කොටුගොඩ ඕපාත උප විදුලිපොළක ඇතිවූ ගින්න සම්බන්ධයෙන් සොයා බලා කඩිනම් වාර්තාවක් ඉදිරිපත් කරන ලෙස මිනුවන්ගොඩ වැඩබලන මහේස්ත්‍රාත් සරල කරුණාරත්න මහතා රජයේ රස පරීක්ෂකට නියෝග කළේය.
මේ අතර බියගම හා කොටුගොඩ ඕපාත ග්‍රිඩ් උපපොළ දෙකේ ට්‍රාන්ස්ෆෝමර පිපිරීමට හේතු සොයා බැලීම සඳහා වෙනම තාක්ෂණවේදීහු පිරිසක් සඳුදා ශ්‍රී ලංකාවට එතියි විදුලිබල මණ්ඩලය කියයි.
මෙම ට්‍රාන්ස්ෆෝමර නිෂ්පාදනය කර ඇත්තේ ජර්මනියේය.
විදුලි ගැටළු පිළිබඳව පිළියම් සොයන ජනපති කැබිනට් අනුකමිටුවේ යෝජනා ඇතුළත් කඩිනම් වාර්තාව ද ලබන 23 වැනිදා මෛත්‍රිපාල සිරිසේන ජනපතිට ඉදිරිපත් කිරීමට නියමිතය. සවිස්තරාත්මක කමිටු වාර්තාව මසක් ඇතුළත් ඉදිරිපත් කරන බව එහි සභාපති විදුලි බල හා පුනර්ජනනීය බලශක්ති ඇමැති රංජිත් සියඹලා පිටිය මහතා පැවසීය.
2025 දෙසැම්බර් මස 18
660
2
ශ්‍රී ලංකාවේ අංක 1 සන්නිවේදන සම්පාදකයා වන ඩයලොග් ආසිආටා පීඑල්සී, මෙරට ඩිජිටල් තාක්ෂණික ගමන්මගේ සුවිශේෂී සන්ධිස්ථානයක් සනිටුහන් කරමින්, 5G යුගයක් සඳහා
2025 දෙසැම්බර් මස 16
321
0
සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.
2025 දෙසැම්බර් මස 04
1110
2
’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්
ට්‍රාන්ස්ෆෝමර් ලෙඩේට ජර්මනියෙන් බෙහෙත්
සරා Monday, 21 March 2016 12:42 AM
මේවා ගැන සොයාබලන්න විදුලිය ගැන දන්නා කිසි කෙනෙක් ලංකාවේ නැද්ද? (නි)
දනුක Monday, 21 March 2016 08:44 PM
මේකෙන්ම තේරෙනවා නේද අපේ රටේ උගතුන්ගේ තරම? ඉංජිනේරුවන්ගේ උගත්කම? මේවයින් කියාපාන්නේ නිකම්ම නිකම් උගතුන් යැයි නමට පමණක් කියන ඉංජිනේරුවන් සිටින රටක් බවයි මේ ශ්‍රී ලංකාව. ලැජ්ජයි. (නි)
ගමාල් Sunday, 20 March 2016 12:19 PM
ඔන්න දැන් මෙයාලත් හොරා කන්න සෙට් වෙන්නයි යන්නේ. (බ)