බටපොල ඇල්පිටිය මාර්ගයේ කිරිමැටිය තේවත්ත අසල අද (14) සවස වාහන අනතුරකින් පාසල් දැරියක් මරණයට පත්විය. මරණයට පත් වූයේ කුරුඳුගහහැතැම්ම ශාන්ත තෙරේසා බාලිකා විද්‍යාලයේ ප්‍රධාන ශිෂ්‍ය නායිකාව වන ජී.ඩබ්. චතුරි කෞශල්‍යා (17) සිසුවියයි.
පියා සමග යතුරුපැදියන් ගෙදර යමින් සිටිය දී ටිපර් රථයක් ඉස්සර කිරීමට ගොස් තවත් යතුරුපැදියක ගැටීමෙන් පසු ටිපර් රථයට යටවී මෙම සිසුවිය මරණයට පත් විය
ඡායාරූප දීපාල් ද සිල්වා




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
පොලිසිය මාර්ග නීති කඩන අයට එරෙහිව ගන්නා පියවර හොඳටම මදි. පොලිසියෙන් ඉල්ලන්නේ මාර්ග නීති කඩන සියලු දෙනාට එරෙහිව නීතිය අකුරටම ක්‍රියාත්මක කරන්න. අද කී දෙනෙක් වමෙන් ඉස්සර කරනවද? ට්‍රැෆික් පොලිසියට තමන්ගේ රාජකාරිය වෙලා තියෙන්නේ හන්දිවල වාහන හසුරුවන එක විතරයි. නීතිය කඩන අයට එරෙහිව පියවර ගන්නවා නම් එක කරන්න ඕනෑ නැහැ. (නි)
මනෝජ්, මම නම් දැනගෙන හිටියේ නැහැ ඔබ පවසන ඉතාම වැදගත් ආරක්ෂක ක්‍රියාමාර්ගය ගැන. මට එහි ඉතා වැදගත් සහ කාලෝචිත බවක් පෙනෙනවා. ඔබට බොහොම ස්තුතියි මේ වගේ මතයක් පළකිරීම ගැන (නි)
මේ ටිපර් මාරයා ගැන නම් තීරණයක් ගන්න ඕනෑ (නි)
හරිම දුක හිතන පුවතක්. නිවන් සුව ලැබේවා (ම)
දුවේ, නැවත ඔයාට මේ වගේ අකල් මරණයක් නොවේවා (ම)
යතුරු පැදි දෙකක් හැප්පිලා දියණිය වැටුන පසුවද ටිපර් එකට යටවුණේ. මොනවා වුනත් අනේ පවු. (බ)
මේ හැමදේටම වැරදි වාහන ණයට ගන්න මුදල දෙන ආයතන. ණයට සල්ලි දෙනවා. මිනිස්සු වාහන ගන්නවා. ණය සහ පොලි ගෙවන්න ඕනි නිසා හැටට හැටේ දුවනවා. ඉතින් සිද්ද වෙන්නේ මේ වගේ අවාසනාවන්ත දේවල්. (ම)
මට හිතෙන හැටියට ට්‍රිපර් රථය ඉස්සර කිරීමේදී පියාගෙනුත් වරදක් සිදුවී තිබෙනවා. (ම)
කෝ අර ටයර් වලට ඉදිරියෙන් ඇති ආරක්ෂිත ආවරණය? මේවා තමයි අල්ලපු රටෙන් ලාබෙට ගෙනෙන ඒවා. දැන්වත් අන්තර්ජාතික ප්‍රමිතියට ඇති වාහන පමණක් රටට ගෙන එමු (නි)
පව්....හදිස්සිය නිසානේ මේ ඔක්කොම (නි)
කොහොමත් මේ ටිපර් කියන්නේ මඟමරුවෝ. දුවේ, නැවත ඔයාට මේ වගේ අකල් මරණයක් නොවේවා! (නි)
ඒ දැරියගේ පියාට කොයිතරම් වේදනාවක් ඇද්ද එවැනි අකල් මරණයක් සිදුවීම ගැන. නිවන් සුව!!! (නි)
සියලු දෙවි දේවතාවුන් ඇතුළු බලධාරීනි, මේ අමන ටිපර් රියදුරන් පිළිබඳව නිසි පියවරක් ගන්නේ කවදාද? (නි)
වාහන නීති ක්‍රියාත්මක කිරීමේදී ඉංජිනේරුමය හා මනෝවිද්‍යාත්මක පැත්ත ගැන ලංකාවේ කවුරුවත් බලන්නේ නැහැ. මේ වාහනයේ රෝද දෙක ආවරණය වෙන්න වැටක් තිබියයුතු නමුත් එය නැහැ. වාහන තැනීමේ රෙගුලාසි උල්ලංගනය කරලා. මෝටර් රථ වාහන දෙපාර්තමේන්තුව ලියාපදිංචි කිරීමේදී මෙය සළකා බලලා නැහැ. (නි)