උණ්ඩ හයක් ස්වයංක්‍රීව නිකුත් කළ හැකි ගල් කටස් අවියක් හංවැල්ලේ ගමක වැලිගොඩක් අස්සෙන් සොයා ගත් පොලිසිය ටයිල් බාස් කෙනෙක් සැකපිට අත්අඩංගුවට ගනු ලැබීය.
බිරියත්, නැන්දම්මාත්, තව කෙනකුත් මරා දැමීම සඳහා ඔහු තුවක්කු බාස්ලා තිදෙනකුගේ සහායෙන් මේ තුවක්කුව හදවාගෙන ඇතැයි ද, ඒ සඳහා රුපියල් 1500ක් පමණ ඔහුට වැය වී ඇතැයි ද කියති.
මෙවැනි අවියක් තමන් දුටු පළමු වැනි අවස්ථාව මෙය බව ද පොලිසිය කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
රුපියල් 1500 ක්? ඉතුරු ටික ලියලා වැඩක් නැත (නි)
මොහු මෙය වැරදි දෙයකට යොදා ගත්තේ නම් දඩුවම් දිය යුතුයි.නමුත් මේ තාක්ෂණික ඥානය රටේ ආරක්ෂක අංශ සදහා යොදා ගන්න උත්සාහ ගන්නවා නම් කොතරම් අගෙයිද..? (නි)
අපරාදේ මේ මනුස්සයා යුද්දෙ කාලෙ අහුනූනේ (නි)
ඒක වැලිකටස් එකක් (නි)
සදුනි මේ පළවෙනියා නෙමෙයි.මේ වගේ නිෂ්පාදන කරපු තව කී දෙනෙක් හිටියද? එයාලා ජීවතුන් අතර ඉන්නවද දන්නෙත් නැහැ.අනේ මන්දා ඒකයි අපේ රටේ වෙනස. (නි)
රුපියල් 1500 කට මෙවැනි අවියක් සැපයූ කෙනා හොයලා උදවු කරලා තාක්ෂණය සපයලා හොඳ වැටුපක් ලබාදී, අඩුමුදලට පොලිසියට සහ හමුදාවට අවශ්‍ය අවි නිපදවීමේ කර්මාන්ත ශාලාවක් දමන්න (නි)
මෙය නිර්මාණය කළ තැනැත්තාගේ හැකියාව යොදාගමු රටේ දියුණුවට. (නි)
ඕක නිර්මාණය කළ කෙනාට ලක්ෂ 10ක විතර තෑග්ගක් දෙමු (නි)
යකඩ බට ටිකක් එක මිටියට පාස්සලා මිටකුත් පාස්සලා ඒකට වයර් ටිකක් අමුණලා බැටරි කෑල්ලක් සවිකළාට මේක පිස්තෝලයක් වෙන්නේ නැහැ. කවුරුහරි ගිනිඅවි පිළිබඳ දැනුමක් තිබෙන කෙනෙකුට කියලා පරික්ෂා කරලා බැලුවා නම් හොදයි නේද? (නි)
අපි නම් දැනගෙන හිටියේ බැරල් දෙකේ තුවක්කු ගැන විතරයි. නමුත් දැන් බලනකොට බැරල් හයේ ඒවත් මෙහෙම හදනවනෙ. චීනෙට ආවඩමින් චීන්නුන්ගේ සපත්තු ලෙවකන්න බලාගෙනම ඉන්නේ නැතුව ලංකාවේ නිර්මාණශීලී දක්ෂ මිනිසුන්ගෙන් ප්‍රයෝජනයක් ගතයුතුයි. (නි)
රුපියල් 1500 තුවක්කුවක්... ඒකත් බට 6 එකක්... වහාම ඔහුව රජයේ අවි නිෂ්පාදක ලෙස පත් කරන්න (නි)
මේ වගේ මිනිස්සුන්ගෙන් මීට වඩා හොද නිෂ්පාදන හදාගන්න පුලුවන් නම් ගොඩක් හොදයි. හිරේට දානවට වඩා වැදගත් (නි)
අනේ මන්දා මෙතන ප්‍රතිචාර දමන අය ඔහේ කියවල බලන් නැතුව අදහස් දමනවා.. අවිය කොහොමද කියලා දැකලවත් නැතුව.. උණ්ඩ 6ක් ස්වයන්ක්‍රීයව කියලා තිබුනාට එකවර නිකුත්කරනවා කියලා නැහැ, T 56 අවියටත් උණ්ඩ 30ක් ස්වයන්ක්‍රීයව නිකුත්කරන්න පුළුවන් එත් ඒ එකවර නෙමේ. මමනම් හිතන් නැහැ මේක ඒ වගේ දියුණු අවියක් කියලා, රුපියල් 1500කට අපි හිතන තරම් දියුණු අවියක් නිපදවන්න බැහැ, මෙම අවිය ප්‍රථමික තාක්ෂණයෙන් යුතු අවියක් වියයුතුයි නිසැකවම.(අ)
ඔබට අවශ්‍යය ඕනෑම ප්‍රමාණයක ගිනි අවි පහසු මිලට. භාවිතය සඳහා උපදෙස් නොමිලේ (නි)
මේවා හදන්න මොළය තියෙන මිනිසුන්ට ඒ මොළය යොදවලා යහපත් වැඩක් කරන්න සිත් දේවා! (නි)
වියදම රු,1500යි, මෙවන් අයව අභාවයට යානොදී රැකගෙන රටට සේවය ලබාගත යුතුය. (නි)
සජී, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා. ස්වයංක්‍රීය තුවක්කුවක් හැදුවනම් බැරල් හයක් ඕනෙ වෙන්නේ නැහැ, එක බැරල් එකයි අවශ්ය. අනික එක සැරේට උන්ඩ හයක් යවන්නේ මොන මෝඩයද. නමුත් අවශ්යනම් මෙය හැදූ කෙනාට එවැන්නක් වුවත් කළ හැකියි. රුසියානු ඒ. කේ. 47 මැෂීන් ගන් එක නිර්මාණය කලෙත් යුද්දෙදි තුවාලවී රෝහල් ගතවූ සාමාන්ය සෙබලෙක්. හංවැල්ලට ඉස්සර කිව්වේ ගුරු බැවිල කියල. සීතාවක රාජසිංහ රජු වෙනුවෙන් කොඩිතුවක්කු, කාලතුවක්කු හදපු දක්ෂ කාර්මිකයන්ගෙන් පැවත එන පරම්පරාවල් තවමත් මෙහි සිටිනවා. ඒවිතරක් නෙමෙයි, මායාදුන්නේ රජු තැනූ ආරක්ෂක දිය අගල් සහිත කොටුව හෙවත් කෝට්ටේත් තවමත් හංවැල්ලේ තිබෙනවා. එහි ඉංග්‍රීසි හත්වන එඩ්වර්ඩ් රජු සිටවූ කොස් ගසත් සෙල්මුවා ආසන දෙකත් අදත් ජීවමානයි.
සජී, යන්නේ කොහෙද මල්ලේ පොල් කතා කියන්න එපා. ස්වයංක්‍රීය තුවක්කුවක් හැදුවනම් බැරල් හයක් ඕනෙ වෙන්නේ නැහැ, එක බැරල් එකයි අවශ්ය . අනික එක සැරේට උන්ඩ හයක් යවන්නේ මොන මෝඩයද. නමුත් අවශ්‍ය නම් මෙය හැදූ කෙනාට එවැන්නක් වුවත් කළ හැකියි. රුසියානු ඒ. කේ. 47 මැෂීන් ගන් එක නිර්මාණය කලෙත් යුද්දෙදි තුවාලවී රෝහල් ගතවූ සාමාන්ය සෙබලෙක්. හංවැල්ලට ඉස්සර කිව්වේ ගුරු බැවිල කියල. සීතාවක රාජසිංහ රජු වෙනුවෙන් කොඩිතුවක්කු, කාලතුවක්කු හදපු දක්ෂ කාර්මිකයන්ගෙන් පැවත එන පරම්පරාවල් තවමත් මෙහි සිටිනවා. ඒවිතරක් නෙමෙයි, මායාදුන්නේ රජු තැනූ ආරක්ෂක දිය අගල් සහිත කොටුව හෙවත් කෝට්ටේත් තවමත් හංවැල්ලේ තිබෙනවා. එහි ඉංග්‍රීසි හත්වන එඩ්වර්ඩ් රජු සිටවූ කොස් ගසත් සෙල්මුවා ආසන දෙකත් අදත් ජීවමානයි. (දී)
ටයිල් බාස්ලා ටයිල් වල හිල් විදින්න පාවිච්චි කරක යන්ත්‍රයක්ද කොහෙද... (ස)