2008 දෙසැම්බර 28 වැනි දා මඩකලපුව අරයම්පති ප්‍රදේශයේ දී පාසල් ගුරුවරුයකු වූ මනෝහාර් ඇතුළු දෙදෙනකු ඝාතනය කළැයි සැකපිට තමිල් මක්කල් විදුතලෛ පුලිගල් (ටීඑම්වීපී) පක්ෂයේ ලේකම් සහ නැගෙනහිර හිටපු මන්ත්‍රි පූපාලපිල්ලේ ප්‍රිෂාන්තන් ලබන 28 වැනි දා තෙක් යළි රිමාන්ඩ් කරන ලෙස මඩකලපුව මහේස්ත්‍රාත් එම් එන් අබ්දුල්ලා මහතා නියෝග කළේය.
දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී ජෝසප් පරරාජසිංහම් ඝාතනයට සැකපිට ටීඑම්වීපී පක්ෂයේ නායකයා වූ පිල්ලෙයාන් ද රිමාන්ඩ් බාරයේ පසු වෙයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අමතක කරන්න එපා, කරුණා සහ පිල්ලෙයාන් අන්තිම කාලේදී කොටි පරදවන්න විශාල සහයක් ලබාදුන්නා. ඒත් ඉතින් දැන් කොටි පරදවන්න වැඩකළ හැමෝටම අපල කාලයක්නෙ... හමුදාව, මහින්ද, ගෝඨා කළදේවල් අමතක ජනයාට මෙයාලා කළ දේවල් මතක තිබේද? (නි)
සුසන්ත, කොටි පරදවන්න කෙනෙක් උදව් දුන්නා කියා වැරදි වැඩ කළ අයට දඬුවම් නොකර සිටින්නට පුළුවන්කමක් නොමැත. ස්වාමීන් වහන්සේ කෙනෙක් වුවත් මිනිහෙක් මැරුවොත් දඬුවම් විඳින්න සිදුවෙනවා. නීතිය සෑම දෙනාටම එකම වියයුතු මිස වෙන වෙන විදියට ක්‍රියාත්මක කිරීමට නොහැක. (නි)
අමතක කරන්න එපා කරුණ අම්මාන්ලා, පිල්ලෙයාන්ලා කළ මිනිස් ඝාතන. කරුණ අම්මාන්ලා, පිල්ලෙයාන්ලා කොටි පරදවන්න සහයදුන් හැටි අහගන්න ඕනෑ යුධබිමේ සටන්කළ රණවිරුවන්ගෙන්. දේශපාලනය කරගසාගෙන වීරෝධාර රණවිරුවන්ට අවමන් කරන්න එපා. (නි)