මෑතකදී කුරැණෑගල පැත්තෙ ක්‍රිකට් මැච් එකක් තිබුණලු. ඒක වෙනස්ම එකක්. මොකද ඒකට සහභාගි වුණේ ටෙලිනාට්‍ය නළු නිළියො.
තරගය නරඹන්නත් මිනිස්සු ගොඩ දෙනෙක් ඇවිත් හිටියලු.
මැච් එක දිනුවෙ එක්තරා ටෙලිනාට්‍යයක් නියෝජනය කරපු කණ්ඩායම.
හවස් වෙද්දි කට්ටියම පොඩ්ඩක් එකට එකතු වෙලා සුන්දර පැය කීපයක් ගත කළාලු. ජයග්‍රාහී කණ්ඩායමේ හිටියලු විකට් 5 ක් ගත්තු නළුවෙක්.
ඔහුගෙ ගම පිටිසර එකක්.
“කොහොමද මල්ලි උඹ මේ තරම් හොඳට බෝල් කළේ, උඹ ඉස්කෝලෙ ටීම් එකට ක්‍රිකට් ගැහුවද?”
“නැහැ...” ඔහු කෙටියෙන් පිළිතුරැ දුන්නලු.
“මචං උඹේ බෝල් වැඩිපුරම ඉන් ස්විංගර්ද? අවුට් ස්විංගර්ද? පිතිකරැවො කොර වුණා නේද?” ඔහු සිනහවකින් ප්‍රතිචාර දැකුවුවලු.
“අනේ බලපංකො මූගෙ තියෙන ආඩම්බරකම. කියපංකො උඹ මොන බෝල්ද වැඩිපුර දාන්නෙ?”
“ටෙනිස් බෝල අයියා, ටෙනිස් බෝල. මම දන්නෙ එච්චරයි. ඊට වැඩිය දෙයක් මම දන්නෙ නැහැ. අපේ ඉස්කෝලෙ ක්‍රිකට් තිබුණෙත් නැහැ.”
කට්ටිය ඔහු දිහා පුදුමෙන් බලන් හිටියලු ඇස් ටික ටෙනිස් බෝල සයිස් කරගෙන.
ශ්රී ලංකාවේ දේපල වෙළෙඳාම් ක්ෂේත්‍රයේ ප්‍රමුඛයා බව නැවත නැවතත් තහවුරු කරමින් Home Lands ආයතනය 2025 ජුනි මාසයේදී Apartment units 104ක්, රු.බිලියන 7.4 විකිණුම් ආදායමක් සටහන් ක
දේශයේ රක්ෂකයා ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් (SLICLL) වසර ගණනාවක් පුරා රටේ අනාගත පරපුරේ අභිවෘද්ධියට විශාල වශයෙන් දායක වී ඇත. ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්
මානසික සෞඛ්‍යය පිළිබඳව සහය සලසන මානසික සෞඛ්‍ය උපකාරක සේවා දුරකථන අංකය 1333 ගැන ජනතාව තුළ වැඩි දැනුවත් භාවයක් ඇති කිරීම වෙනුවෙන් ක්‍ක්‍ක් පදනම (CCC Foundation) වි
ටෙනිස් බෝල අයියා, ටෙනිස් බෝල