බ්‍රිතාන්‍යයේ හිටපු අගමැති ටෝනි බ්ලෙයාර් මහතා ශ්‍රී ලංකාවේ සංචාරයක නියැලීම සඳහා කටුනායක බණ්ඩාරනායක ජාත්‍යන්තර ගුවන්තොටුපොළෙන් අද දිවයිනට පැමිණියේය.
ටෝනි බ්ලෙයාර් මහතාගේ බිරිඳ වන බ්‍රිතාන්‍යයේ සුප්‍රසිද්ධ බැරිස්ටර්වරියක් වන චෙරී බ්ලෙයාර් මහත්මිය ඇතුළු පවුලේ සාමාජිකයෝ කිහිප දෙනෙකු ඔහු සමග මෙරටට පැමිණි බව වාර්ථා වෙයි.
එමිරේටස් ගුවන් සේවයට අයත් ඊ.කේ 348 දරණ ගුවන්යානයෙන් අද දහවල් 1.40 පමණ ඔහු මෙරටට පැමිණ අභ්‍යන්තර ගුවන් ගමන් සඳහා භාවිතා කරන කුඩා ගුවන් යානයකින් අනුරාධපුරය බලා පිටත්ව ගොස් තිබේ.
විදේශ කටයුතු අමාත්‍ය මංගල සමරවීර මහතාගේ ආරාධනයකට අනුව ඔවුන් මෙරටට පැමිණ ඇත.
ටෝනි බ්ලෙයාර් මහතා සති දෙකක් මෙරට රැදී සිටින බවද වාර්ථා වෙයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
සුමිත් ඔයා ලෝක ඉතිහාසය ඉගෙන ගෙන කතා කරන්න. ලිබියාවේ යුද්දය ඇතිවෙන්නේ ගඩාෆි කියන ඒකාධිපතියා නිසා. ඒ රටවල තියෙන ආගමික අන්තවාදය හා ගෝත්‍රික ගැටුමුත් බලපානවා. තමන් මිනීමරාගෙන ඔක්කොම වැරදි ඇමරිකාවට, බ්‍රිතාන්‍යට හෝ ඊශ්‍රායලයට පටවන එක අරාබින්ගේ ඉස්සර ඉදලම තියෙන පුරුද්දක් (නදී)
ලංකාවේද දැන් ඇත්තේ ටෝනි බ්ලෙයාර්ලාගේ මුල් මැතිවරණ ප්‍රකාශන ප්‍රතිපත්තිය නේද? (නි)
මේ ඡන්දෙ වෙලාවේ මෙයාව මෙහෙට ගෙන්නුවේ මොකද? (නි)
ඉස්සරනම් ඉතින් ආවේ හොඳට ඒඩ්ස් තියෙන වනචාරී රටවල නායකයොනේ. මේක පුද්ගලික සංචාරයක් බව තමයි ඇහෙන්නේ.(නදී)
සුදත්, ඉන්දික වගේ අය නිසා තමයි නොයෙකුත් රටවලට සුද්දන් ගෙන් බැට කන්න සිදුවුනේ. මේ ගමන ඇතුලේ මොකක් හරි දෙයක් තිබෙනවා. (නදී)
සති දෙකේ වියදම කොහෙන්ද කියලා අපි දැනගන්න කැමතියි (නි)
ගුවන් තොටුපොළෙන්ම හරවලා යවන්න තිබුනේ (නදී)
ඉරාකය ඇතුළු මධ්‍යදරනී මුස්ලිම් රටවල් නොනවතින යුද්දයකට ඇද දැමු දේශපාලකයෙක්. (නදී)
පසුගිය අවුරුදු 10 නම් ආවේ වැඩකට නැති රටවල නායකයෝ..මෙවැනි රාජ්‍ය නායකයින් පැමිණිමත් වාසනාවන්.....සාදරයෙන් පිළිගනිමු.. (ම)
ඇයි දැන් මෙහෙ එන්නේ? (නි)
සුදත් වගේ බඩගෝස්තරවාදීන්ට ඔය රටවල් විනාශ කරන අයව ලොකු වුනාට අපි දන්නවා උන් මොකටද එන්නේ කියලා. (බ)
අද අපේ රටේ දුම්රියක් දුවන්නෙත් සුද්දා නිසා. ඒකට මොකද ඔයාලා යුරා්පෙට බනිනවා හැමදාමත් (නදී)
කොහෙන් නවතියිද ? (නදී)
ටෝනි බ්ලෙයාර් කියන්නේ කෙලින් නායකයෙක් ! එතුමාගේ පැමිණීම අගය කරනවා.(නදී)
අපේ රටේ ඡන්දෙත් බලාගෙනම යන්න පුලුවන් (නි)
ලොව ලේ විලක් කල කෙනෙක් (නදී)
මෙයා භයානකයි. ගිය තැන ඉවරයි. ලිබියාව, ඉරාකය ගැන දන්නේ නැත්නම් එංගලන්තේ මිනිස්සුගෙන් අහන්න (නදී)