(සුමිත් පොතුපිටිය )

ටිපරයක් සහ මෝටර් රථයක් අද දහවල් වාද්දුව  තල්පිටිය පාලම මතදී මුහුණට මුහුණ ගැටී ටිපර් රථය පෙරළී ගොස් එහි රියදුරු සහ සහායක තුවාල ලබා ඇතැයි වාද්දුව පොලිසිය පවසයි .

ටිපර් රථය කළුතර  දෙස සිට පානදුර දෙසට ගමන්කර ඇති අතර , මෝටර් රථය පානදුර දෙස සිට කළුතර දෙසට ගමන්කර ඇති බවත් වාහන දෙකෙහිම අපරීක්ෂාකාරී රිය ධාවනය අනතුරට හේතුවන්නට ඇති බවත් පොලිසිය පවසයි .

තුවාලකරුවන් දෙදෙනා පානදුර මුලික රෝහලට ඇතුලත් කර අතර , මෝටර් රථ රියදුරු අත්අඩංගුවට ගත්බව පොලිසිය පැවසීය .