පසුගියදා සිංගප්පූරුවට ගිය ව්‍යාපාරික හා හිටපු මන්ත්‍රී ටිරාන් අලස් යළි ආපසු හරවා එවූ බව කියති.
ඔහු ඒ සඳහා විධිමත් ලෙස වීසා ලබා තිබුණද ආපසු හරවා එවීමට හේතුවක් සඳහන්ව නැත.
ශ්‍රී ලංකාවේ අලස්ට එරෙහිව නඩුවක් පවතින අතර අධිකරණයේ අවසර ඇතිව වෛද්‍ය ප්‍රතිකාර සඳහා ඔහු සිංගප්පුරුව බලා ගියේය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සිංගප්පුරුවට යන්න වීසා මොකටද? ලංකාවේ පාස්පෝර්ට් එකට මොකද මේ අරියාදු? (නි)
මුදල් ආයෝජනය කරනවානම් කොහෙන් ගෙනාවත් කමක් නැත (ම)
විධිමත් වීසා ලබා තිබුනා කිවොත් වැරදි. (ම)
ලෝකයේ කොහේ හෝ රටක බ්ලැක් ලිස්ට් එකට කෙනෙකුගේ නම ඇතුළු වුවහොත් එම තැනැත්තාට සිංගප්පුරුව තහනම් කලාපයක් වන්නේය. (ර)
තව මොන දෙයක් ඕක යට තියෙනවද දන්නේ අලස් මහත්තය විතරයි, අපි දන්නේ නැනේ, අපි අලස් මහත්තය මාධ්‍ය ප්‍රකාශයක් කරනකම් ඉඳිමු නේද (බ)
අහ්, මට අමතක වුනා, මේ ගැන හරියටම දැනගන්න පිළිවන් , විමල් වීරවංස , වාසුදේව හෝ ගුණවර්ධන මහත්තුරුන්ගෙන් ඇහැව්වා නම්, ගම්මන්පිල මහත්තයටත් පිළිවන් වේවි, එ්ත් එයා අත්අඩංගුවේ නේ (බ)
මට ගිය අවුරුද්දෙ දවස් 30ක සංචාරක විසා හම්බවුණා, එ්ක දෙන්නේ සිංගප්පුර් ගුවන්තොටුපොළේදී. (බ)
අන්තර්ජාලයේ සුපිරි ලිපියක් තිබෙනවා බලන්න. (බ)
නිදහස් වෙළඳ මධ්‍යස්ථානයක් වුවද තම රට ජාත්‍යන්තර ජාවාරම් කාරයන්ගේ තිප්පොලක් බවට පත් වීම වැළැක්වීමට සිංගප්පූරුව දැඩි ක්‍රියාමාර්ග ගන්නා රටකි. නීතිය අකුරටම ක්‍රියාත්මක කරන රටකි. එනිසාම ලෝකයේ සුපිරි ව්‍යාපාරිකයන් සිංගප්පූරුවේ තම කාර්යාලයක් හෝ විවෘත කිරීමට උත්සාහ කරන්නේ ඉන් තම ව්‍යාපාරයට ගරුත්වයක් කීර්තියක් මෙන්ම චරිත සහතිකයක් ලැබෙන බැවිනි. (බ)
සිංගප්පූරුවේ නීතිය අකුරට ක්‍රියාත්මක කිරීම සම්බන්ධයෙන් එක් උදාහරණයක් මෙසේය. වරක් සිංගප්පූරුවේ බරපතල දූෂණයකට හසුවූයේ එවක එරට ජනාධිපති ලී ක්වාන් යූ ගේ සමීපතම මිතුරෙකි. (ම)
පාරට බැහැල උද්ඝෝෂණයක් කළොත් නරකද? (බ)
ලංකාවේ පාස්පෝට් එකට මාසයකට විසා දෙනවා සිංගප්පුරුවේ. (නි)
දන්නේ නෑති නිසයි අහන්නේ සිංගප්පුරු වීසා දෙන්නේ එරටේ ගුවන් තොටුපොලේ නේද? දෑනට අවු 10 ට කලින් මම වීසා ගත්තේ එහෙමයි දෑන් ඒ ක්‍රමය වෙනස් කරලද දන්න කෙනෙක් කියන්න. (ර)
ලෝක දුෂණ සංජානන දර්ශකයට අනුව රටවල් 168 කින් 8 වැනි තැන ඉන්න සිංගප්පුරුව ආසියානු කලාපයේ දුෂණයෙන් තොර හොඳම රට. ඒ රටත් එක්ක සෙල්ලම් බෑ. (බ)
යහපාලන ආණ්ඩුව කරනවා වගේ ලෝකේ අනෙක් රටවල් කරාවි කියලා හිතුවා නම් එ්ක ලොකු රැවටීමක්. අපේ රටේ මොන ආණ්ඩුව ආවත් අන්තර්ජාතික හොරුන්ට ජය මඟුල්. මොකද පාර්ලිමේන්තුවේ ඉන්නේත් කොහෙන් කොහෙන් හරි ඔය හොරුන්ට සම්බන්ධකම් තියෙන අය. නමින් කපුරු හාමිලා වුණත් ඔය දේශපාලකයන්ගේ කටවල් එකවගේ දුර්ගන්ධ බව මුළු ලෝකෙම දන්නවා. (නි)
ලංකාවේ සෙල්ලම් දැම්මට සිංගප්පූරුවේ දැනහැඳුනුම්කම් මත බේරෙන්න බැහැ. (නි)
මෙයාලාගේ වැඩ සිංගප්පුරුවට බෝවෙයි කියලා වෙන්න ඇති නවත්වන්න ඇත්තේ. (නි)
මෙහෙ සෙල්ලම් එහෙත් දාන්න හිතන්න ඇති (නි)
මෙයා සිංගප්පුරුවෙත් මොකක්හරි හොර වැඩක් කරලාද දන්නෙ නැහැ. සිංගප්පුරුවේ ප්‍රතිකාර ගන්න තරම් මෙයාගේ ආර්ථිකය ශක්තිමත් වුණේ කොහොමද කියලා හොයලා බැලුවා නම් නරකද? (නි)
සිංගප්පුරුවේ සංචාරක වීස නම් ඉල්ලුම්පතක තරම් දෙයක්වත් පුරවන්න නැහැ. ආගමන විගමන කවුන්ටරයේදී විසා එක දෙනවා. බෙහෙත් ගන්න නම් කොහොමද දන්නේ නැහැ (බ)
රුවන් , දැනුත් සංචාරයට යනවනම් වීසා මෙහෙන් අරන් යන්න අවශ්‍ය නැහැ .වෙන දේවල්වලට යන කොට නම් කොහොමද කියන්න දන්නේ නැහැ. (බ)
ඇයි මෙයාලට ලංකාවේ බෙහෙත් ඇඟට අල්ලන්නේ නැත්තේ? ලංකාවේ බෙහෙත් හොඳ අපි වාගේ දුප්පතුන්ට විතරද? (නි)
මම දන්නා තරමට ඉල්ලුම් පතක් පිරවීමෙන් ලංකාවේ අයට ගුවන් තොටුපලේදී දින 14 කට විසා දෙනවා . නැත්නම් ගුවන් තොටුපලෙන්ම හරවා එවනවා .(බ)
අපේ ලංකාව වාගේ නොවේ සිංගප්පුරුව, ඔවුන් දන්නවා. ඔවුන් විමසිල්ලෙන් බලා ඉන්නේ... (ර)