IMG-LOGO

ටොම් හෑන්ක්ස් රඟන Sully තිරගතවෙයි

2016-09-09-ent-25

හොලිවුඩයට නවතම සිනමාපටයක් ලෙස එක් වන "Sully" සිනමාපටය හෙට (09දා) සිට තිරගත වීම ආරම්භ වීමට නියමිතය. ඇමරිකානු චරිතකතාමය වෘතාන්ත සිනමාපටයක් වන මෙම සිනමා නිර්මාණය "ක්ලින්ට් ඊස්ට්වුඩ්" ගේ අධ්‍යක්ෂණයෙන් සහ සම නිෂ්පාදනයෙන් නිර්මාණය වූවකි. 1549 දරණ යූ.එස් එයාවේස් ගුවන් යානය සහ එහි ගුවන් නියමුවකු වන "චෙස්ලි සුලෙන්බර්ගර්" වටා ගෙතුනු මෙම සිනමා පටයේ තිර රචනය "ටොඩ් කොමානිකී" විසින් රචනා කරන ලද්දකි.

මෙහි ප්‍රධාන චරිතය වන සුලෙන්බර්ගර්ගේ චරිතයට සුප්‍රකට නළු "ටොම් හෑන්ක්ස්" පණ පොවන අතර සෙසු චරිතවලින් ආරොන් එකාර්ට්, ලෝරා ලයිනි, ඇනා ගුන්, ඕටම් රීසර්, හෝලට් මැක් කැලනි, ජැමී ෂෙරිඩෑන් සහ ජෙරී ෆෙරාරා දායක වෙයි. 43 වැනි වාර්ෂික "ටෙලුරයිඩ්" සිනමා උලෙළේදී සැප්තැම්බර් 02 දින පැවැති මංගල දර්ශනයෙන් අනතුරුව හෙට (09දා) සිට ඇමෙරිකාවේ සිනමාහල්වලදී තිරගත වීමට නියමිත මෙම සිනමාපටයේ බෙදාහැරීමේ කටයුතු වොනර් බ්‍රදර්ස් සිනමා සමාගම සිදුකරයි. මිනිත්තු 96 ක පමණ කාල පරාසයක් ඔස්සේ දිවෙන මෙම සිනමාපටය ඉංග්‍රීසි බසින් නිර්මාණය වී ඇති අතර මේ සඳහා ඇ.ඩො මිලියන 60කට ආසන්න මුදලක් වැය කර තිබේ.

 

අනුෂි දන්තනාරායන

 

2016-09-09-ent-26
2016-09-09-ent-28
2016-09-09-ent-27



අදහස් (0)

ටොම් හෑන්ක්ස් රඟන Sully තිරගතවෙයි

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්. 2025 ජුලි මස 23 83 0
අලුත් taxi app එකෙන් ගමන් යන්න, රු 200ක වට්ටමක්.

මාර්තු මාසයේ LEOS රියදුරු ලියාපදිංචිය සාර්ථකව දියත් කිරීමෙන් අනතුරුව, LEOS ආයතනය මෙම සතියේ LEOS කස්ටමෙර් app එක Android Play Store සහ Apple App Store යන දෙකෙහිම ලබා ගත හැකි පරිදි නිකු

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්  සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි. 2025 ජුලි මස 23 15 0
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අදයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් - සුබ පැතුම් ශිෂ්‍යත්ව ප‍්‍රදානෝත්සවය අද, ජුලි 23 වන දින කොළඹ 07, බණ්ඩාරනායක අනුස්මරණ ජාත්‍යන්තර සම්මන්ත‍්‍රණ ශාලාවේ (BMICH) ප‍

අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්. 2025 ජුලි මස 15 671 0
අවැසි පවුල්වල දරුවන්ගේ ජීවිත රැක දෙන නොමිලේ සිදු කරන හෘද සැත්කම්.

ඔබේ දරුවාට සංජානනය වන හෘද දෝෂයක් (CHD) තිබේ නම් සහ ඔබට ප්‍රතිකාර සඳහා මුදල් වැය කිරීමට නොහැකි නම්, අපි ඔබේ දරුවා වෙනුවෙන් ඒ මහැඟි සත්කාරය ඉටු කර දීමට කැප වී

Our Group Site