕනෑ නැහැ. සම්බන්දන්ට අමතකවෙලා වගෙයි ශ්‍රී ලංකාවේ පරාජිත, අපකීර්තිමත් ත්‍රස්තවාදී කණ්ඩායම්, හිලරිව ඇගේ දේශපාලන හිනි පෙත්තට නැංවීම සඳහා ඇමරිකාවේ වෙසෙන දෙමළ ඩයස්පෝරාව හරහා ඩොලර් මිලියන් ගණන් සම්මාදම්කර හෝ බලෙන් උදුරාගෙන බැංකු ගිණුම් වලට බැරකරපු හැටි. ප්‍රභාකරන් කිවුවේ සිංහලයට වසරක් යනවිට හැමදේම අමතක වෙනවා කියලා. සම්බන්දන්ට ඊටත් කලින් අමතක වෙලානේ.... (නි)
සම්බන්දන්ට මතක් කරලා දෙමුද, ඇමරිකානු ජනතාව ට්‍රම්ප් ජනපති කළේ, එරටේ ප්‍රශ්න විසඳා ගන්න මිසක් සම්බන්දන්ගේ හීන වලට උදව් කරන්න නොවෙයි කියලා. ශ්‍රී ලංකාවේ ජනාධිපති ඩොනල්ඩ් ට්‍රප්ම් නෙමෙයි, මෛත්‍රිපාල සිරිසේන මැතිතුමායි (නි)
නව ජනපතිගේ රැකියාව දේශපාලනය නොවීම සුබ දෙයක් (නි)
එකතුවෙලා පොල් ගැහුවේ වෙන කෙනකුට නේද? මොනවද දිනාගන්න තියන අයිතිවාසිකම්. ඔය කියන අයිතිවාසිකම් සිංහල අපිටත් දිනාගන්න වෙලා තියෙන්නේ. මොකද ඔය ප්‍රදේශයෙන් ඉඩම් කෑල්ලක් අරගෙන ගෙයක් දොරක් හදාගෙන ජීවත්වෙන්න අපිටත් ඕනෑ ඔයගොල්ලන්ට වගේම. (නි)
කියන්න බලන්න ඔයාලා ඉල්ලන අයිතිවාසිකම් (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින්න කියලා පොල්ගහපු අය ගැන එයා දන්නවා. දැනටමත් එහේ වීස නැතුව ඉන්න අයව යවන්නත් ඉඳන් ත්‍රස්තවාදෙට උඩගෙඩි දෙන අය හිරේ දාන්නත් ප්ලෑන් හදලා ඉවරයි. (හේ)
හොඳ හොඳ සෙල්ලම් තව ඉස්සරහට (නි)
ට්රම්ප් සමඟ නැගිටිමු.(හේ)
දැන් සංහිඳියාව දෝරේ ගලනවා! (හේ)
ට්‍රම්ප්ව ගොනාට අන්දගෙන අන්තිම ට්‍රම්ප් එකත් ගහන්න වගේ මෙයාගේ කල්පනාව.(අ)
ඔය එන්නේ සහජීවනයේ සිතුවිලි දෝර ගලාගෙන (නි)
අයියා අක්කා වගෙයි කියලා හිතාගෙන ඇති! (නි)
ගරු ඇමතිතුමනි, ඔබතුමා ලාංකිකයකු ලෙස රටේ ප්‍රශ්න රටේ නායකයාට කියා විසඳාගන්නවා නම් වටිනවා නේද? යාපනය කියන්නෙත් ලංකාවට අයිති පළාතක්. එහි වෙසෙන්නෙත් ශ්‍රී ලාංකිකයින්. බෙදී වෙන්වෙන්න හදන්නේ ඇයි? බටහිරවාදින්ට අවශ්‍ය සාමාන්‍ය රටවල් තුළ ප්‍රශ්න ඇතිකොට වෙනත් දේවල් දිනාගැනීමටයි (නි)
ඩොනල්ඩ් ට්‍රම්ප් පරදින්න කියලා පොල්ගහපු අය දැන් ඩොනල්ඩ් ට්‍රම්ප් සමඟින් එක්වී දෙමළ ජනතාවගේ අයිතිවාසිකම් දිනාගන්න යනවලු? අනේ මහත්තයෝ, ඇඳුම් ඇඳගෙනද යන්නේ? (නි)
මොනවා කළත් හරියන්නේ නැතුවා වගේ (නි)
ශ්රී ලාංකිකයින් ලෙස මේ අපට උදාවෙලා තියෙන්නේ ස්වර්ණමය අවස්ථාවක්. මේ රජයට බුද්ධියක් තිබේ නම් ඇමෙරිකාව අපට එරෙහිව යන මේ වැඩපිළිවෙල වෙනස් කරගන්න එක ඉතාමත් පහසු වැඩක්. ඒත් වත්මන් රජය ඇතුළෙම මේ රටට බෙදනවාට කැමති අය ඉන්න නිසා බලාපොරොත්තුවක් නැහැ. (නි)
ඇයි දැන් හිලරි දිනවන්න පොල් ගැහුවේ ඔයාලගේ ඇත්තලාමනේ. බලාගෙන! අයිතිවාසිකම් කියන්න ගිහින් ට්‍රම්ප් මහත්තයා උදහස් වෙයි එතුමාගේ ජයපතා පොල් නොගැහුවට. (නි)
හිලරිට පොල් ගැහුවේ කවුද? මෙහෙමත් මිනිස්සු! (නි)
සම්බන්දන්ට තියෙන්නේ "හිලරි සමඟ නැගිටිමු" වගේ ප්‍රකාශයක් කරන්න. (නි)
නිකන් ඉල්ලගෙන කන්නේ නැතුව ඉන්න. ලංකාවේ ජීවත්වෙවී සුද්දන්ට අාවඩනවා (නි)
මෙයා හරියට ට්‍රුම්ප් ගැන දන්නේ නැතුව කත්කරන්නේ, ට්‍රුම්ප් කියන්නේ සුඵ ජාතීන්ට මොනම නිදහසක්වත් දෙන්නේ නැති කෙනෙක්. (අ)
කකුළුවා දඟලන්නේ වතුර නටනතුරු කිවුවලු. (නි)
නුඹලාට අයිතිවාසිකම් දුන්නා වැඩි නිසා තමයි මෙහෙම වුණේ. සාධාරනව හිතුවොත් නේද හොඳ? (නි)
කවුරුත් එක්ක එකතුවෙලා ස්වයං තීරණ බලතල සහිතව වෙනම පළාත් සබාවක් දිනාගත් දාට ලොකු වෙනසක් සිදුවේවි
පොල් ගැහුවේ කව්ද එතකොට? දැන් ට්‍රම්ප් හොයාගෙන යන්නේ ඇයි? (නි)