එක්සත් රාජධානිය යටතේ පවතින ස්කොට්ලන්තයේ ක්‍රියාත්මක පූර්ණ ලෙස බලතල විමධ්‍යගත කර ඇති ෆෙඩරල් පාලනය පිළිබද අධ්‍යයනය කිරීම සදහා දෙමළ ජාතික සන්ධානයේ පිරිසක් ස්කොට්ලන්තය බලා පිටව ගියහ.
දෙමළ ජාතික සන්ධානයේ නායක සහ විපක්ෂ නායක ආර් සම්බන්දන් මහතා පසුගිය 25 වැනි දා ලන්ඩනයේ දෙමළ සමුළුවකට එක් වීම සදහා පිටව ගිය අතර ඔහු ද බ්‍රහස්පතින්දා (28) ස්කොට්ලන්තය බලා යාමට නියමිතය.
ස්කොට්ලන්තයේ ආණ්ඩුක්‍රම ව්‍යවස්ථා නීති විශාරදයින්ගේ උපදෙස් මත ස්කොට් ලන්තයට සමාන ආකාරයෙන් උතුරේ අර්බුදයට ෆෙඩරල් විසදුමක් සහිත යෝජනාවලියක් සකස් කිරීමට දෙමළ ජාතික සන්ධානය සැලසුම් කර ඇත.
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
මහින්ද මහත්මය සෞදීද ඉන්නේ ? අරාබි මිනිස්සු වගේ හැම වෙලාවේම ගහ මරා ගෙන ඉන්න පුරුදු වෙලා වගෙයි නේද ?හැමෝම සමග සහයෝගයෙන් ඉන්න අකමැතියි වගේ .දියුණු රටවල වියවස්ත වලින් ගන්න දේවල් තියෙනවා .ඔය අරාබි කාරයොත් අරාබි මිනිසුන් විතරයි ඔවුන්ගේ රටේ ඉන්න ඕනේ කිවුවොත් ඔබටත් අකුලාගෙන එන්න වෙනවා .ලෝකේ බහුතරයක් ගහ මරාගන්න කැමති නැති සාමකාමී මිනිසුන් නිසා තවමත් ලෝකය විනාශ නොවී තියෙනවා නේද ?බලන්න වාසු දේව මහත්තයයි විග්නේශ්වරම් මහත්තයයි මස්සිනාල .ඕගොල්ලෝ ජාති අලය කියා කියා විස පතුරන්න එපා මහත්තයෝ (බ)
ස්කොට්ලන්තයත් දැන් වෙන් වෙන්න ජනමත වීචාරණයක් ඉල්ලන නිසා එ්කත් හිමිහිට තව අවුරුදු කීපයකින්ම ලංකාවටත් කරගන්න පුළුවන්. නියමයි ! (බ)
ඇයි ටී.එන්.ඒ එක තහනම් කරන්නේ නැත්තේ ? (බ)
ඔය එන්නේ ටික ටික එළියට ඔහොම යමුකෝ බලන්න (බ)
කතුතුමනි එච්එන්බී දැන්වීම නිසා අදහස් දැක්වීම අමාරුයි එය ඉවත් කරන්න (බ)
ඔය එන්නේ කොටිය මල්ලෙන් එලියට කෝ දැන් යහපාලන කුක්කෝ (බ)
ඔහොම කතා කරන්න එපා සුසන්ත. මේ මිනිස්සු එක එක රටවල් වලට ගියාට ආණ්ඩුව පළිද? (නි)
තමන්ගේ ලෙයින් මසින් ඉපදෙන අනාගත දු දරුවන්ට ආදරයක් ඇති සිංහලුනේ, යහපාලන වේවා ඒකාධිපති වේවා මේ සිංහල රටයි කියන්නට බැරි, සිංහල අයිතිය රැකදෙන්නට බැරි දේශපාලන බල පෙරේතයින් පන්නා දැමීම සඳහා කාලය පැමිණ තිබේ. (නි)
සුසන්තගේ,ඉල්ලීම මමද අනුමත කරමි. (කෞ)
ලෝකෙම උන් මෙහෙ එද්දී උඹල මොකටද එහෙ යන්නේ? (කෞ)