බොදු බල සේනා සංවිධානයේ මහ ලේකම් ගලගොඩඅත්තේ ඥානසාර හිමිට එරෙහිව ගොනුකර ඇති නඩුවේ සාක්කි ලෙස ඇති වීඩියෝ දර්ශන පරීක්ෂා කිරීමට මොරටුව විශ්ව විද්‍යාලයට බාරදුන් බවත් මෙතෙක් ඒ සම්බන්ධයෙන් වාර්තාවක් ලැබී නැති බවත් අපරාධ පරීක්ෂණ දෙපාර්තමේන්තුව අද (27) කොටුව මහේස්ත්‍රාත් අධිකරණයට දැන්වීය.
ඒ අනුව නඩු විභාගය ඔක්තෝබර් 12 වැනිදා තෙක් කල් තැබිණි.
කොම්පඤ්ඤවීදිය පොලිසිය අසලදී කුරානයට අපහාසාත්මක අයුරින් ප්‍රකාශයක් කළැයි කියන සිද්ධියක් හා ජාතික බල සේනාව කොළඹ නිපොන් හෝටලයේ සංවිධානය කළ මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළැයි කියන සිද්ධි දෙකට විත්තිකරුවකු කරමින් ඥානසාර හිමිට එරෙහිව මෙම නඩුව පවරා ඇත.

COMMENTS
Reply To:
Sisira - cb chds hcdsh cdshcsdchdhd
එතකොට අර දන්ත ධාතුන් වහන්සේට අපහාස කළ සිංහල බොදු උරුමයන්ට හානි කිරීම්. මොනවා කරන්නැද්ද මේ රටේ යමක් කළ හැකි ධනවත් බෞද්ධයන් මර නින්දේ කොට.(ම)
මාධ්‍ය සාකච්ඡාවකට බාධා කළා නම් රටේ නීතියට අනුව කටයුතු කළයුතුයි. කුරාණයට අපහාස කළා නම් දේව නීතියට අනුව දඬුවම් ලැබේවි. ඒකට උසාවි යන එකේ තේරුමක් නැහැ. (ර)
පුදුම රටක්...පුදුම බෞද්ධ රටක් මේක... (ස)