උතුරු පළාත් සභාවේ ප්‍රසාද මන්ත්‍රීන් වශයෙන් දෙමළ ජාතික සන්ධානයේ මන්නාරම් දිස්ත්‍රික්කයේ පරාජිත අපේක්ෂක අයුග් නස්මින් මුළු ධුර කාලය සඳහා ද, මුලතිව් දිස්ත්‍රික්කයට තරඟ කර පරාජය වූ මේරි කමලා ගුණසීලන් පළමු වසර සඳහා ද පත් කරනු ලැබ සිටිති.
පළාත් සභා අමාත්‍යධුර පත් කිරීම සන්ධානයේ ඊළඟ කාර්ය බව එහි ප්‍රකාශකයෙක් කියයි.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
ටී.එන්.ඒ එකට උතුර දියුණුව කරා ගෙනයාමට හැකිවෙයි කියල හිතන්න පුළුවන් .. මේ ඡන්දයේදී ඔවුන් කටයුතු කල ආකාරය ඉතාම හොඳයි .. ඒ වගේම ඔවුන්ගේ ආකල්පත් හොඳ බව පෙනෙනවා (නදී)..
හොරු, වංචාකාරීන්, කපටියන්, දුෂකයින්, චන්ඩින් ළං නොකර ගැනීමට වගබලා ගත යුතුයි. ප්‍රධාන පක්‍ෂ වලට ඔබතුමන්ලා ආදර්ශයක් දෙන්න. බහුතර සිංහල ජනයාගේත් විශ්වාසය දිනාගන්න. ලාංකික ලෙස සිතන්න පුරුදු වන්න (නි)
මෙවන් අසීරු අවස්තාවක ඔබලාගේ ප්‍රවිෂ්ඨ වීමේ ක්‍රමය ප්‍රෂන්සාත්මකයි. දැන් අප අතරට අවශ්‍ය හොඳ විශ්වාසයක් පමණයි. නමුත් දකුණේ 'ජුදාස්' වැනි ආත්මාර්ථකාමී දේශපාලකයන් මෙය විනාශ කර දැමීමට බෙහෙවින් ඉඩ ඇත.(නදී)
පරාජිත අපේක්ෂකයින් පත් කරන එක කොයි තරම් සදාචාරාත්මකද? පැරදුනා කියන්නේ ඡන්දදයකයන් විසින් ප්‍රතික්ෂේප කළා කියන එක නේද? (නදී)
මන්නාරම් ආසනයක් මුස්ලිම් කෙනෙකුට දීම සතුටට කරුණක්. ටී එන ඒ එකට මගේ ප්‍රණාමය (නදී)
දැනට ඉන්දියාවේ ක්‍රියාත්මක වන නුසුදුස්සන් යැයි මුළුමනින්ම හෝ ඡන්ද දායකයාට කෙලින්ම ප්‍රකාශ කිරීමට හැකි නව ක්‍රමය ලංකාවටත් හදුන්වා දිය යුතුමයි.(නදී)