මුදල් විශුද්ධිකරණය සම්බන්ධයෙන් හම්බන්තොට දිස්ත්‍රික් පාර්ලිමේන්තු මන්ත්‍රී නාමල් රාජපක්ෂ මහතාගෙන් අද (14) පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය පැය 6ක් පුරා ප්‍රශ්න කළේය.
පොලිස් මූල්‍ය අපරාධ කොට්ඨාසය කළ දැනුම් දීමක් මත රාජපක්ෂ මහතා පෙරවරු 10ට එහි පෙනී සිටි අතර මෙම ප්‍රශ්න කිරීම පස්වරු 4 දක්වා පැවැත්විණි.
ප්‍රශ්න කිරීමෙන් අනතුරුව මාධ්‍ය වෙත අදහස් දැක්වූ රාජපක්ෂ මහතා පැවසූවේ තමන් කුඩා කාලයේ බැංකු පොතේ තැන්පත් කළ ටිකිරි ගිණුම්වල මුදල් පිළිබඳ සෙවීමට පොලිසිය පුදුමාකාර ලෙස උනන්දුවන බවත් මෙම උනන්දුව රටේ අපරාධ මැඩලීමට යොදන්නේ නම් මේ රටේ අපරාධ මැඩලිය හැකි බවත් පැවසීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නම ටිකිරි ගිණුම් වුණාට තැන්පතු නම් ටිකිරි වෙන්න බැහැ (නි)
අපි බලාගෙන ඉන්නේ අවසාන ප්‍රතිඵලය එනතුරු (නි)
ඔහොම යමුකෝ! (නි)
සමහරු ගසාකෑවේ රුපියල් ලක්ෂ ගණන් වලින් නෙමෙයි, රුපියල් කෝටි ගණන් වලින්. (නි)
පවු කියලත් හිතෙනවා වෙලාවකට (නි)
දිගටම හිටියා නම් ටිකිරි ගිණුම් මෙගා ගිණුම් වෙන හැටි බලන්න තිබුණා (නි)
අපි හොයලා බලමුකෝ (නි)
අනේ පව් චූටි බලල පැටියා (ම)
මේ ඔක්කොමටම පිස්සු. ගසාකෑම් හොයන්න ගත්තොත් යහපාලනයේත් ද්වේශපාලනයේත් ඉන්න ඔක්කොටම අයිතිවෙන්නෙ හිර ගෙදර.ඒ නිසා මතක කියාගන්න මේවා මාධ්‍ය සංදර්ශන පමණයි. දේශපාලනඥයින් කරන හොරකම් අල්ලන්න බෑ. අහුවෙන්න හොරකම් කර ඇත්නම් ඔහු දේශපාලනයට සුදුසු නෑ. පවු කියල හිතෙනවා පොදු ජනකාව ගැන. ඊයේ පෙරේදා ඇටෙන් පොත්තෙන් එළියට ආපු කොලු ගැටව් මොනවද දන්නේ ලංකාවේ දේශපාලනේ ගැන. 1970 සිට මේ දක්වා මේ රටේ හිටපු දේශපාලනඥයින්ගේ වත්කම් හොයා බැළුවොත් ඇත්ත සත්‍ය කුමක්ද යන්න වැටහේවි. මහාපරිමාන හොරකම ආරම්භ කළේ 1977 න් පසුවයි. (අ)
මන්ත්‍රීවැටුපෙන් ජීවත් වන අහිංසක මිනිස්සු (අ)
අනේ පව් නාමල් බබා (ම)
අනේ පවු! (නි)
සම්පත් හරි.පාර්ලිමේන්තුවට පත්වෙන සියලුදෙනාම හැමදාම දිනුම්.ඡන්ද දායකොයෝ අපි දින්නත් හැමදාම පරාදයි.
සම්පත් - ඔබ තරමක් දුරට හරි රාම රාවන යුද්දේ පටන් මේ දේශයේ තිබුණේ අක්‍රමිකතා . එල ගොන් සහ මී හරක් අන් පටලවාගෙන රට කරන මෙකල්හි අතොලස්සක් වූ සිංහයන් වල වැදී වඳ වීගෙන අවසානය ළඟ කරගෙන ඇත (අ)
ටිකිරි ටිකිරි ටිකිරි ලියා පොතත් අරන් බැංකු ගියා... පොත වටකර සුපිරි ලියා කෝටිගණන් දාල ගියා.... ටිකිරි ටිකිරි ටිකිරි ලියා ටිකිරි ගිණුම මගෙයි කියා.... පොත බලන්න එන්න කියා කිව්වම මට හිනා ගියා.... (නි)
අපේ දරුවන්ට රුපියල් 500ක් ටිකිරි ගිණුමක දැම්මට අපිට කවදාවත් පොලිසි යන්න වුණේ නැහැ. ටිකිරි ගිණුමේ, සුපිරි මුදලක් ඇති. ඒකයි ටිකිරි මොළේ ගැන ප්‍රශ්න කරලා තියෙන්නේ.එතකොට දැන් වෙන ගිණුමක් නැද්ද පුතේ? (නි)
අනේ පවු එයාගේ ටිකිරි ගිණුම! (නි)
කොහොමද ටිකිරි මොළේ? (නි)
මමත් හිතනවා සම්පත් ගොඩාක් දුරට නිවැරදියි කියා. දේශපාලනය කළ අතළොස්සයි හොරකම් ගසාකෑම් නොකර නිවැරදිව රටට ආදරෙන් සේවයක් කළේ. (නි)
ගිණුම් ටිකිරි වුණත් මුදල අධිකයි. (නි)
ටිකිරි ටිකිරි ටිකිරි ගිණුම්-රහස් පොලීසියට ගියා (නි)
අනේ මහත්තයෝ, බොරු නම් එපා අපිට. වරදක් කර ඇත්නම් පිළිගන්න (නි)
දැන් ඉතින් කාගෙ කාගෙත් ටිකිරි-සුරංගනා කතා ඉවරයි. අපි බලමු ඉස්සරහට වෙන දේ... (නි)
ගිණුම ටිකිරි වුනත් ලොකු මුදල් කන්දරාවක් ඒ ගිණුමට අවේ කොහොමද කියල විමර්ශනය කරන එක නේද කළ යුතු දේ . ඉතින් ඔය වගේ මාධ්‍යයට අදහස් දක්වන කොට පොඩ්ඩක් අපිට දැනගන්න කියන්නකෝ ඒ ටිකිරි ගිණුමේ මිලියන් කීයක් විතර තියෙනවද කියල. (ම)
පව්! ටිකිරි ගිණුමේ සල්ලි වලින්ද පහුගිය කාලේ සෙල්ලම් දැම්මේ? (නි)
අවසාන ප්‍රතිඵලය බලන්න හරි උනන්දුවෙන් අපි බලා ඉන්නවා. (නි)
දේශපාලනයේ අතපොත් තියන පොඩි අයත් පටන්ගන්නේ රුපියල් ලක්ෂ ගණන් වලින්නේ (නි)
බොහොම හොඳයි. මේවා සොයාබලන්න අවශ්‍යයි (නි)
සම්පත් දන්නා තරම තමයි (නි)
ඇත්තටම මේවා කාට කාටත් හොඳ පාඩම් (නි)
ගිණුම මොකක් වුණත් එහි මුදල් ගැන සැකයක් ඇත්නම් ඒ ගැන හොයන එක සාධාරණයි (නි)
දැන් රටේ මිනිස්සු හරිම බුද්ධිමත්. ලේසියෙන් රවටන්න බැහැ කාටවත් (නි)
ඇත්තටම බොහොම හොඳ දෙයක් (නි)
මේ ගැන ගැඹුරින් අධ්‍යයනය කර ප්‍රතිඵල අපිටත් දන්වන්න (නි)
වංචා චෝදනා ඇති අනෙක් අය ගැනත් හොයන්න (නි)
මම අවුරුදු 7 ක් තිස්සේ දුක්විඳිනවා මගේ පුතාට කාර් එකක් අරගෙන දෙන්න.තව අවුරුදු 40 කින් විතර මට පුළුවන් වේවි. එහෙම බලනකොට මෙයාලා ගැන අපිට මොනවද හිතෙන්නේ? (නි)
අපි බලා ඉඳිමු මොකද වෙන්නේ කියලා (නි)
මහජනතාව වන අපිට සාධාරණයක් අපි බලපොරොත්තු වෙනවා (නි)
1970 සිට මේ දක්වා මේ රටේ සිටි දේශපාලනඥයින්ගේ වත්කම් හොයාබැලුවොත් ඇත්ත කුමක්ද යන්න වැටහේවි. (නි)
තම පියා ජනාධිපති වුණ නිසාම, ක්ෂණිකව, සිතන්නට නොහැකි තරමේ ධනවතුන් වූ මේ පුතුන්ට මේ මුදල් ලැබුනේ කෙසේද යන්න සොයා බලා , ඒවා ජනතා මුදල් නම් ආපසු ඒවා නැවත ජනතා සන්තක කළයුතුය (නි)
හරි අමාරුවෙන් හම්බකරපු සල්ලිනේ මේ (නි)
හොයන්න හොයන්න. අපිත් බලාගෙනයි ඉන්නේ (නි)