නඩු විභාගයක් සඳහා අධිකරණයේ පෙනී නොසිටීම හේතුවෙන් බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමි ඇතුළු තිදෙනකු අත්අඩංගුවට ගැනීමට කොළඹ කොටුව මහේස්ත්‍රාත් ප්‍රියන්ත ලියනගේ මහතා අද (12) වරෙන්තු නිකුත් කළේය.
ඉස්ලාම් භක්තිකයන්ගේ කුරානයට අපහාස කිරීම හා ජාතික බල සේනාවේ මාධ්‍ය හමුවකට බාධා කිරීම යන චෝදනා සඳහා ඥානසාර හිමි ඇතුළු පිරිසකට අධිකරණයේ නඩුවක් ගොනු කර තිබිණි.
නඩු විභාගය නොවැම්බර් 9 වැනිදාට කල් තැබිණි.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
නිතිය කාටත් පොදු විය යුතුය. (ර)
අප ද දැඩි බෞද්ධ මතධාරීන් තමයි. ඒ නිසාම රටේ පවතින නීතියට අවනතයි, නීතිගරුකයි. (ර)
ඉටුකොට තම සතු යුතුකම් ලැබුණත් ලෝකෙන් ගැරුහුම්... (ර)
නිවැරදි නම් බයනැතුව උසාවි ඇවිල්ලා ඔප්පු කරන්න කියන්න (නි)
හාමුදුරුවෝ උසාවියට යන්න ප්‍රමාදවුණේ ඊයේ කොළඹ සහ රාජගිරිය පැත්තේ වාහන තදබදය නිසාද දන්නෙ නැහැ (නි)
මෙයාලා නිසා තමයි ලංකාවට වින්නැහියක් වෙලා තියෙන්නේ , උපරිමය කරන්න (බ)
හොඳ පාඩම (බ)
එතකොට තුනුරුවන්ට අපහාස කරපු අයට මුකුත් නැද්ද? නිතිය කාටත් පොදු විය යුතුය. නමුත් ලංකාවේ එසේ නොවේ ක්වාසි නමින් අධිකරන වර්ගයක් ලංකාව පුරා ඇත (බ)
සිංහල බෞද්ධ කමට සුළු ජාතීන්ගේ ක්‍රියාකාරකම් වලින් සිදුවෙන හානිය ගැන බලන්න කවුරුත් නැහැ.(ම)
වරදක් කර ඇත්නම් කවුරුන් වුවද දඬුවම් විඳිය යුතුයි (නි)
නීතියට අවනත වීම කෝටියක් සංවර ශීල වලින් එකක් කැඩීමක් නොවේ . අපේ හාමුදුරුවනේ.උසාවියට වැඩම කර ඔබ වහන්සේගේ නිර්දෝෂිභාවය දක්වන්න. (බ)
මේකෙ හාමුදුරුවන්ට බනින කාට හරි පුලුවන්නම් ගිහින් අරාබි රටක ගිහින් පන්සලක් හෙම හදලා, හාමුදුරුවො කෙනෙක් එක්ක පොඩ්ඩක් අවට සිරි නරඹන්න හරි එලියට එක්කන් යන්නකො,හාමුදුරුවො කවදාවත් කාටවත් හානි කරන්න කියලනම් කියුවෙ නෑ, මොකද අපේ ආගමේ වත් එහෙම කියල නෑ,සමහරුන්ගේ වගේ. කට්ටියට අමතක ඇති අර හලාල් කියල එකක් හදුන්වලා දීලා රජයෙ අවසරයක් නැතිවම ප්‍රකෝටි ගනනක් සල්ලි ගසන් කෑව. ඒවාට කතාකරන්න තරම් හයියක් තිබුනෙ වත් මේ හාමුදුරුවන්ට විතරයි. නොදන්න නොන මහත්වරු දන්නවද දන්නේ නෑ ක්වාසි අධිකරන කිය්නෙ මොනවද කියලා, ෂරියා නීතිය කියන්නෙ මොකක්ද කියලා, එවගේ නීතියකින් අපේ අර අවුරුදු 17 කොල්ල නිදහස් වුනා වගෙ හරි වැරැද්ද පහුවෙලාවත් බේරගන්න තරම් පුලුවන් කමක් තියෙන නීතියක් නෙමෙයි, (බ)
බොදු බල සේනා සංවිධානය ශක්තිමත් විය යුතුයි. (ර)
ලක්සිරි උදාහරණයක් කියන්න ? අවුරුදු දහස් ගණන් මේ මිනිස්සු අපිත් එක්ක සහයෝගයෙන් ඉන්නේ. (ර)
නීතියට අවනත වී අනෙක් ජාති ආගම් වලට ගරු කරමින් නිර්මල බුදුදහම ආරක්ෂා කරගමු අපේ හාමුදුරුවනේ. (ස)
බලාගෙන ලාල් මහත්තයෝ ඔයාව "හ ලාල්" වෙයි. (අ)
බෞද්ධකම, ජාතිය ගැන කතා කරන්න ගියාම, ඔන්න මේ රටේ වෙන දේ. (ස)
කුම්බලා කරවල කෑවා නම් විඳවාපන් බළලෝ කිව්වලු. ගෝඨා එක්කම උසාවියට යන්න තමා තියෙන්නෙ දැන්. (බ)