එංගලන්තයේ සිට පැමිණ ශ්‍රී ලංකාවේ ජීවත්වන ඉංග්‍රීසි ජාතික තරුණියක දැන් සමාජ වෙබ් අඩවි තුළින් ශ්‍රී ලාංකික තරුණ පරපුරේ සදාදරණීය මිතුරියක් බවට පත්වී සිටින්නීය. ඇය නමින් කැසී ට්‍රේවිස් වුවද ශ්‍රී ලංකාව පුරා ප්‍රසිද්ධියට පත්වී ඇත්තේ “ටුක් ටුක් කෙල්ල” යනුවෙනි. ත්‍රීවීලරයක නැගී ගීත ගායනා කරමින්, කොළඹ නගරයේ සැරිසැරූ ඇය සිංහල භාෂාවද හොඳ හැටි ඉගෙන ගෙන ඇති බවද පෙනෙනු ඇත. ඒ සඳහා කදිම උදාහරණය වන්නේ ඇය විසින් ප්‍රදීප් රංගනගේ "පෙම් සිහිනේ" ගීතය ගායනා අයුරුයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd