සුනාමියෙන් විනාශ වූ නිවාස ඉදි කිරීමට යැයි කියමින් රුපියල් මිලියන 167ක් රාඩා ආයතනය මගින් සාවධ්‍ය පරිගහරණය කළැයි කොළඹ මහේස්ත්‍රාත් අධිකරණයේ විභාග වන නඩුවක සැකකරුවකු වන ටිරාල් අලස් මහතාට වෛද්‍ය ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට කොළඹ මහාධිකරණ විනිසුරු ඒ ඒ ආර් හෙයියන්තුඩුව මහතා අද අවසර ලබා දුන්නේය.
වෛද්‍ය ප්‍රතිකාර සඳහා සිංගප්පූරුව බලා යෑමට අලස් මහතා මීට පෙර කොටුව මහේස්ත්‍රාත් අධිකරණයෙන් අවසර ඉල්ලා තිබුණත් එය ප්‍රතික්ෂේප විය.
ඉන් පසු ඔහු ප්‍රතිශෝධන අයදුම්පතක් මහාධිකරණයට යොමු කළේය.
කොළඹ ප්‍රධාන අධිකරණ වෛද්‍ය නිලධාරී අජිත් තෙන්නකෝන් මහතා අලස් මහතා ගැන දුන් වෛද්‍ය වාර්තාව සලකා බැලීමෙන් පසු සහ අලස් මහතා වෙනුවෙන් ඉදිරිපත් වූ කරුණු සලකා බැලීමෙන් පසු මාස තුනක කාලයක් ඇතුළත සති තුනක් ප්‍රතිකාර සඳහා විදෙස් ගත වීමට මහාධිකරණ විනිසුරු හෙයියන්තුඩුව මහතා අවසර ලබා දුන්නේය.
රුපියල් ලක්ෂයක මුදල් හා රුපියල් පන් ලක්ෂයක ශරීර අප අමතර ඇප වශයෙන් තැම්පත් කරන ලෙස ද විනිසුරුවරයා නියෝග කළේය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දුප්පතාට මෙහෙම වුණා නම්, රට නෙමෙයි ලංකාවවත් බලන්න බැරිවෙයි (නි)
බලය ලබා ගන්නකම් ජනතාවට දුන් පොරොන්දු, දෙන පොරොන්දු අද සැබෑ වී තිබෙන බව නම් පැහැදිලිව කිවයුතුයි. (නි)
චානක කියන දේ හරියටම හරි (නි)
ඇයි ලංකාවේ ප්‍රතිකාර කරන්න බැරිද, හැදිලා තියෙන ලෙඩේට? දෙගොල්ලොම කළෙත් කරන්නෙත් ජනතාව මුලාකරන එක තමයි. (නි)
දැන් එතකොට චෝදනා වලින් නිදහස්ලුද? (නි)
ලක්ෂ එක්දාස් හයසිය හැත්තෑවේ වංචාවට ඇපය රුපියල් ලක්ෂයද? (නි)
කවුරුත් එකයි.(හේ)
අනේ ඉතින් අපේ රට වෙනුවෙන් වෙහෙසෙන අයනේ. ලංකාව වගේ රටකට ඔය ගානත්, ගානක්ද? ඔන්න ඔහේ දුප්පත් අහිංසකය රට ගිහින් ඔය බෙහෙත් ඩිංගක් අරගෙන එනකොට සාක්කුවේ දා ගෙන එන්න පුළුවන් දේවල් ටිකකුත් අරගෙනම එන්නකෝ මොකද ඇවිල්ලත් ජිවත් වෙන්න ඕනිනේ.(හේ)
පවු දුප්පතා, දැන් හිස ගිනිගෙන ඇපේට මුදල් සොයනවා ඇති. මේ වගේ අයට ලක්ෂයක් හොයා ගන්න අමාරුයිනේ.(හේ)
මේ ගැහිල්ලට දැන් ඉන්න ඇමතිවරයෙක් අහුවෙලාද දන්නේ නෑ මෙයාට රට යන්න ඉඩ දුන්නේ (බ)