කොටුගොඩ ඕපාත උප විදුලිපොළක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා රජයේ රස පරීක්ෂකට නියෝග කළේය.
මේ අතර බියගම හා කොටුගොඩ ඕපාත ග්‍රිඩ් උපපොළ දෙකේ ට්‍රාන්ස්ෆෝමර පිපිරීමට හේතු සොයා බැලීම සඳහා වෙනම තාක්ෂණවේදීහු පිරිසක් සඳුදා ශ්‍රී ලංකාවට එතියි විදුලිබල මණ්ඩලය කියයි.
මෙම ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනියේය.
විදුලි ගැටළු පිළිබඳව පිළියම් සොයන ජනපති කැබිනට් අනුකමිටුවේ යෝජනා ඇතුළත් කඩිනම් වාර්තාව ද ලබන 23 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ඉදිරිපත් කිරීමට නියමිතය. සවිස්තරාත්මක කමිටු වාර්තාව මසක් ඇතුළත් ඉදිරිපත් කරන බව එහි සභාපති විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මේවා ගැන සොයාබලන්න විදුලිය ගැන දන්නා කිසි කෙනෙක් ලංකාවේ නැද්ද? (නි)
මේකෙන්ම තේරෙනවා නේද අපේ රටේ උගතුන්ගේ තරම? ඉංජිනේරුවන්ගේ උගත්කම? මේවයින් කියාපාන්නේ නිකම්ම නිකම් උගතුන් යැයි නමට පමණක් කියන ඉංජිනේරුවන් සිටින රටක් බවයි මේ ශ්‍රී ලංකාව. ලැජ්ජයි. (නි)
ඔන්න දැන් මෙයාලත් හොරා කන්න සෙට් වෙන්නයි යන්නේ. (බ)