
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම සඳහා එක්සත් ජනපද හමුදා භාවිතය ඇතුළුව විකල්ප ගණනාවක් පිළිබඳව ඇමරිකා ජනාධිපති ඩොනල්ඩ් ට්‍රම්ප් සහ ඔහුගේ උපදේශකයන් සාකච්ඡා කරමින් සිටින බව ධවල මන්දිර මාධ්‍ය ලේකම් කැරොලයින් ලෙවිට් පැවසු බව විදෙස් මාධ්‍ය පවසයි.
ග්‍රීන්ලන්තය අත්පත් කර ගැනීම එක්සත් ජනපදයේ ජාතික ආරක්ෂක ප්‍රමුඛතාවයක් බවත්, ආක්ටික් කලාපයේ අපගේ විරුද්ධවාදීන් වළක්වා ගැනීම අත්‍යවශ්‍ය බවත් ජනාධිපති ට්‍රම්ප් පැවසු බවද විදෙස් මාධ්‍ය සඳහන් කරයි.
ඇමරිකා එක්සත් ජනපදය, යුරෝපය සහ රුසියාව අතර උපායමාර්ගිකව පිහිටා ඇති වර්ග සැතපුම් 836,000 ක සම්පත් බහුල දූපතක් වන ග්‍රීන්ලන්තය කෙරෙහි ට්‍රම්ප්ගෙ අවධානය දිගු කලක සිට යොමුව ඇත.
තෙල්, ගෑස් සහ දුර්ලභ පෘථිවි ඛනිජ ඇතුළු ස්වාභාවික සම්පත් එහි පොහොසත් නිධි නිසා එය උපායමාර්ගිකව වඩාත් වැදගත් වේ.
(හසිනි නවෝද්‍යා)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ලෝකයේ තියෙන හැම රටක්ම යටත් කරගෙන මෙයා ජීවිත කාලයම ඇමරිකාවේ ජනාධිපති වෙලා ඉන්න පුළුවන් කියලා හිතාගෙන ඉන්නවද දන්නේ නැහැ, ඔය මොනවා කෙරුවත් තව අවුරුදු තුනයි එයාට ඉන්න පුළුවන්, ඊට පස්සේ එයාට මොනවා වෙයිද කියලා එයාවත් දන්නේ නැතුවයි ඔය නටන්නේ!
@අරවින්ද මොනරවිල, ට්‍රම්ප් මේක කියෙව්වා. එයා ඒක තේරුම් අරගෙන හැදෙනවාලු. ලෝකෙටම උදව්වක් කෙරුවේ මේක ලියලා...
ලෝක පොලිස්පති ඩොනල්ඩ් ට්‍රම්ප්