ශ්‍රී ලංකාවේ සිදු වීයැයි කියන යුද අපරාධ සම්බන්ධයෙන් අන්තර්ජාතික පරීක්ෂණයක් සිදු කළ යුතු බවට තමන් පෙර සිටි ස්ථාවරයේ කිසිදු වෙනසක් නැතැයි දෙමළ ජාතික සන්ධානය කියයි.
ඒ සම්බන්ධයෙන් සහනදායි වැඩ පිළිවෙළක් ක්‍රියාත්මක කිරීමට ලංකාව සහ ඇමෙරිකාව සමග ගිවිසුමක් අත්සන් කළ බවට පැතිරයන කතාවේ සත්‍යතාවක් නැතැයි ද එම පක්ෂය පවසයි.
සියලු පුරවැසියන්ට යුක්තිය ඉටු කිරීමට සහ සමානාත්මතාවයෙන් සැලකීමට සහ නොබෙදුණු ඒකීය ශ්‍රී ලංකාවක් ගොඩනැගීම තම අපේක්ෂාව බව ද දෙමළ ජාතික සන්ධානය සඳහන් කරයි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
දැනගැනීමට අවශ්‍ය නිසයි අහන්නේ. යුද හමුදාව විතරද මේ අපරාධ කරලා තිබෙන්නේ?? කොටි ත්‍රස්තවාදීන් ගම් පිටින් සමූලඝාතනය කළා, අසරණ නිරායුද ගොවියන්, දරුවන් ඝාතනය කළා, ප්‍රසිද්ධ ස්ථාන වල බෝම්බ තියලා සිය ගණන් සිවිල් ජනයා ඝාතනය කළා. ඒවා අපරාධ නොවේද????(හේ)
ලංකාවේ මහ ජාතිය සිංහල කියලා කිව්වට මම නම් මේ දක්වා කිසිම මාධ්‍යයක දැක්කේ නැහැ කොටි ත්‍රස්තවාදීන් යුධ අපරාධ කළායැයි කියා පැහැදිලි හඬක් නඟපු සිංහලයෙක් (නි)
මස් රාත්තලම ඉල්ලීම (බ)