ගම්පහ ඇතැම් උපකාරක පන්ති හා ලැගුම්හල් ආශ්‍රිතව සිදුවෙතියි කියන අපචාර ක්‍රියා අවම කිරීමට පොලිසිය සැරසෙයි.
ගම්පහ උපකාරක පන්ති සහ ලැගුම්හල් ගැන සමීක්ෂණයක් සිදු කර අද (4) වාර්තාවක් සකස් කර ඇති අතර ඒ අනුව ඒවා අධීක්ෂණයට උප පොලිස් පරීක්ෂකවරු හා පොලිස් පරීක්ෂකවරු පත් කරනු ලැබ සිටිති.
ගම්පහ කොට්ඨාස භාර පොලිස් අධිකාරී විජිත ඩී කොමසාරු මහතාගේ උපදෙස් පරිදි සහකාර පොලිස් අධිකාරීවරුන්ගේ අධීක්ෂණයෙන් මේ වැඩපිළිවෙළ ක්‍රියාත්මක වෙයි.
උපකාරක පන්ති ඇති ස්ථානවල හා වැඩි වශයෙන් ළමයින් ගැවසෙන ස්ථානවලත්, ලැගුම් හල් ඇති ස්ථානවලත්, පාසල් ආශ්‍රිතවත් පෞද්ගලික ඔත්තුකරුවන් යොදා ඇතැයි ද, ඔවුන්ගෙන් ලැබෙන තොරතුරු අනුව එම ප්‍රදේශ භාරව පත් කර ඇති උප පොලිස් පරීක්ෂකවරු සහ පොලිස් පරීක්ෂකවරු තම ප්‍රධානීන්ගේ ද සහායෙන් අයතා ක්‍රියාවක් සිදුවන්නේනම් ඒ මොහොතේම වැටලීම් සිදු කරන බව ද පොලිසිය කියයි.
නගරයක ලැගුම් හලක් නීත්‍යනුකූලව පවත්වාගෙන යා යුතු ආකාරය හා නඩත්තු කළ යුතු ලේඛන ගැනත්, අපචාර ක්‍රියා අවම කර ගන්නා ආකාරය ගැනත් පසුගිය සතියේ ලැගුම්හල් හිමියන් දැනුවත් කර ඇත.
උම උපදෙස් පිළි නොපදින පිරිස් ගැන සෙවිල්ලෙන් පසුවන බවත්, ගම්පහ දිසාවේ යම් කිසි නීති විරෝධී ක්‍රියාවක් සිදුවන බවට තොරතුරක් ලැබුණහොත් 033 2222222 හෝ පොලිස් අධිකාරී කාර්යාලයයට දන්වලන ලෙසත් පොලිසිය ඉල්ලයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔය වැඩේ හරියටම කරනවානම් හොදයි පොලිසියට හරියටම නීතිය ක්‍රියාත්මක කරන්න දෙයිද (අ)
ගම්පහ විතරක් නෙමෙයි ඕක රට පුරාම කරන්න. ටියුෂන් පන්ති තියෙන්නෙ ගම්පහ විතරද? රටේ කාන්තා පරපුර ආරක්ෂා කර ගනිව්..!(අ)
සුදත් හරියටම හරි. අපේ රටේ ඉන්න කුහක නිලධාරීන් තමයි මේවට පාර කැපුවේ. තරුණ කාලේ ආදරය කරන්න ඕනේ. හැබැයි ඒ ආදරයේ සීමා මායිම් තිබිය යුතුයි. මම මගේ බිරිද එක්ක ඉන්නකොටත් දවසක් ඔය වගේ නුගත් නිලධාරියෙක් ඇවිත් බාධා කළා. ඒ වෙලාවේ මම වීසා ගන්න අපු නිසා මගේ ලග විවාහ සහතිකය පවා තිබුනා. එත් එය කතාකලේ නීතිය තියා අකුරු දන්නෙත් නැති විදියට. ඔය වගේ දේවල් හොද නැහැ. තරුණ දරුවොන්ට අපි ආදරේ කරන්න ඕනේ. ඉරිසියා කරන්න හොද නැහැ.(නදී)
උපුල් ,මම තරුණ වියේ බබෙක් ලෙස නොසිටි නිසා තමයි මේ විදියට මගේ අදහස පලකලේ.යමක් ලියන්න කලින් හොඳින් කියවන්න. තමන්ගේ තාරුණ්‍ය අමතක කර දැන් උපාසක වෙස් ගෙන සිටින අයටයි මේ ,*තරුණ වියේ පෙම් නොකළ අයෙක් වේ නම් පළමු ගල ගසන්න යැයි මා ඔබට නොකියමි ,නමුත් හැකි ඉක්මනින් වෛද්‍යවරයෙකු මුණගැසී පරීක්ෂණයක් කරවා ගන්න යැයි මා ඔබට කියමි* . (නි)
වැඩේ හරියටම කරනවානම් රට පුරාම කරන්න....(නදී)
මෝඩයා පලක් නැති..හානි දායක දේවල්වලට තමයි ආශා කරන්නේ. ලැගුම් හල වලට යන්නෙත් තාවකාලික සුවයක් ලබා ගන්න. හොඳම දේ තමයි ගම්පහ විතරක් නොවෙයි සියලුම ලැගුම් හල් නිතර නිතර පරික්ෂා කරන එක.(නදී)
සුදත් කියන දේ කොහොමවත් පිළිගන්න බෑ. සුදත් විතරක් නෙවෙයි ගොඩක් උගත් යයි කියන පණ්ඩිතයො කියනවා පාසල් යන වයසේ ළමයි ප්‍රේම කරන්ඩ ඕනේ ඒකට ඉඩදෙන්ඩ ඕනේ කියලා. ඔය කියන සුදත් සහ අනිත් අය කැමතිද තමන්ගේ පාසල් යන දුව කොල්ලෙක් එක්ක තැන් තැන් වල රවුම් ගහනවට එකට ඉඩ දෙනවද. ඔය කියන අය තමුන්ගේ දරුවට කීයටවත් ඒකට ඉඩදෙන්නේ නෑ, ඇත්ත ඒකයි. එයාල වගේම තමයි අනිත් දෙමාපියොත්. පාසල් යන කාලේ දෙමාපියන්ගේ ආදරේ තියනවනම් මොකටද තව පෙම්වතෙක්ගේ ආදරේ. පාසල් කලේන් පස්සේ මුලුජීවිත කාලෙම තියනවා ඒක වින්දින්ඩ පොලිසිය කරන්ඩ යන වැඩේ හරියටම හරි. ජය වේවා .(නදී)
සුදත් බොහොම තැන්ක්ස් ඔයාගේ අදහසට. එත් ඔය ගම්පහ වෙන දේවල් දන්නේ නැති නිසා තමයි ඔය විදියට අදහස් පළකරන්නේ.(නදී)
උපකාරක පන්ති වලට සහභාගිවන පාසැල් වයසේ තරුණ ළමුන් ප්‍රේම සබදතා ඇති කර ගැනීම ස්වභාවික තත්වයකි. මේ පෙම්වතුන් නිදහසේ ප්‍රේම කිරීමට මුහුදු වෙරළ ,උද්‍යාන ,සිනමා හල් කර ඇදී යාම අද ඊයේ සිදුවූවක් නොවේ. නමුත් පසුගිය කාල වකවානුවේ පොලිසිය විසින් වැටලීම් කර මෙම තරුණ පෙම්වතුන් අත් අඩංගුවට රැගෙන ඔවුන් මහා අපරාධයක් කල අය සේ සලකා අපහසුතාවයට පත් කිරීමේ ප්‍රතිපලයක් ලෙස, මිනිසුන්ගෙන් වසන් වී පෙම් කිරීමට, අද වන විට තරුණ පෙම්වතුන් ලැගුම් හල් කරා ඇදී යාමේ ප්‍රවනතාවයක් ඇතිවී තිබෙනු දක්නට ලැබේ. අප මෙය කෙසේවත් අනුමත නොකරමු. නමුත් අවස්ථාවෙන් ප්‍රයෝජන ගත් අවස්ථාවාදී ලැගුම් හල් කරුවන් ,මේ තරුණ ළමුන් ඔවුන්ගේ ගොදුර බවට පත්කරගෙන ඇත. පොලිසියේම අදුරදර්ශී ක්‍රියා කලාපය හේතු කොට ගෙන තරුණ ළමුන්ට මේ විපාකයට මුහුණ දීමට සිදුවී ඇති බව පොලිස් බලධාරීන් තේරුම් ගත යුතුයි.(නදී)
සෞදි අරාබිය වගේ වේගන යනවා වගෙයි. (නි)
ඒක හොදයි (නි)
සුදත් හරියට බබෙක් වගේ. ගම්පහ සියලුම රූම් දෙන ස්ථාන අවලංගු කරන්න(නි)
මෙය අද ඊයේ සිදුවූවක් නොවේ. තරුණ ළමයින්ට ප්‍රේම කරන්න නිදහස තිබිය යුතුය. නමුත් ලැගුම්හල් කරා යාම හොඳ නැහැ. එකට තියෙන්නේ ලැගුම්හල් ගැන පරීක්ෂාවෙන් ඉන්න එකයි. (ස)
සුදත්, අදහස් පලකරන්න පරක්කු වුනේ දොස්තර ලගට ගියාද බෙහෙත් ගන්න? (දී)