IMG-LOGO

2025 සැප්තැම්බර් මස 11 වන බ්‍රහස්පතින්දා


‘‘ට්‍රම්පේ බද්දෙන් තරගයක් නිර්මාණය වෙලා‘‘

(විමුක්ති එස් රුද්‍රිගු)

ජනපති ට්‍රම්ප් මෙරටට පනවා ඇති සියයට 20 ක තීරු බද්දෙන් යම්කිසි බලපෑමක් කුඩා හා මධ්‍ය පරිමාණ ඇඟලුම් කර්මාන්තකරුවන්ට එල්ල වනු ඇතැයි ශ්‍රී ලංකා ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

සියයට 20ක තීරු බද්ද හේතුවෙන් ඇඟලුම් නිෂ්පාදනවල මිල වැඩිවීමක් බලාපොරොත්තු විය හැකි බවත් තීරු බද්දේ බර දරාගන්නේ කර්මාන්තකරුවන්ද, සැපයුම්දාමයද එසේත් නැතිනම් ඇනවුම්කරුවන්ද යන්න තීරණය කිරීම සඳහා සාකච්ඡා ආරම්භ කිරීමට කාලය එළැඹ ඇති බව පැවැසිය

මූල් අවස්ථාවේදී යෝජනා වූ සියයට 44 ක තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට රජයගත් උත්සාහය පිළිබඳව සතුටට පත්වන බවද ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය ප්‍රකාශ කළේය.

රජය පුද්ගලික අංශයද සහභාගීකරවා ගනිමින් ක්‍රියාකාරීව සාකච්ඡා සිදුකළ බවත් එහි ප්‍රතිඵලයක් ලෙස බංගලදේශය, ඉන්දියාව සහ වියට්නාමය වැනි මෙරට තරඟකාරී රටවල් සමග තරඟකාරීත්වය පවත්වාගෙන යා හැකි සම බිමක් නිර්මාණය වී තිබෙන බවත් ඇඟලුම් අපනයනකරුවන්ගේ සංගමය පැවැසුවේය.

ජනපති ට්‍රම්ප්ගේ තීරු බද්ද සියයට 20 දක්වා අඩුකර ගැනීමට හැකියාව ලැබීම පිළිබඳව ඒකාබද්ධ ඇඟලුම් සංසදයද නිවේදනයක් නිකුත් කළ අතර එහි සඳහන්ව තිබුණේ තීරු බද්ද සියයට 20 ට අඩුකර ගැනීමට හැකියාව ලැබීම පිළිබඳව සතුටට පත්වන බවත් ශ්‍රී ලංකාව තරඟකාරිත්වය පවත්වාගෙන යාමට ඉන් හැකියාව ලැබී තිබෙන බවත්ය.

 



අදහස් (0)

‘‘ට්‍රම්පේ බද්දෙන් තරගයක් නිර්මාණය වෙලා‘‘

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි. 2025 අගෝස්තු මස 30 718 0
ක්ලීන්ටෙක් ආයතනය, DEI Championship සම්මාන උළෙලේ දී තම විශිෂ්ටත්වය තහවුරු කරයි.

ශ්‍රී ලංකාවේ ප්‍රමුඛතම නාගරික අපද්‍රව්‍ය කළමනාකරණ සේවා සපයන්නා වන Abans සමූහයේ තිරසාර අංශය ද වන ක්ලීන්ටෙක් පුද්ගලික සමාගම, SCOPE වැඩසටහන යටතේ, ශ්‍රී ලංකා වා

බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී. 2025 අගෝස්තු මස 22 17955 10
බ්‍රවුන්ස් EV දැරිය හැකි මිලකට සුවපහසු විද්‍යුත් මෝටර් රථයක හිමිකාරිත්වයෙන් ඔබේ වාහන සිහිනය සැබෑකරදීමට පෙරමුණ ගනී.

සියවස් එකහමාරක් පුරා විහිදුනු ‘විශ්වාසයේ උරුමය’ තුළින් බ්‍රවුන් සහ සමාගම දශක ගණනාවක් තිස්සේ දේශීය මෝටර් රථ ක්ෂේත්‍රය හැඩගැස්සවූ බව ඔබ දන්නා සත්‍යයක

සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට 2025 අගෝස්තු මස 21 769 0
සියපත ෆිනෑන්ස් නවතම ශාඛාව ඵෙතිහාසික මහියංගනය නගරයට

ශ්‍රී ලංකාවේ ප‍්‍රමුඛතම මූල්‍ය සමාගමක් වන සියපත ෆිනෑන්ස් පීඑල්සී දීප ව්‍යාප්ත ශාඛා ජාලයේ 56 වැනි ශාඛාව පසුගියදා මහියංගනය නගරයේදී විවෘත කෙරිණ. පුරාණ ශ්

Our Group Site