පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක ගුරුවරයකු විසින් ඉකුත්දා අත් බෑගයක් සඳහා බුදුන් වහන්සේගේ රුවක් යොදා ගෙන තිබූ බව පොලීසිය කියයි.
බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ගුරුවරයකු ප්‍රචාරය සඳහා මේ බෑගය යොදා ගෙන තිබූ අතර එය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙනි.
පෞද්ගලික පන්ති පවත්වන ආයතනයක ගුරුවරයකු විසින් ඉකුත්දා අත් බෑගයක් සඳහා බුදුන් වහන්සේගේ රුවක් යොදා ගෙන තිබූ බව පොලීසිය කියයි.
බෞද්ධ ශිෂ්ටාචාරය උගන්වන ගුරුවරයකු ප්‍රචාරය සඳහා මේ බෑගය යොදා ගෙන තිබූ අතර එය වාර්තා වූයේ මහියංගනය ප්‍රදේශයෙනි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පහුගිය කාලේ කාන්තාවන්ගේ අගපසග වලත් බුදුන්ගේ රුපය කොටා තිබිලා අහුවුණා නේද? (නි)
අයියෝ සල්ලි.(නදී)
බෞද්ධ රූපය කිසිම වානිජමය කටයුත්තකට යොදාගැනීම තහනම් කළ යුතුයි. වෙසක් කාඩ් පත් සදහාද මෙය අදාල විය යුතුයි. වෙසක් කාඩි සදහා බුදුරුව සංකේතවත් කිරීමට ධර්මචක්‍රය ප්‍රමාණවත්.(නදී)
දනුෂ්ක, බුද්ධ රූප යොදා කෑම පාර්සල් කොල සෑදීමත්, බුද්ධ රූප ඇති පත්තර කොල වලින් කෑම එතීමත් අතර වෙනසක් තියෙන බව තේරෙනවා නම්, මෙතන වෙලා තිබෙන වැරැද්ද ඔයාට තේරෙන්න ඕනෑ. (නි)
සල්ලි වලට හැමදෙයක්ම තීරණය කරන්න දෙන්න එපා
නොහොබිනා වැඩ නම් කරන්න එපා (දී)
මට මේකේ වරදක් පෙනෙන්නෙ නැහැනේ. (නි)
මමත් නන්දලාල් සමග එකගයි (නි)
කඩ තුළ වෙළදාමට තබා තිබෙන බුදුපිළිම වෙළදාම වහා නවතනු! බුදුන්ව මුදලට විකුණා බුදුන් වහන්සේට අගෞරව නොකරනු! (නි)
අන්න....අන්න.... ඒ වැඩේ නම් අනුමත කල නොහැකිය (දී)
බෞද්ධයන්ගේ ආගමික නායකයාගේ රූපය බෑග් එකකට දැමූ මොහු කවරෙක්ද? (නි)
මේක තමයි බෞද්ධ තලේබාන් මානසිකත්වය. එහෙනම් පින්තුරයක් ගන්නවත් බැහැ බුදු පිළිමයක. තවත් ටිකක් එහාට ගියොත් හැම හන්දියක් ගානේම කාක්කෝ වහන පිළිම වලට මොකද කියන්නේ? තවත් ටිකක් එහාට ගියොත්, පිළිම නෙලන එකත් වැරදි කියල කියන්න පුළුවන්. මේවා ප්‍රශ්න නොවේ. නමුත් මේ එන්නේ ආගමික අන්තවාදයයි. (නි)
සදාචාර සම්මන්නව කටයුතු කරන්න (දී)
නන්දලාල්ගේ අදහස මමත් අනුමත කරනවා. (නි)
මේ නම් බුදුන්වහන්සේ විකුණගෙන කන නින්දිත වැඩක්. (නි)
මේක බොදු බල සේනාවට අහුනූනේ ඇයි දන්නෙ නැහැ. (නි)
මහියංගණය පැත්තේ වැඩක් වෙන්න ඇති. (නි)
අනේ අපොයි! (නි)
මට කියලා දෙන්න බුදුන් වහන්සේ කවදාවත් කියලා තියෙනවද පිලිම හදන්න කියලා.(නදී)
අර සුද්දා කිව්වේ බීබීසී එකට කියලා තිබුනේ පච්චා ගැහුවේ බුරුමෙන්. බුදුන්ට තියෙන ලැදියාවට කියලා.(නදී)
දැන් ඔන්න කයිවාරුකාරයෝ චූන් වෙයි.(නදී)
හන්දි හන්දි ගානේ පිලිම හදන්නේ. ඇයි මේත තහනම්ද?(නදී)
ඇයි මේ එක එක රටවල් වලට එක එක විදියේ ප්‍රතිපත්ති? (නි)
දැන් අපිට තියෙන්නේ මීට විරුද්ධව උද්ඝෝෂණයක් කරන්නයි. (නි)
කවර ආගමික ශාස්තෘවරයෙකුගේ රුවක් වුවත් වාණිජ අරමුණකට නොයෙදිය යුතුයි. (නි)
මම උසස් පෙළ කළේ 2001 අවුරුද්දේ. ඒ දවස් වලත් ඔය වගේ බෑග් , ෆයිල් , නිබන්දන කවර , අත් පත්‍රිකා ලබා දුන්නා. (නි)
කෝ අපේ සේනාව? මේවා හලාල්ද? හරාම්ද? (නි)
මේ බෑග් එකේ ක්‍රියාවෙන් ඔප්පු වෙන්නේ රටේ අනාගතයේ තත්ත්වයයි. (නි)
කෝ ඉතින් බොදු බල සේනාව? (නි)
එහෙනම් ඉතින් වෙසක් කාඩ් ගහන එකත් වැරදියි නේද? (නි)
මෙන්න නැවතත් පෙළපාලි යන්න අවස්ථාවක්. (නි)
උගන්වන්න කලින් ඉගනගන්න මහත්තයෝ.......(ස)
චින්තක, ඔයා වගේ චින්තනය යොදවලා චින්තනයෙන් කල්පනා කරන ඇත්තො ලංකාවේ අද නොමැති තරමිය. මේවාට වගකියන්න ඕනෑ ඔය බුදුරදුන්ගේ රෙූප අඔපු අයමය. (නි)
දැන් මේක අන්තවාදීන් බහුල රටක් වෙලා. (නි)
ගෞරවය තිබිය යුත්තේ අපේ සිතේ සහ අප කරන වැඩ වලයි. (නි)
චින්තක කිව්වා වගේ මේකනම් දැන් ඕනිවට වැඩියි. බුදුහාමුදුරුවෝ කාටවත් අයිති දෙයක් නොවෙයි. ඕකෙන් අපහාසයක් වෙලා නැහැ, මට පේනවා මේ යන විදියට තව ටික දොහක් ඇතුලත කවදාවක් නොතිබූ ආගම් වාදී ගැටුම් මෙ රටේ ඇති වෙයි. බුද්ධිමත්ව කටයුතු කරන්න.(නදී)
මේකේ කිසිම වරදක් නැහැ. මේක වැරදි නම් බුදු පිලිම විකිනීමත් වැරදියි.(නදී)
මේක වැරැද්දක් නෙමෙයි කියලා කියපු අය කිසිම විදියකින් බෞද්ධයෝ වෙන්න බැහැ. කිසිම ආගමික සාස්තෘවරයෙකුගේ රුවක් වානිජකරණය කිරීම වැරදියි. මේක බෞද්ධ රටක්. මෙය කළ ගුරුවරයාට උපරිම දඩුවමි කළ යුතුයි. ඔහුගේ වගේම පහත් මානසිකත්වයක් තියෙන අය තමයි මෙහි වරදක් නොදකින්නේ. (නදී)
බෞද්ධයින් කියන්නේ අඩු මානසිකත්වයක් ඇති ජාතියක්. (නි)
අඩු මානසිකත්වයක් වගෙයි.(නදී)
මේ යන්නේ අන්තවාදී පැසිස්ට්වාදයටයි... (නි)
සල්ලි වෙනුවෙන් නොකරන වැඩක් (දී)
අනේ පව් අතුල සර්.(නදී)
මිනිසෙක් සම්පුර්න වෙන්න මොලෙයි හදවතයි දෙකම දියුණු වෙන්න ඕනේ. මෙයාලා හිතන්නේ මේක වෙළදාමක් කියලා. මෙයාලව හිරේ දාන්න ඕනේ. සුද්දා අතේ ගහගෙන ආපු පච්චෙයි මේකෙයි වෙනසක් නැහැ.(නදී)
අනෙක් බෞද්ද රටවල ශරීරයේ පච්ච කොටනවානම් බැග් එකට දැම්මම තියෙන වැරැද්ද මොනවද?(නදී)
මෙහෙමත් ලෝකයක් (දී)
අනේ මෙහෙමත් ගූරැවරු.(නදී)
හුගක් ගුරුවරු දැන් සල්ලි වලට යටවෙලා.(නදී)
මොකක්ද මේකේ තියෙන වැරැද්ද? පත්තර වල බුදුන්ගේ රූපය දාලා ඊට පස්සේ ඒ පත්තර කොලෙන්ම බත් පාර්සල් ඔතනව නම් මේ බෑග් එකේ බුද්ධ රූපය දැම්මට මොකක්ද තියෙන වැරැද්ද. අපේ රටේ මීට වඩා ගොඩක් ලොකු වැරදි කරන අය ඉන්නවා. (නදී)
බුදුන්ගේ රුව ටියුෂන් වලට ගන්න එපා. (දී)