IMG-LOGO

2025 දෙසැම්බර් මස 18 වන බ්‍රහස්පතින්දා


ටයිටැනික් නැවෙන් හමුවූ ලෝකයේ වටිනාම වයලීනය

අවුරුදු 101 කට පෙර වර්ෂ 1912 දි මහ මුහුදේ ගිලිණු ලෝකයම කම්පාවට පත්කල ටයිටැනික් නැවේ සංගීත කන්ඩායමේ වයලින් වාදකයෙක් සිටියේය. ඔහු නමින් වැලෙස් හාර්ට්ලි නම් වේ.

නැව විනාශ වන විට ඔහුද අතුරුදහන් වුයේය. දින දහයකට පසු වැලෙස් හාර්ට්ලි ගේ මල සිරුර සොයා ගත් අතර ඒ සමගම ඔහුගේ ඇදුම් බෑගය ඔහුගේ සිරුරට ගැට ගසා තිබුනු බව සොයා ගත් පරීක්ෂකයෝ පරීක්ෂණ වාර්තා වල සදහන් කර ඇත්තේය.

සත්ව හමකින් නිම කර ඇති එම බෑගය තුල තිබී හමුවූ වයලීනයේ හිමිකරු ඔහු බව ඔහුගේ සිරුර හදුනා ගත් ඔහුගේ මව විසින් සනාත කොට තිබුණේය. ඔහුගේ විවාහා ලියා පදිංචිය සිදුවූ දිනයේ වැලෙස් හාර්ට්ලිගේ පෙම්වතිය වූ මරියා රොබින්සන් විසින් මෙම වයලීනය ඔහුට තෑගි කල බවත් එබැවින් එම වයලීනය දැඩි ආශාවකින් රැකගත් බවද පවසා තිබුනි. එමෙන්ම එම වයලීනයේ සවිකල රීදි පැහැති තහඩුවක ‘‘අපේ විවාහා දිනයේදි වැලීට ආදරණීය මරියා ගෙන් ‘‘යනුවෙන් සදහන් රිදි තහඩුව එලෙසම තිබුනු බව එය පරීක්ෂා කල කණ්ඩායම් සදහන් කර ඇත්තේය. ඔහුගේ මරණයෙන් පසු එම වයලීනය ඔහුගේ පෙම්වතිය වූ මරීයා රොබින්සන්ට භාර දුන් අතර ඇය 1939 දි මියගිය අතර වයලීනය කැනඩාවේ ආයතනයකට භාර දුන්නේය. අද එම වයලීනය එංගලන්තයේ සුප්‍රසිද්ධ හෙන්රි ඕල් ඩිර්ජ් වෙන්දේසි ආයතනය සතුව පවතී. එහි වටිනාකම යුරෝ ලක්ෂයකට මිල කර ඇති අතර, ටයිටැනික් නැව නිශ්පාදනය කල බෙල්ෆාස්ට් නුවරදී ඉදිරි දින කිහිපයේදි ප්‍රදර්ශනයට තබන බව එහි නගරාධිපති පැවසීය.



අදහස් (0)

ටයිටැනික් නැවෙන් හමුවූ ලෝකයේ වටිනාම වයලීනය

නන්දලාල් Sunday, 24 March 2013 01:24 PM

චිත්‍රපටියක සිදුවීමක් නොව මෙය සත්‍ය සිදුවීමකි‍ . එම සිදුවීම මුල්කරගෙන පසු කලෙක චිත්‍රපටයක් නිර්මාණය වුණා (ස)

:       0       0

උපාලි Sunday, 24 March 2013 10:14 PM

වැලෙස් හාර්ට්ලි සහ ඔහුගේ වයලීනය මිල කළ නොහැකිය. (නි)

:       0       0

චන්ද්‍රා Monday, 25 March 2013 12:06 AM

ඔය කියන කාලෙම අපේ ආචිචි කෙනෙක් පාවිචිචි කරපු ගිරයක් සහ කඹයක් මා ගාව තියෙනවා. විහිලුවක් නෙමෙයි විකුනන්න කැමති නැහැ.(නදී)

:       0       0

වන්නිගමගේ Monday, 25 March 2013 12:46 AM

ඉතා වැදගත්, ඒ වගේම අනුවේදනීය පුවතක්. (නදී)

:       0       0

ලක්ෂ්මන් Monday, 25 March 2013 06:06 AM

ජීවිතේ ඒ වගේ.(නදී)

:       0       0

දමිත් Monday, 25 March 2013 07:16 AM

මේ වයලින් එක වාදනය කරන 'බ්‍රිජ්' එක මගේ ළග. (නි)

:       0       0

අමල් Monday, 25 March 2013 09:18 AM

වටිනා පුරා වස්තුවක් (දී)

:       0       0

ගාමිණී Sunday, 24 March 2013 08:10 PM

මිල කළ නොහැකි සංගීත භාන්ඩයක්. නැව ගිලුනත් බෑන් චූන්.(නදී)

:       0       0

ශානක Monday, 25 March 2013 09:56 AM

ඕක වාදනය කරන්නේ "බෝ" එකෙන් මිස බ්‍රිර්ජ් එකෙන් නෙමෙයි. (නි)

:       0       1

දුමින්ද Monday, 01 August 2016 03:30 PM

වටිනා පුරාවස්තුවක්.(හේ)

:       0       0

තරිදු Monday, 01 August 2016 03:25 PM

වටීනා කෞතුක වස්තුවක්.(හේ)

:       0       0

කෙවින් Sunday, 24 March 2013 12:24 PM

නියම චිත්‍රපටයක්.(නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට 2025 දෙසැම්බර් මස 16 92 0
සියපත ෆිනෑන්ස් පීඑල්සී 60 වැනි ශාඛාව වරකාපොළ නගරයට

සියපත ෆිනෑන්ස් පීඑල්සී සිය දීපව්‍යාප්ත ශාඛා ජාලය තවදුරටත් පුළුල් කරමින් 60 වැනි ශාඛාව කෑගල්ල දිස්ත්‍රික්කයට අයත් වරකාපොළ නගරයේ විවෘත කොට ඇත.

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 893 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 620 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

Our Group Site