“ප්‍රාදේශිය ලේකම් කාර්යාලයට ගියාම බදාදා දවසක ඉඩම් අංශයේ දවස් තුන හතරක් සාමාන්‍ය කෙනෙක් රස්තියාදු වෙනවා. හරි තොරතුරක් කාර්යාලයෙන් ලැබෙන්නේ නැහැ. මහජනයා පමා නොකර එම ක්‍රමවේදය ඉතාමත් ක්‍රමවත් කැර ඉඩමේ අයිතිය ලබාදිමට ඉදිරියේ දි ක්‍රමවත් වැඩපිළිවෙළක් ක්‍රියාත්මක කරන බව ඉඩම් රාජ්‍ය ඇමැති ටි.බි.ඒකනායක මහතා අද (16) බත්තරමුල්ලේ පිහිටි ඉඩම් අමාත්‍යාංශයේදී වැඩ බාර ගැනීමේදී පැවසුවේය.”




COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
අර සපත්තු ජෝඩුව දැන් කොහේද දන්නෙ නැහැ (නි)
කොච්චර කාලයක් ඇතුළත ඔය ක්‍රමවේදය ක්‍රියාත්මක කරන්න පුළුවන්ද? (නි)
ඔහොම යමුකෝ! (නි)
බොහොම සන්තෝෂයි මහත්තයෝ (නි)
මෙතුමාට ජයවේවා! (නි)
ඇමැතිතුමනි අර මහින්ද සුළඟක් ගැන කීවා මතකයි. මොකද වුණේ ඒකට (බ)
දියුණු රටවල් වල ඔය බොහොමයක් කාර්යයන් තමන්ගේ නිවසේ සිටම පරිඝනකය හරහා කරගත හැකියි. ලංකාවෙත් නිවසේ සිට බැරිනම් ග්‍රාමසේවක කාර්යාලවලට ගොස් එම කටයුතු කරගැනීමට අවස්ථාව සලස්වා දීමෙන් කාලයත් ප්‍රවාහන වියදමත් එමගින් සිදුවන පරිසර විනාශයත් නවතිනවා. නමුත් මෙම ක්‍රමය ලංකාවේ කිහිප වරක්ම එළිදැක්වීමට උත්සහ කලත් ඔය ඔබ තුමා පිටුපසින් ටයි පටි එල්ලගෙන සිටින පරිපාලන නිලධාරීන් එයට අකමැතිවීම නිසා අසාර්ථක වුණා. ඔවුන්ගේ බල පරාක්‍රමය රැකගැනීමට එම බලතල නැවතත් ඔවුන් අතටම ගත්ත. කිසියම් ලේඛනයක් ග්‍රාමසේවක මහතාගේ අත්සන යොදා සහතික කල පසු එම ලිපි ලේඛන නිල ලියුම් කවරයක අදාල ප්‍රාදේශීය කාර්යාල වලට යොමු කරනවා වෙනුවට එය අතින් රැගෙන අදාල පුද්ගලයා ප්‍රාදේශීය ලේකම් කාර්යාලයට ගොස් පය ගණනක් බැංකුවක වැඩිවී වායු සමීකරණය කල කාමරයක වැඩ සිටින පරිපාලන නිලධාරී උත්තමය මුහුණට මුහුණ බැහැදැක අනුමත කරව ගැනීමට සිදුවන අවස්ථා භෝමයක් තිබෙනවා. ගමේ කටයුතු වෙනුවෙන් ගම්මුන් එතුමා බැහැදකිනවා වෙනුවට ඒ උත්තමයා ගමට වැඩම්මවිමට හැකිනම් ජනතාවගේ කාලයත් මුදලත් ඉතිරි වෙනවා. කෙසේ උවත් රජ පාලන සමයේ නොහැකි වූ දේ කිරීමට යහපාලන සමයෙවත් හැකිවේවා යයි පතමි. (බ)
කරන්න පුළුවන් නම් ලොකු දෙයක් (නි)
අන්න ඒක නම් ලොකු සහනයක් (නි)