අධිකරණයට අපහාස කළ චෝදනාවලට වැරදිකරු වී  ගලගොඩඅත්තේ ඥානසාර හිමියන්ට අධිකරණයෙන් පැන වූ සිරදඬුවම ක්‍රියාත්මක කිරීමට පියවර ගන්නැයි අභියාචනාධිකරණය අද නියම කළේය.

විවෘත වරෙන්තු නිකුත් කර තිබූ ඥානසාර හිමියන්ව බන්ධනාගාර නිලධාරීන්  අද අභියාචනාධිකරණය හමුවට ඉදිරිපත් කළේය.

ඉදිරිපත් වූ කරුණු සලකා බැලූ අභියාචනාධිකරණය ඥානසාර හිමියන්ට අධිකරණයෙන් පැන වූ දඬුවම ක්‍රියාත්මක කිරීමට අවශ්‍ය පියවර ගන්නැයි බන්ධනාගාර කොමසාරිස් ජෙනරාල්වරයාට නියම කළේය.