
(යොහාන් භාසුර)
ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලට සුදුසුකම් ලැබූ නාවික හමුදා වෙඩිතැබීමේ ශූරී ටෙහානි එගොඩවෙල නායක කාන්තා සංඥා තනතුරෙන් සුළු නිලධාරී සංඥා තනතුර දක්වා උසස් කිරීමට නාවික හමුදාපති වයිස් අද්මිරාල් නිශාන්ත උළුගේතැන්න මහතා පියවර ගෙන තිබේ.
ටෙහානි එගොඩවෙල, ටෝකියෝ ඔලිම්පික් ක්‍රීඩා උළෙලේ වෙඩි තැබීමේ කාන්තා තරගාවලියේ මීටර 10 වායු රයිෆල් ඉසව්ව නියෝජනය කිරීමට නියමිතය.
නාවික හමුදා මූලස්ථානයේදී අද (16) පැවැති ඇගයීමේ උත්සවයේදී නාවික හමුදාපතිවරයා ඇයට රුපියල් 250,000 ක මුදල් ත්‍යාගයක් ද පිරිනැමීය.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ඔබතුමියට ඔලිම්පික් පදක්කමක් ගැසීමට ධෛර්යය, වාසනාව ලැබේවා කියා ඉතසිතින් පතමි.
ජයවේවා දුවේ...! කොහොම හරි දිනාගෙන එන්න.
ඔලිම්පික් තරඟයට යන ටෙහානි නැගණියට, මගේ උණුසුම් සුබ පැතුම් පිරිනමමි... පදක්කම් දිනාගැනීමේ ධෛර්යය, ශක්තිය හා වාසනාව ඔබට හිමිවේවායි පතමි..