IMG-LOGO

2025 දෙසැම්බර් මස 14 වන ඉරිදා


ටීඑන්ඒ ඡන්දේ සංවේදී අපේක්ෂකයාටයි

දෙමළ ජනතා ගැටලූ වලට මෙන්ම එම ජනතාව වෙනුවෙන් වඩාත්ම සංවේදී වන අපේක්‍ෂකයා වෙනුවෙන් මෙවර ජනාධිපතිවරනයේදී සහය දීමේ සූදානමක් පවතින බව දෙමළ ජාතික සන්ධානයේ මාධ්‍ය ප‍්‍රකාශක පාර්ලිමේන්තු මන්ත‍්‍රී සුරේස් පේ‍්‍රමචන්‍ද්‍රන් මහතා කිය.

ජනාධිපති වරණයේදී සිංහල ජනතාව බලන කෝණයෙන් නොවේ. දෙමළ ජනතාව බලන්නේ සමහර අයට  ඕනෑ විධායක ජනාධිපති ක‍්‍රමය අහෝසි කරන්න නමුත් මේ දෙමළ ජනතාවට ඊට වැඩිය ප‍්‍රශ්න තිබෙනවා. ජාතික ප‍්‍රශ්නයට දේශපාලන විසඳුමක් අපට ඕනෑ. දැන් ප‍්‍රධාන අපේක්‍ෂකයන් දෙන්නකු ඉන්නවා. ඒ අතරින් දෙමළ ජනතාවගේ ප‍්‍රශ්න වෙනුවෙන් අවධානය යොමු කරන පුද්ගලයා ගැන තමයි අපි බලන්නේ.  අපේ පක්‍ෂ නායකයින් හා සාමාජිකයින් ඉතා ඉක්මනින් රැස් වෙලා තමයි තීරණය ගන්නේ. ඉන්පසු රටට කියනවා.

 

 

 

 

 

 

 



අදහස් (0)

ටීඑන්ඒ ඡන්දේ සංවේදී අපේක්ෂකයාටයි

ෂෙල්ටන් Friday, 28 November 2014 03:39 AM

මහින්ද මාතියට දුන්නා නම් උතුරත් දකුණ වගේම දියුණු වෙයි (නදී)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Friday, 28 November 2014 05:17 AM

සිංහලයා ආප්ප කනවා කැවුම් කනවා. අපි හෙමින් තල තෙල් ගාලා ලංකාවම කනවා. වැඩිය පරක්කු නොවී...(ස)

:       0       0

නදීෂා Friday, 28 November 2014 05:21 AM

අපිට ඉන්න එකම සංවේදී නායකයා මහින්ද ජනපතිතුමයි (ස)

:       0       0

පබ්ලිස් අප්පුහාමි Thursday, 27 November 2014 05:41 PM

කාරිය කෙරෙන තුරු කාගේත් සැලකිල්ල.(නදී)

:       0       0

සඳුනි Thursday, 27 November 2014 12:11 PM

ඕකේ බලන්න දෙයක් නැහැ. ගිය පාර පොන්සේකාට. මේ පාර මෛත්‍රීට. අපි නම් කල් තියාම දන්නවා. (නදී)

:       0       0

ලලිත් Thursday, 27 November 2014 08:09 PM

මට නම් පෙනෙන විදියට ඔබතුමාලා සහය දෙන්න ඕනේ මයිත්‍රී කණ්ඩායමටයි. බලන්න කොයි තරම් ජනතාවට සංවේදී ද කියල. එතුමා කියනවා විධායක ජනාධිපති කම රටට හෙනයක් නිසා විධායක අගමැතිකමක් ඇතිකරනවා කියනවා. බණ්ඩාරනායක මැතිනි කියනවා රාජපක්ෂලගේ ෆයිල් බලල දෙන්නම් බැටේ කියලා. ප්‍රේමදාස මහත්තයා කියනවා මෛත්‍රී පෙරහරේ කසකාරය විතරයි අපි තමයි කරඬුව ගෙනියන්නේ අලිපිට යන්නේ කියල. අන්තිමට ජනතාව නන්ගී පෙන්නලා අක්කව දෙන්න යන හැටි බලල ඉතාම සංවේදීව ඉන්නවා. (නදී)

:       0       0

දිලිප් Thursday, 27 November 2014 12:19 PM

දුන්න විසදුම් දැක්කනේ තව මොනවද බලන්නේ (නදී)

:       0       0

ඇසළ Thursday, 27 November 2014 12:32 PM

අපේකෂකයත් එක්ක ගිවිසුම ගහල ඇති දැනටම. මේ පාර ඉල්ලන් කන්නේ හමුදාවන් නෙමෙයි ජනතාවගෙන්. (නදී)

:       0       0

නිසාර් Thursday, 27 November 2014 12:33 PM

කොටියා හිටියා නම් හොඳ ගානක් අහවල් සමාගමෙන් අරගෙන තුවක්කුව හැරෙන පැත්තට සංවේදී වෙනවා (නදී)

:       0       0

චින්තක Thursday, 27 November 2014 12:46 PM

මොනවා බලන්නද මාතියා , ප්‍රබාකරන්ගේ හොල්මන කියන විදිහට කරමු (නදී)

:       0       0

බණ්ඩා Thursday, 27 November 2014 12:54 PM

ඔයාල හැමදාම කරේ මහින්ද දිනවන්න කටයුතු කරපු එක නේ. මේ පාරත් ඒකම කරන්න (නදී)

:       0       0

බමුණු Friday, 28 November 2014 11:17 AM

කවුරු බලයට ආවත් පොලිස් සහ ඉඩම් බලතල ලැබෙන්නේ නැත. එහෙම දෙන්න හදන කෙනෙක් බලයට එන්නෙත් නැත. (හේ)

:       0       0

තුවාන් Friday, 28 November 2014 02:20 AM

2005 දී එජාපයට ජන්දේ දාන්න හිටපු මිනිස්සුන්ට ජන්දේ දාන්න නොදී මහින්ද මහත්තයව දිනෙව්වනේ. දැනුත් ඒකම කරන්න (නදී)

:       0       0

ඔබේ අදහස් එවන්න

 

 
 

මේවාටත් කැමතිවනු ඇති

ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි 2025 දෙසැම්බර් මස 04 677 2
ශ්‍රී ලංකාව යළි ගොඩනැගීම වෙනුවෙන් HUTCH සමාගම රුපියල් ලක්ෂ 600 ක සුවිශේෂී මූල්‍ය දායකත්වයක් ලබා දෙයි

’දිට්වා’ සුළි කුණාටුව හේතුවෙන් ඇති වූ ආපදා තත්ත්වය හමුවේ, රට යළි ගොඩනැගීමේ ජාතික මෙහෙවරට කඩිනමින් සහාය පළ කරමින්, HUTCH සමාගම ’Rebuild Sri Lanka’ අරමුදල වෙත රුපියල්

ශ‍්‍රී  ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025  SLIM  ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී  (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි. 2025 නොවැම්බර් මස 21 551 1
ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ්, 2025 SLIM ජාතික විකුණුම් සම්මාන රාත‍්‍රියේදී (SLIM National Sales Awards) සම්මානයන්ගෙන් පිදුම් ලබයි.

ශ‍්‍රී ලංකා ඉන්ෂුවරන්ස් ලයිෆ් හි විකුණුම් කණ්ඩායම විකුණුම් වෘත්තිකයන් ලෙස විශිෂ්ටත්වය කරා යන ගමනේදී ඔවුන්ගේ උනන්දුව සහ කැපවීම වෙනුවෙන් 2025 ශ‍්‍රී ලංක

ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න. 2025 නොවැම්බර් මස 17 446 0
ඕනම වෙලාවක - ඕනම තැනක ඉඳන්, මේ අළුත්වෙන කරදරලස් Trend එකට Set වෙන්න.

දවසින් දවස අපි හැමෝගෙම ජීවිත හිතාගන්න බැරි තරම් කාර්යබහුල වෙනවා! ඒ busy life එක අස්සේ shopping කරනවා කියන්නේ තවත් ලොකු කාර්‍යභාරයක් නේද? හවසට වැඩ ඇරිලා ගෙදර යන ගම

Our Group Site