පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයෝ පිරිසක් යාපනය දිස්ත‍්‍රීක්කයෙන් මකුළුවා ලකුණින් ස්වාධීනව තරග කරති.
මෙවර මැතිවරණයේදී පුනරුත්තාපනය වූ හිටපු කොටි සාමාජිකයින් දෙමළ ජාතික සන්ධානයෙන් තරග වැදීමට ඉල්ලා සිටියද එය ප‍්‍රතික්‍ෂෙප විය.
මකුළුවා ලාංඡනයෙන් යාපනය දිස්ත‍්‍රීක්කයට තරග වදින හිටපු කොටි සාමාජිකයින්ගේ කණ්ඩායම් නායකයා වූ නඩේසපිල්ලෙයි විද්‍යාධරන් උදයන් හා සුඩර්ඕලි පත්‍රවල හිටපු කර්තෘවරයෙකි. ඔහු කියා සිටින්නේ උතුරු නැගෙනහිර මුල් බැසගත් දේශපාලනයට තම පක්‍ෂයේ ආගමනයෙන් බලපෑමක් එල්ලකොට ජනතාවාදී යුගයක් බිහි කිරීමට අවස්ථාවක් උදා වන බවයි.
රටේ එකමුතුකම හා සංවර්ධනයට උතුරත් දකුණත් අත්වැල් බැඳගත යුතු බවත් උතුරේ තරුණයින් පිරිසක් හම්බන්තොට පැමිණ ශ්‍රමදානයක් කිරීමට කැමති බවත් විද්‍යාධරන් කියයි.
දෙමළ තරුණ ආකල්ප ගැන දෙමළ ජාතික සංධාන නායකයන්ගේ ආකල්පද කාලීනව වෙනස්විය යුතු බව ඔහු පවසයි.

![01[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/0111.jpg)
![02[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/0211.jpg)
![03[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/0311.jpg)
![05[1]](https://bmkltsly13vb.compat.objectstorage.ap-mumbai-1.oraclecloud.com/cdn.lankadeepa.lk/admin/wp-content/uploads/2015/07/0511.jpg)
COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
විය යුත්තේ ඕක තමයි. ජාති ආගම් බේදයෙන් තොරව එකාමෙන් අත්වැල් බැඳ ගත යුතුයි හැමෝම. මොකද අපි හැමෝම ශ්‍රී ලාංකිකයෝ නිසා. (ර)
අපි හැමදාමත් බලාපොරොත්තු වුනේ මෙි දේ තමයි දැන්වත් තේරෙන එක ලොකු සතුටක්. (ර)
මකුළුවා මස් කන සතෙකි (අ)
අද යාපනයේ 80% තරුණ පිරිස ඉන්නේ ඔබගේ ඔය මතය පසුපසයි. අලුත් දේශපාලන සංස්කෘතියක ආරම්භයක් සුභ පැතුම් (නදී)
මම ඔබේ සිතුවිලි අනුමත කරනවා. අපි මිනිසුන් ලෙස සිතිය යුතුයි (බ)
අපි ජිවත් වෙන ඉතා සුළු කාලය සතුටින් සහෝදරත්වයෙන් ජිවත් වීමට අපි සියලු දෙනාටම සිත් සතන් පහල වේවා . (ම)
සුභවාදීව සිතා මොවුන්ගේ ව්‍යායාමයට අපිත් උපකාර කරමු. කොච්චර ලස්සන රටක්ද මේක දේශපාලුවෝ නෙවෙයි නම්. (ස)
දකුනේ සිංහල අන්තවාදීන්ගේ ආකල්පත් වෙනස්වුනානම් තමා හොද (බ)
ටී එන් එල් එකෙත් එහෙම වෙන්න ඕනේ , ටී එන් ඒ එකේ විතරක් නෙවෙයි. (ස)