ට්රාන්ස්ෆෝමර් සැපයීම සම්බන්ධයෙන් ලංකා විදුලිබල මණ්ඩලයට ටෙන්ඩර් පටිපාටියක් නොමැති බවට රාජ්‍ය ව්‍යවසාය පිළිබඳ පාර්ලිමේන්තු (කෝප්) කමිටුවේ සභාපති ජවිපෙ පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුනිල් හඳුන්නෙත්ති මහතා චෝදනා කරයි.
පෞද්ගලික සමාගමක් හැටියට හඳුන්වන නමුත් 64% ක් ලංවිමට අයිතිය තිබෙන ලංකා ට‍්‍රාන්ස්ෆෝමර්ස් ලිමිටඞ් සමාගමේ තනි ඒකාධිකාරියක් හැටියට ට‍්‍රාන්ස්ෆෝමර් සැපයීම සිදුවන්නේ යැයි හඳුන්නෙත්ති මහතා කියයි.
වසර ගණනක් තිස්සේ ‘කෝප්‘ කමිටුව මගහරිමින් සිටි මෙම සමාගම පළමු වරට කැඳවා ප‍්‍රශ්න කළේ තම සභාපතිත්වය යටතේ යැයි ද මේ සම්බන්ධයෙන් විමර්ශන කමිටුව මගින් සිදුකෙරෙන්නේ යැයි ද හඳුන්නෙත්ති මහතා සඳහන් කරයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඉතින් මහත්තයෝ ඔයා දැන් හදන්නේ පිපුරුව ඒවත් මහින්දගේ ගිණුමට දාන්නද? හැබැයි ඔයාට අමතකවෙලා ඒ ට්‍රාන්ස්ෆෝමර් අවුරුදු 30 ක් පරණයි කියලා (නි)
අනේ මන්දා මහත්තයෝ, අපිට මේවා තේරෙන්නේ නැහැ. අපිට තේරුනා කියලත් ඉතින් අපි මොනවා කරන්නද? (නි)
වික්‍රම, දැන් පරණ වුණේ පහුගිය අවුරුද්දේ විතරද? ඒවාට ආදේශ කරන්න අවශ්‍ය කටයුතු කළේ නැත්තේ අැයි ඒ දවස්වල. සත්‍ය එළිකරන, ජනතාව වෙනුවෙන් පෙනීසිටින සැබෑ විපක්ෂය වන ජවීපෙට ස්තුතියි. මම නම් ඔබට ඡන්දෙ දුන්නේ නැහැ. ඡන්දෙ නොදුන්නත් ජනතාව ඡන්දෙන් පත්කරගත් අයගේ කෙළි හෙළිකීරීම ජනතා පැතුමයි. (නි)
ජනතාවට අත්‍යවශ්‍ය සේවා සපයන විදුලි, ජල, සෞඛ්‍ය, තෙල්, බැංකු, වරාය වැනි ආයතන එහි නිලධාරීන්ගේත් සේවකයන්ගේත් සහ පාලකයන්ගේ බලාධිකාරියට යටවෙලා. ඒගොල්ලන් හොඳට පඩි සහ දීමනා ගන්නවා, ජනතාවට මොනවා වුණත්. (නි)
ජේවීපී අයියලා වෙනසක් කරන්න කියලා මිනිස්සුන්ව බොරු කියලා ඇන්දුවා. තාමත් කරන්නේ ඒ බොරුව තමයි. වී ගොවියන්ට යන එන මං නැහැ. ඉන්දියන් කාරයන් මුහුද අල්ල ගත්ත මදිවට රටත් දෙන්න මුල පිරුවේ ජේවීපියේ බොරු කාරයන්. (බ)
මොන දෙයක්වත් හරියට කරලා නැහැනේ බලාගෙන යනකොට. (නි)