යාපනය දිස්ත්‍රික්කයේ මානිප්පායි, ආනෙක්කෝඩ්ඩෙයි, කූලාවඩි ප්‍රදේශවල ඉඩම් ආරක්ෂක අංශ වෙත පවරා ගැනීමේ සුදානමක් ඇතැයි කියමින් යාපනය දිස්ත්‍රික් ලේකම් කාර්යාලයය ඉදිරිපිට පිරිසක් විරෝධතාවක් ඇරැඹූහ.
විරෝධතාවයට එක් වූ දෙමළ ජාතික සන්ධානයේ උතුරු පළාත් සභා මන්ත‍්‍රී එම්.කේ.ශිවාජිලිංගම් මහතා පැවසූවේ කූලාවඩි ප‍්‍රදේශයේ ඇතුලු තවත් ප්‍රදේශ කිහිපයක සාමාන්‍ය වැසියන්ගේ ඉඩම් ආරක්ෂක අංශ විසින් පවරා ගැනීමට විරුද්ධව දිස්ත‍්‍රික් ලේකම්වරයා වෙත පෙත්සමක් භාරදීමෙන් අනතුරුව විරෝධතා වැඩසටහන පැවැත්වු බවයි.
දිසාපතිවරයාගේ කාර්යාලයේ දොරටුව ඉදිරිපිට පැවැත්වු විරෝධතාවය හේතුවෙන් දිසාපතිවරයාට කාර්යාලයේ ඉදිරිපස දොරටුවෙන් පැමිණීමට නොහැකිවීමෙන් කාර්යාලයේ පසුපස දොරටුවෙන් දිසාපති වරයාට පිට වීමටද සිදු විය.
දිසාපති වරයාගේ දොරටුව වසා විසඳුමක් ලැබෙන තුරු ඉවත් නොවන බව පවසා එහි ඉදිරිපිට හිඳගැනීමෙන් පසුව අදාල ස්ථානයට පැමිණි යාපනය පොලීසිය හා එහි සිටි දෙමළ ජාතික සන්ධාන පළාත් සභා මන්ත්‍රී වරුන් අතර උණූසුම් තත්ත්වයක් හට ගත් අතර ඉන් පසුව ඉන් පිරිසකට යාපනය දිසාපති නාගලිංගම් වේදනායගම් මහතා හමුවීමට අවස්ථාව ලැබිණි.
අදාළ බලධාරීන් දැනුම්වත් කරන බවට දිසාපති පොරොන්දු වීමෙන් පසු විරෝධතාව අවසන් විය.




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
යහපාලනය නියමයි නේද? හොඳ වැඩේ. හොඳ හොඳ සෙල්ලම් ළඟදීම බලාගන්න පුලුවන් (නි)
දකුණේ දෙමළ මිනිසුන්ට සිංහල අය එක්ක ඉන්න පුළුවන් නම් ඇයි උතුරේ මිනිසුන්ට බැරි. ප්‍රභාකරන් උතුරෙන් පන්නපු සිංහල මිනිස්සු නැවත ඒ ඉඩම් වල පදිංචි කළයුතුයි. එතකොට තමයි නියම සංහිඳියාව ඇතිවෙන්නේ. (නි)
මේක ශ්‍රී ලංකාවනේ. මේක සුළු දෙයක් එම පිරිසට (නි)
නැහැ මම මේ නොදන්නා නිසා අහන්නේ. දැන් ඒ පැත්ත එයාලට දීලද? මේ රටේ අනෙක් පළාත් හතේම සංවර්ධන කටයුතු සඳහා අපේ පාරම්පරික ඉඩම් රජයට පවරා ගන්නවා. බැහැ කිවුවොත් නීතිය ඉදිරියට ගෙනවිත් දඬුවමකුත් කරලා ඒවා පවරා ගන්නවා. එක රටක තිබෙන්නේ එක නීතියයි. අපට වලංගු නීතයක් එයාලට වලංගු නැහැ කියන්නේ ඇයි? (නි)
මේ අදහස් දාපු කට්ටිය පොඩ්ඩකට හිතලා බලන්න තමන්ගේ ඉඩම් මෙයාකාරයෙන් හමුදාවෙන් බලෙන් අත්පත් කරගත්තා කියලා. එහෙම වුණොත් අනේ කමක් නැහැ ගන්න කියලා කරබාගෙන ඉඳීවිද? පොඩ්ඩක් සානුකම්පිතව හිතලා බලන්න හැමදේටම කොටි අවතාර යැයි කියන්නේ නැතුව (නි)
අපේ ඉඩම් ආරක්ෂක අංශ වලට පවරාගන්නවා කිව්වොත් අපි ඉතින් එක හිතින් ඒවා ගන්න කියනවනේ නේද? (නි)
මේක පුදුමාකාර සංහිඳියාවක්නේ! (නි)
යාපනයේ සිංහල මිනිසුන්ගේ ඉඩම් දෙන්නේ කොයිකාලෙද? ඒ අයටත් තියෙන්නේ මොනවාහරි කරන්න (නි)
අනේ ඉතින් අපි මොනවා කියලා කියන්නද මේවට. (නි)
මොවුන්ගේ ඡන්දෙන් පත්වූ අය මේවා නොදැක්කා වගේ ඉන්නේ ඇයි? (නි)
හා හා ඉල්ලන දෙයක් දෙන්න, සංහිඳියාව බිඳෙයි නැත්තම් (නි)
කාගෙ උවමනාවටද මේ වගේ වැඩ කරන්නෙ? (නි)
ටී.එන්.ඒ = කොටි අවතාර.(අ)
හොඳ හොඳ සෙල්ලම් එළිවෙන ජාමෙට කිවුවලු (නි)
ඔහෝම යන් ඔය පට්ටන් ගත්ත විතරයි (අ)
ඉඩම් බලතල.පොලිස් බලතල .නැතුව ඔහොම නම් ?ඉදිරිය ගැන හිතාගන්න මොලේ තියන .අයට බාරයි.වැඩිය දේවල් දාන්න බෑ ජාති අලෙ නිසා පලවෙන්නේ නෑ (අ)
තව සෙල්ලන් ඉස්සරහට බලාගන්න පුළුවන්.ඔය පටන් ගන්නේ ටික ටික . අනිවාර්යෙන් හමුදාව හෝ පොලිසිය මුන්ගෙන් ගුටිකන දිනය වැඩි ඈතක නෙවෙයි. (අ)
අය්යෝ, අහෝ, කියනවා මිසක් වෙන මොනවා කියන්න ද දැන් ඉතින්.(අ)
සහින්දියාව සිහිනයක් නොවේවා (අ)
මෙම ප්‍රදේශවල සිංභල ඡනතාව පදිචි කරන්න..දමිල ඡනතාව කොළඹ ඉනනේ ලසසනට. (අ)
එන් ජි ඔ මධ්‍යස්ථානයකට නම් පළාතම දෙයි.(අ)
මුන්ගේ ඔලු පලන්න බැරිද පොලිසියට කියල නීති දෙකක් එකම රටේ සිංහල උන් කළා නම් පැණි හැලෙන්න ගහල රටට වෙන්න යන දෙය ටැමිල් අයට දෙන්න වෙයි මම හිතන විදියට ගියොත් (බ)