
ඩොනල්ඩ් ට්‍රම්ප් ඇමෙරිකා ජනාධිපති ලෙස දෙවැනි වරට එම ධුරයට පත් වී පළමු දින 100 සම්පූර්ණ කර ඇත.
පළමු දින 100 සම්පූර්ණ වීම නිමිත්තෙන්, මිචිගන් ජනපදයේ ජන රැළියක් පැවැත්විණි.
මෙම දින 100 ක කාලයේ ට්‍රම්ප් ආන්දෝලනාත්මක චරිතයක් වූයේ පළමු දිනයේ සිට විධායක නියෝග නිකුත් කරමින්, ඇමෙරිකානුවන් වෙනුවෙන් ඇමෙරිකාව ශ්‍රේෂඨ තැනක් බවට පත් කිරීම සඳහා කැප වෙමිනි.
ඊට අමතරව ට්‍රම්ප් සිය පළමු ධුර කාලය අවසන් වෙද්දී, චීනය සමඟ වෙළෙඳ යුද්ධයකට අවතීර්ණ වී සිටි අතර එය තවත් ත්‍රීව කිරීමට පියවර ගත්තේය. ඊට අමතරව, තවත් රටවල් ගණනකට තීරු බදු පැනවීම ද කළේය.
(ඒ.එෆ්.පී.)

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අන්නා ජනාධිපතිලා. රට, ජාතිය ගැන නින්දෙන් පවා ක්‍රියා කරන උතුමන්. දෙවියනේ, අපිත් හිතුවේ ඔහොම කෙනෙක් ගැන. නොදකින්න විතරක්.