උතුරේ අතුරුදන් වූවන් හා යුද අපරාධ සෙවීමටත් යුද සිරකරුවන් මුදා ගැනීමටත් දෙමළ ජාතික සංධානය අලස හා ගොළුබෙළි පිළිවෙතක් අනුගමනය කරතියි උතුරේ අතුරුදන් වූවන් වෙනුවෙන් පිහිටුවා ඇති සංවිධානය යාපනය වීරසිංහම් ශාලාව ඉදිරිපිට උද්ඝෝෂණයක් පවත්වා දෙමළ ජාතික සන්ධාන මන්ත්‍රී එම් ඒ සුමන්තිරන්ගේ පඹයකු පිළිස්සීය.
දෙමළ ජාතික සන්ධානයේ නායක ආර් සම්බන්දන් මහතා ද විරෝධතාකරුවන්ගේ චෝදනාවට ලක් විය. ඔහු පැමිණ සිටියේ ද නැත.
ශ්‍රී ලංකාවට එරෙහිව එක්සත් ජාතීන්ගේ සංවිධානයේ මානව හිමිකම් කවුන්සිලයේ වාර්තාව මාර්තු මාසයේ දී ඉදිරිපත් නොකර සැප්තැම්බර දක්වා කල් දැමීම ගැන ද ඔවුහු විරෝධය පළ කළහ.
රජයේ නිල නිදහස් උළෙලට පාර්ලිමේන්තු ක්‍රීඩා පිටියේ දී සහභාගී වීමෙන් ඔවුන් දෙමළ ජනයාට අසාධාරණයක් කළ බව ද උද්ඝෝෂකයෝ කීහ.
දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප්‍රකාශක පාර්ලිමේන්තු මන්ත්‍රී සුරේෂ් ප්‍රේමචන්ද්‍රන් මහතා එම උද්ඝෝෂණයට එක් වී සිටියේය.
සම්බන්දන් හා සුමන්තිරන් යන දෙදෙනා රජයට හිතවත්කම් දැක්වීම නිසා දෙමළ ජනතා අයිතිවාසිකම් දිනා ගැනීමට නොහැකි වී ඇතැයි ද මානව හිමිකම් වාර්තාව ලබන මාර්තු මාසයේ ඉදිරිපත් කළ යුතු යැයි ද ඔහු පැවසීය.
‘අතුරුදන් වූ ඥාතීන් තවම ජීවත් වෙතියි දෙමළ ජනතාව දැඩි ලෙස විශ්වාස කරනවා. ඒ නිසා රජය ඊට විසදුම් දිය යුතුයි. අලුත් ආණ්ඩුව ප්‍රජාතන්ත්‍රවාදය ගැන කතා කරනවාට වඩා ඔවුන්ගේ යහපත් ක්‍රියාවලින් දෙමළ ජනතාවට යහපතක් කරන බව පෙන්විය යුතුයි.





COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අනිවාර්යෙන්ම දකුණේ යුද සමයේ මැරුණු හා අතුරුදන්වන් ගැනත් සාධාරණ පරීක්ෂණයක් සිදු කර නිසි දඩුවම් තිබිය යුතුයි (දිල්)
මහින්ද මහත්තයා නේද රටට නිදහස ලබා දුන්නේ (දිල්)
යුද්දෙන් විනාශ වුණේ දෙමළ මිනිස්සු විතරද ? දැන් ඔය විලාපය නවත්තලා හැමදෙනම එක්ව ඉදිරියට යන්න.(හේ)
සමාදානෙන් කිසි දෙයක් තේරුම් ගන්න මේ අයට බැහැ වගේ ..යුද ජයග්‍රහණ නොලැබුනානම් බලන්න තිබුණා මේ අයගේ අනාගත පරම්පරාවට වෙන දේ .(හේ)
නැවත ජාතිවාදය අවුසලා තවත් ලක්ෂ ගානක් බිල්ලට දෙන්නද මේ අය ලෑස්ති වෙන්නේ ,(හේ)
සමීර, භෞතික යුද්ධයට නිමකිරීමත් සමග කළ යුතුව තිබු දෙය නොකිරීම වරදක්.(හේ)
මේ අය තමයි ප්‍රභාකරන්ට සහයෝගය දුන්නේ. (නදී)
"වැඩි සෙනෙහස දබරයට "කියන්නේ ඕකට වෙන්න ඇති. (නි)
යුද්ධයෙන් මියගිය හා අතුරුදන් වූ හමුදා සෙබලුන් ගැනත් පරීක්ෂණයක් පැවත් විය යුතුයි. (නි)
ඉවසීමෙන්,කල්පනාවෙන් කටයුතු කරමු. (නි)