බියගම ට්‍රාන්ස්ෆෝමරය අසාමාන්‍ය ලෙස විනාශ වීමට බලපාන්නට ඇති වෙනත් හේතු සාධක දැඩිව සොයා බලන්නට රජය තිරණය කළ බවත් ඒ අනුව පොලිසිය හා රජයේ රස පරික්ෂක පරික්ෂණයට කැඳවු බවත් විදුලි බල ඇමැති රංජිත් සියඹලාපිටිය කියයි. ඉරිදා (13) සිදු වු විදුලිය බිඳ වැටිම සම්බන්ධයෙන් කමිටු කිහිපයක්ම පත් කර ඇති අතර අවශ්‍ය වුවහොත් එතෙර විශේෂඥයන්ගේ සහාය ලබා ගන්නා බවත් ලබන 21 වැනි දා ට පෙර එම වාර්තා ලබා ගැනිමට නියමිත බවත් ඔහු කියයි. මෙම බිඳ වැටිමත් සමඟ නොරොච්චෝලේ යළි අක්‍රීය වී යැයි ද ඒ අනුව දින තුන හතරක් යන තුරු මෙගාවොට් 900 ක විදුලිය අහිමි වන හෙයින් අරපිරිමැස්මෙන් විදුලිය පාචිච්චි කරන්නැයි ද එසේ නොමැති වුවහොත් විදුලිය විසන්ධි කිරිමට සිදු වන්නේ යැයි ද ඇමැති පවසයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේක පිටුපස ඉන්දියාවේ මෙහෙයවීමක් තිබීමට බොහෝ ඉඩ තිබේ. මොකද ඉන්දියාවෙන් විදුලිය ලංකාවට ගැනීම ගැන පහුගියේ කාලේ අදහස් තිබුනා. අපේ අවාසනාවට ඉන්දියාවෙන් යෝජනා කරන ඕනෑම දෙයකට ආණ්ඩුවත් කැමති වෙනවනේ. (නි)
ඉන්ධන මිල අඩුවීමේ වාසිය ලංකාවේ ආණ්ඩුවටත් නැහැ ජනතාවත් නැහැ. සුළු කොටසක් තෙල් සංස්ථාවට, ඉතිරිය අයිඕසී එකට. මේ යන විදියට විදුලියත් ඉන්දියාවෙන් ගන්නවෙන විදියට කපටි උපක්‍රම කරලා, එම අංශයත් ඉන්දියාවට සුපිරි විදියට ගසාකන්න දෙයිද? ආණ්ඩුව කපටි ඉන්දියානුවන්ට අහුනොවී රට ගැන හිතලා කටයුතු කරයි කියලා බලාපොරොත්තු වෙනවා. (නි)
අපි හිතුවේ රනිල්,හර්ෂ,එරාන් මහා ආර්ථික කෙරුමෝ කියලා.මේගොල්ලෝ ආවම බටහිර අය එලවා එලවා ආධාර දේවි කියලා ,දැන් බැලුවාම නිකන්ම නිකන් කබ්බෝ ටිකක් ,අර හිගන ඉන්දීයාව ලංකරගෙන ඇන ගත්තා.දැන් ඉතින් ආයෙත් චීනය පස්සෙය් හිගමනේ යනවා .(බ)
විදුලිය කපන්න වෙන නිසා ආණ්ඩුව බොරු මවා පෑමක් කරලා දැන් විදුලිය කපනවා. අපි රැවටෙයි ඕවට (බ)
දැන් පෙනේද මහින්ද හදපු නොරොච්චෝලෙ බලාගාරයේ අගය? ඒක නැති උනාම රටටම විදුලිය නෑ. ඔන්න ඕකයි රට ගැන දුර දිග හිතලා වැඩක් කරනවා කියන්නෙ. මහින්ද ඒක හැදුවෙ නැත්තන් දැන් ලංකාවෙන් 60% අඳුරෙ. හම්බන්තොට වරාය හා ගුවන්තොටුපල ගැනත් කියන්න තියෙන්නෙ ඕකයි. ඉදිරියේදී අපට ගොඩක් ප්‍රයෝජනවත් වෙයි. (ර)
මෙන්න මේකත් මතක තියාගන්න. දැන් ටික දවසක ඉඳලා ඉන්දියාව සෑහෙන වලිකනවා ලංකාවට විදුලිය විකුණන්න. (නි)
මෙය කඩාකප්පල්කාරී වැඩක් බව හොඳටම තේරෙනවා. බල තණ්හාව මිසක වෙන අපි වගේ දුක් විඳින ජනතාවට ආදරයකින් නම් නෙවෙයි. (බ)
මොනවා වෙනවද කියලා හිතාගන්න අමාරුයි. අපි බලමු මොකක්ද සිද්ධවෙන්නේ කියලා (නි)
ඡන්දය ළඟ නිසා රට හැමතැනම කලබල ඇතිකරලා, විදුලිය බිඳවට්ටලා මිනිසුන්ව නොමඟ යවලා හරි පරණ කට්ටිය බලයට එන්න දඟලනවා වගෙයි. වහාම මේ ගැන ගැඹුරින් සොයා බලන්න. රටම එකවර අඳුරු වෙනවා කියන්නෙ ලේසියිනේ. මේවා කඩාකප්පකාරි වැඩක් කියලා හසුවුණොත් දැඩි දඬුවම් දෙන්න (නි)
"මහින්ද හදපු නොරොච්චෝලේ බලාගාරයේ" කියන්නේ එතුමා පුද්ගලික ධනයෙන් හදපු එකක්ද? දන්නෙ නැති නිසයි අහන්නේ (නි)
ජයරත්න බයයි වගේ වැඩේ අහුවෙයි කියලා. අද තාක්ෂණය දියුණුයි. බලමු මොකද වෙලා තිබුනේ කියලා (නි)
කමිටු තුන හතරක් පත් කර එතෙර විශේෂඥයන්ගේද සහාය ලබාගනිමින් කාගේ හෝ පිට වරද පැටවීමට උත්සාහ කරන බවයි පෙනෙන්නේ. තව දුරටත් කාලය සහ ජනතා මුදල් නාස්ති නොකර විදුලි බලාගාර වල නඩත්තු කටයුතු නිසි ආකාරව සිදුකොට අඛන්ඩව විදුලිය ලබා දෙන වැඩ පිලිවෙලක් සකස් කරන්න.(අ)
ත්‍රස්තවාදී ක්‍රියාවක් නම් මෙය ඉතා බරපතලයි. ජාතික ආරක්ෂාව දරුණු ලෙස බිද ඇති බවට ලකුණක් නොවේද? මේ සියලු ප්‍රශ්න සදහා පිළිතුරු ලැබෙන තුරු අදුර පමණක් නොව අවිනිශ්චිත භාවයද රජ කරනු ඇත. (ර)
ඒ දවස් වල අපි හිතුවෙ මේගොල්ලොත් හොද වැඩ කාරයො කියල. ස්වාධීනව වැඩ කරන්න දුන්නෙ නැහැ කියලනේ චෝදනා කළේ. පේනවනෙ තනියෙන් වැඩ කරන්න ගිහින් අනාගන්න හැටි. (බ)