MTV/MBC මාධ්‍ය ජාලයේ ටී.වී.1 නාළිකාව විසින් විදේශීය ටෙලිනාට්‍ය කිහිපයක්ම සිංහලෙන් හඬ කවා විකාශය කිරීමට කටයුතු යොදා තිබේ. ඒ "සරස්වතීචන්ද්‍ර", "මේ ආඩම්බරකාරී", "පුංචි මනාලි" යන ටෙලිනාට්‍යයි.
රාම්ලීලා, දේව්දාස්, බජිරාවෝ මස්තානිවැනි දැවැන්ත සිනමා නිර්මාණ බිහිකළ සම්මානනීය ඉන්දීය චිත්‍රපට අධ්‍යක්ෂ සංජය ලීලා බන්සාලිගේ ප්‍රථම හා එකම ටෙලිනාට්‍යය වන "සරස්වතීච්න්ද්‍ර" සෑම සතියේ දිනකම රාත්‍රී 8.30ටත්, දකුණු ආසියාවේ රටවල් 07ක විකාශය වූ හා ඉතා ඉහළ ප්‍රේක්ෂක ආකර්ෂණයක් දිනාගත් ඉන්දීය ටෙලිනාට්‍යයක් වන "බාලිකා වදු" ටෙලිනාට්‍යය "පුංචි මනාලී" නමින් (සිංහලෙන් හඬ කැවූ) සතියේ දිනවල රාත්‍රී 7.00 ට විකාශය කෙරේ.
එසේම දකුණු කොරියාවේ උන්මාදනීය වෙනසක් ඇතිකිරීමට සමත් වුණු අතිශය ප්‍රේමනීය "සීක්‍රට් ගාර්ඩන්ස්" ටෙලි නාට්‍යයසිංහල හඬකැවීම් සහිතව සතියේ දිනවල රාත්‍රී 7.30ට විකාශය වේ.
ටී.වී.1 නාළිකාව UHF51, 53, 58,59 සහ ඩයලොග් ටී.වී. අංක 10න් හා පියෝ ටී.වී.අංක 12න් නැරඹිය හැක.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd