2012 අපොස සාමාන්‍ය පෙළ විභාගයේ විද්‍යා ප්‍රශ්න පත්‍රය පිට කළැයි සැකපිට අත්අඩගුවේ සිටින චන්දන සම්පත් අත්තටගේ (සම්පත් අත්තටගේ) ඇතුළු පස් දෙනා ඇප මත නිදහස් කරන ලෙස කඩුවෙල ප්‍රධාන මහේස්ත්‍රාත් ලංකා ජයරත්න මෙනෙවිය නියෝග කළාය.
රුපියල් පහලොස් දහසක බැගින් මුදල් ඇප ද, රුපියල් දෙලක්ෂය බැගින් ශරීර ඇප ද නියම කැරිණි.
ප්‍රධාන සැකකරුගේ සහායකයකු වන ලක්ෂාන් ජයසිංහ, නයිවල ප්‍රදේශයේ උපකාරක පන්ති ගුරුවරයකු වන සිරිවර්ධන ජයසේන, නයිවල රූපලාවන්‍යාගාරයක් පවත්වාගෙන යන නිරෝෂන් සංජීව, සහ විභාග දෙපාර්තමේන්තුවේ මුද්‍රණ යන්ත්‍ර ක්‍රියාකරු මංගල ප්‍රිය ශාන්ත සෙසු ඇප ලැබුවෝ වෙති.
සම්පත් අත්තටගේ දෙසැම්බර් 22 වැනිදා සිට මාස එක හමාරක පමණ කාලයක් රිමාන්ඩ් භාරයේ පසු විය.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔහොම යන් , අපරාදේ නේද කාලය ??.(ස)
මේ වැඩේ අනෙක් ගුරුවරුන්ටත් පාඩමක් (දී)
බෝධිසත්වයෙක් වන ගුත්තිල ගාන්ධර්වයාට මූසිල පරද්දන්න ශක්‍රයාගෙන් උදව් ගන්න හොඳනම්, මේ පෘතක්ජන අපි විභාගෙකින් පාස්වෙන්න ප්‍රශ්න පත්‍රයක් යන්තම් පන්න ගත්තට මොන වැරැද්දක් වෙනවද කියල හිතන්න ඇති. (ස)
මිට වඩා සෝදිසියෙන් වැඩ කරන්න (දී)
සැක කරුවෙක් විතරද තවම් (දී)
ඉතින් ප්‍රශ්න පත්තරේ පිට කලාද නැද්ද (දී)
පොල්ගෙඩි 8ට, කොස්ගෙඩි2ට රු. 50,000 ක ; විභාග වංචාවට ශරීර ඇප රු. 200,000 යි. කාට කියමුද මේවා (ස)
නියමයිනේ ? හැබැයි ඉතින් හරියට විභාගෙට පාඩම් කරලා ලියන අයට ඇපත් නෑ මෙයාලා එලියේ ඉන්නකොට (ස)
ප්‍රශ්න පත්‍ර වල රහස්‍ය භාවය රැකීම විභාග දෙපාර්තමේන්තුව සතු කාර්යයක්. (නි)
පේනවා නේද ලංකාවේ නීතිය? (නි)
අනේ මෙහෙමත් රටක්? (නි)
අයියෝ ඇයි මෙච්චර දඩයක් ගැහුවේ? අපරාදෙනේ. (නි)
ටියුෂන් ගුරුවරයෙකුට 15,000ක් කියන්නේ සොච්චමක්. (නි)
අපේ නීතිය හරි ෂෝක් නේද? (නි)
ඉතින් බලන්නකෝ. අපරාධ වැඩිවෙන එක අහන්නත් දෙයක්ද? (නි)
නියමයිනේ. ලංකාවේ විභාගය ලියද්දි හොර කරලා අහු උනොත් ජීවිතේටම විභාගය ලියන්න තහනම්. ලක්ෂගානක් ලියන විභාගයක ප්‍රශ්න පත්‍රය පිටකලොත් 15000ක් දීලා ගෙදර යන්න පුළුවන්. .(ස)
අපිනම් මුලින්ම හිතුවා වැඩක් වෙන්නේ නැති බව .(ස)
ඔය මොනවා කිව්වත් ටියුෂන් පන්ති නැත්නම් ළමයි අතරමග .(ස)